පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් බොරුවට අත් අඩංගුවට ගැනීම ගැන පොලිස් ලොක්කන් වැඳ සමාව ගනී

 


පාස්කු දින සිඳුවූ ප්‍රහාරයට සම්බන්ධ බවට අභූත චෝදනා කර තමන් අත් අඩංගුවට ගැනීමෙන් තම මානව අයිතිවාසිකම් කඩ වූ බව⁣ ප්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ඉදිරිපත් කර තිබූ පැමිණිලිකරුවන් පස් දෙනෙකු අතුරෙන් තිදෙනෙකු ඉදිරියේ වග උත්තරකාර හොරොව්පතාන හා කැබිලිතිගොල්ලෑව පොලිස් ස්ථානාධිපතිවරුන් දෙදෙනා වැඳ සමාව ගැනීමෙන් අනතුරුව එම නඩු අප්‍රේල් 01 වන දින  ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සමථයකට පත් කෙරිණි. කෙසේවෙතත් පැමිණිලි කරුවන් දෙදෙනෙකු එසේ සමථයකට පත් වීමට එකග නොවීම නිසා ඔවුන් ඉදිරිපත් කර ඇති මානව හිමිකම් පෙත්සම් විභාගයට ගැනීමටද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරන ලදී.


පාස්කු දින ප්‍රහාරයට පසුව එම ප්‍රහාරයට සම්බන්ධ බවට චෝදනා කරමින්  අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කරන ලද සංවර්ධන නිළධාරියකු ,ගුරුවරයකු ඇතුළු පස් දෙනෙකු මෙම මානව හිමිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත  ඉදිරිපත් කර තිබුණි.

තමන් අත් අඩංගුවට ගැනීමෙන් පසුව ෂහරාන් හසීම්ගේ කෝටි ගණනක දේ⁣පල තමන් සතුව පවතින බවට ජන මාධ්‍ය වාර්තා කළ බවද එම අසත්‍ය තොරතුරු සමාජගත කිරීම නිසා තමන් දැඩි අපහසුතාවට පත් වූ බවද එම පැමිණිලිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම් වල දැක්වේ.

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්