Posts

පොලිස් අැමති උපදේශක උන්නැහේට ඔච්චර ආදරේ ඇයි අප්පා

Image
  සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් බටලන්ද විවාදයේදී පාර්ලිමේන්තුවේදී  මෙසේ සඳහන් කෙරුවේය. "..... දැන් ඊළඟට බලන්නකො.ඔය ගොල්ලන්ගෙ පොලිස් අමාත්‍යංශෙ.ඔව් ඒ පොලිස් අමාත්‍යතුමාගෙ උපදේශකය. රණවීර.එයා තමයි වැලිපැන්න කඳවුරේ නායකයා.රණවීර නීතිය හා සාමය අමාත්‍යංශෙ උපදේශකය.එයාට චෝදනා රාශියක් තියෙනවා.තාජුඩීන් ඝාතනයේ තොරතුරු වසන් කරාය කියල.එයා ලග තියාගෙන තමයි තාජුඩීන් ඝාතනය ගැන හොයන්නෙ. තමුන්නාන්සේලාගෙ නායක තුමාගේ විජේවීරගෙ ගෙදර වැඩ කරපු පක්ෂයේ පූර්ණකාලිකයෙක් සහෝදරිය. කවුද එයා.එයා තමයි කරුණක්කා. කරුණක්කා තමයි විජේවීරගෙ දරුවො බලාගත්තෙ.කරුණක්කගෙ අයිය වැලිපැන්න කඳවුරේ වද දීල මරල දැම්මෙ රණවීර . ..." මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී එසේ සඳහන් කෙරුවේ  අප විසින් අනාවරණය කරන ලද තොරතුරකි.අප අවස්ථා ගණනාවකදී මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ඇමතිවරයාගේ උපදේශක ඩී.එල්.ආර්.රණවීරගේ පැටිකිරිය අනාවරණය කර තිබේ.එහෙත් ඒවා ජාජබ ආණ්ඩුවේ අවධානය⁣ට ගත් බවක් පෙනෙන්නට නම් නොවීය.වඳුරුන්ට බණ කීම ඊට වඩා පහසු බව අපට නොසිතුනා නොවේ.ඩී.එල්.ආර්.රණවීර පොලීසියේ සේවය කළ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකි.ඔ...

ඇමරිකා තානාපති මහින්ද සමරසිංගේ ප්‍රචාරක කයිවාරුවා ජාජබ ආණ්ඩුවේ රෙදි ගලවයි

Image
  ඇමරිකා එක්සත් ජනපදයේ තානාපති වරයා හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහය. ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව විදේශ ර⁣ට වල තානාපති කාර්යාල හා මහ කොමසාරිස් කාර්යාල සඳහා පසුගි ය ආණ්ඩුව පත් කරන ලද වි⁣දේශ තාන්ත්‍රික නියෝජිතයන්ද එම කාර්යාලයන් වල සේවය කිරීමට දේශපාලන හිතවත් කම් මත  පත්වීම් දුන් සියළුම දෙනා ආපසු කැඳවීමක් කරන බවට මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණි. එහෙත් ඇමරිකා එක්සත් ජනපදයේ තානාපති මහින්ද සමරසිංහ ආපසු මෙරට කැඳවා ගැනීමට ආණ්ඩුව ක්‍රියා කර නැත්තේ කවර හේතුවක් නිසාදැයි අපි නොදනිමු.මහින්ද සමරසිංහ යනු දේශපාලනයේ පෙරළෙන පැත්තේ ස්වරූපයට සිය ආත්මයද ⁣පරිවර්තනය කර ගැනීමට දක්ෂයෙකි.අප එසේ ලියන්නේ ඔහු ගේ අතීත දේශපාලන කැරැට්ටුව සහතිකයක් ලෙස තබා ගෙනය . හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ගේ කාලයේදී මහින් සමරසිංහ සිය කාර්යාලයේ මාධ්‍ය සම්බන්ධීකාරකයා ලෙස පත්කර ගත්තේ අශෝක ජයතුංඟ නම් යූඇන්පී ලියන්නාය.ඒ රනිල් වික්‍රමසිංහට සිය පක්ෂපාතිත්වය පෙන්වීමට විය හැකිය.අශෝක ජයතුංග තානාපති කාර්යාලයේ වල් පල් ටිකක් ලියා ශ්‍රී  ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයෙන් වැටුපක් ගත්තේය.ඔහුගේ හැම ලියවිල්ලක්ම අවසානයේ ...

හොරොව්පතානේ පළමුවෙනි ඩී.ආර්.ඕ ගේ කතා වස්තුව

Image
  මෙරට පරිපාලන ක්ෂේත්‍රයේ ඡ්‍යෙෂ්ඨයකුව සිට විශ්‍රාම ගෙන සිටින නීතිඥ ඒ.පී.ඒ .ගුණසේකර ඒ දිනවල ප්‍රසිද්ධව සිටියේ විනිවිද භාවයකින් හා අවංකව පරිපාලන තීරණ ගන්නා නිළධරියකු ලෙසය.ඔහු විසින් රචිත ඔහුගේ ස්වයං චරිතාපදානය වන්නේ හොරොව්පතානේ පළවෙනි ඩීයාරෝ කෘතියයි.ඔහු රාජ්‍ය සේවය තුළ ඉටු කළ කාර්ය භාරය එහි සඳහන්ව ඇත්තේ එක හුස්මට කිය විය හැකි ආකාරයෙනි. සැබැවින්ම ඒ.පී.ඒ.ගුණසේකරගේ ස්වයං චරිතාපදානය රාජ්‍ය නිළධාරීන්ට අත් පොතක් ලෙස නිර්දේශ කළ හැකි තරමේ අපූරු සටහන් වලින් යුතු ග්‍රන්ථයකි. ඔහු රාජ්‍ය පරිපාලන සේවයේ පත් වීම් ලැබූ දින පියා කළ අවවාදය විශ්‍රාම ගන්නා තුරුම ඔහුගේ හෘද සාක්ෂිය කර ගත් බව පැහැදිලිය. "....පුතේ උඹ හෙට අනිද්දට පත් වෙන්නෙ මේ රටේ උසස්ම සේවයට.ඉස්සර කිව්වෙ මේකට සිවිල් සේවය කියල.මේක උඹේ රටයි.රටේ මිනිස්සුන්ටයි කරන්ඩ තියෙන ලොකු වරමක්.බොහොම සීමා සහිත පිරිසකටයි මේ අවස්ථාව ලැබෙන්නෙ. උත්සාහ ගනිං.තැලෙන පෑගෙන මිනිස්සුන්ට සේවයක් කරන්ඩ.ලොකු මිනිස්සුන්ගෙ අසාධාරණ නියෝග වලට ඔළුව පාත් කරලා නීච වැඩ කරන්ඩ එපා.කොන්ද කෙලින් තියගෙන රාජකාරි කරපං.අපේ ඇඟේ දුවන ලේ පිරිසිදුයි.මගේ තාත්ත මට ඒ ලේ පිරිසිඳුව දුන්නා.මම...

ටිල්වින් සහෝදරයාගේ හැඟීම්බර හෘද සාක්ෂියට නොදැනෙන පොලිස් උපදේශක උන්නැහේගේ කෙරුවාව

Image
  පසුගියදා  ස්වාධීන රූපවාහිනී සේවයේ සාකච්ඡාවකට එක්වූ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සහෝදරයා මෙසේ ප්‍රකාශ කෙරුවේය. "...මං හිතන්නෙ අපට මේ දේශපාලනය අතාරින්න බැහැ.අපේ මත මිය  ගිය බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තු  තියෙනවා.හැත්තෑ එකේ පරපුර,අපට කලින් පරපුර,අප සමග එකට දේශපාලනය කළ අය ,අපට දේශපාලනය උගන්වපු අය සහෝදරත්වයෙන් බදාගත් අය බොහෝ දෙනෙක් අපට අහිමි වුනා. ඒ අයගේ මතකයන් තුළ අපේ ඇස් කඳුළින් තෙමෙනවා.ඒ නිසා අතාරින්න බෑ.අතාරින්නෙත් නෑ.මොන හේතුව නිසාවත්.අපේ ළඟින්ම හිටපු අය,අපට අයිය කිව්ව අය අප අත් හැරල ගිහිල්ල අපට අවලාද නගපු අය ඉන්නවා.සමහරු  තවමත් අපහාස කරනවා.ඒ සියල්ල අප ⁣ධෛර්යමත් කරනවා.ඒව අපි වට්ටන කාරණා නොවෙයි.අපි අරමුණක් ඇතිව දේශපාලනය කරනවා.මට විශ්වාසයක් තියෙනවා ඒ අරමුණ දිනනවා කියලා.මගේ ජීවිත කාලය තුළම මම ඒ අරමුණ වෙනුවෙන් පෙනී හිටිනවා..." එහිදී ටිල්වින් සහෝදරයා මේ ප්‍රකාශය කෙරුවේ බොහෝ හැඟීම්බරවය.පක්ෂය වෙනුවෙන් දිවි පිදූ සහෝදරයන් ඔහුගේ  මතකයට එන්නට ඇත.ඔවුන් එසේ දිවි පිදුවේ කෲර වද හිංසාවලට ගොදුරුව බවද සිහිපත් වන්නටද ඇති බව නිසැකය. මෙරට බොහෝ මිනිස් ඝාතනයන් සිදුවූ 80 දශකයේ අවසා...

ජාජබ ආණ්ඩුවේ යාළු මාළු අඹ යාළුවා ටිරාන් අලස්ද ?

Image
  පසුගියදා හිටපු ඇමති ටිරාන් අලස් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ආවේය.ඒ 2022 වර්ෂයේ දෙසැම්බර් 31 දා වැලිගම W 15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කට උත්තර ලබා දීමටය.ඉන්ටඩික් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් බන්ධනාගාර ගත කර ඇත්තේද මේ සිදුවීමටය.ටිරාන් අලස් කට උත්තර දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීම පිළිබඳව මෙරට බොහෝ මාධ්‍ය සිටියේ දැඩි අවධානයකිනි.W 15 හෝටලයේ සිද්ධිය හා පිටුපස සිටින කුමන්ත්‍රණකරුවන් පිළබඳව මේ වන විටත් මාධ්‍ය වලට රහසක් නොවේ.ටිරාන් අලස් කට උත්තර දීමෙන් පසු අත් අඩංගුවට ගනු ඇතැයි මාධ්‍ය වල සිතීම විය.ඒ නිසාම ඇතැම් මාධ්‍ය ටිරාන් අලස් කට උත්තර දීමට පැමිණීම වාර්තා කර තිබුණේ ටිරාන් අද අත්අඩංගුවට"  යන ප්‍රශ්ණාර්ථයත් සමගමය.එහෙත් පැය හයක ප්‍රශ්ණ කිරීමකින් පසුව ටිරාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නිදහසේ පිටව ගියේය.W 15 හෝටලයේ සිද්ධියට හේතුව වූයේ ටිරාන් අලස් ගේ ව්‍යාපාරික ආරවුලක් බව මුළු රටම දනී.එහෙත් ඒ බව නොදන්නේ ජාජබ ආණ්ඩුව හා මෙරට පොලීසියයි.ටිරාන් අලස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැය හයක් තිස්සේ හුරතල් වූ බවට කිසිම සැකයක් නැත.වර්තමානයේදී ⁣සමාජය තුළ මහත් ...

ඌවේ චාමර සම්පත්ට පිටු පෑ සීනිගං දෙවියෝ

Image
  ඌව පළාත් සභාව බදුල්ල රාජ්‍ය බැංකුවක පවත්වා ගෙන ගිය ස්ථාවර තැන්පතු හයක් කල් පිරීමට පෙර ඉවත් කරගෙන රජයට ලක්ෂ 173 ක පාඩුවක් සිදු කරන ලදැයි පැවසෙන චෝදනාවකට  ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාව සිටි  චාමර සම්පත් දසනායක අප්‍රේල් මස 01 දින දක්වා බන්ධනාගාර ගත කර සිටී. එම සිද්ධිය පොදු දේපොළ පනතට ගැනෙන වරදක් බැවින් ඒ පිළිබඳව තවදුරටත් විමර්ශනය කිරීමට නියෝගයක් ලබා දෙන ලෙස⁣ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමටද අධිකරණයෙන් අවසර ලැබී තිබුණි. චාමර සමිපත් දසනායක මේ වන විට බන්ධනාගාර ගත කර ඇත්තේ  පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න 2016 වසරේදී අල්ලස් දූෂණ විමර්ශන කොමිසම වෙත කර තිබූ පැමිණිල්ලක් සළකා බැලීමෙන් අනතුරුවය. ⁣සමන්ත විද්‍යාරත්න අල්ලස් දුෂණ විමර්ශන කොමිසම වෙත කල පැමිණිල්ලත් සමගම 2016 මාර්තු 21 වන දා එවකට ඌව පලාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක සීනිගම දේවාලයට පැමිණ ඌව පලාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී සමන්ත විද්‍යරත්න තමන්ට එරෙහිව සිදු කළ  චෝදනාව සාවද්‍ය චෝදනාවක් බව පවසා  ඔහුට විරුද්ධව පලි ගසා දේව කන්නලව් කර මිරිස් අඹරන ලද බව ඒ දින වල මාධ්‍ය  ...

කොස්ගොඩ ඕඅයිසී ගේ පොහොට්ටු රාජකාරිය තරුණයන්ට හිරිහැරයක් වෙලා

Image
  ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කොට්ඨාශයට අයත් කොස්ගොඩ පොලීස් ස්ථානයේ නව පොලිස් ස්ථානාධිපතිවරයා කොස්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ ගමන් බිමන් යන තරුණයන් සතුව ජාතික හැඳුනුම්පත නොමැති නම් ඔවුන් පොලිස් ස්ථානයට ගොස් පැය කිහිපයක් රඳවා තබා ගෙන සිට මුදා හරින බවට ප්‍රදේශවාසීන් විසින් චෝදනා කෙරේ.මේ පොලිස් ස්ථානාධිපති වරයා කොස්ගොඩ පොලිස් ස්ථානයට පැමිණ ඇත්තේ මෑතකදීය. පොලීසියට රැගෙන විත්  එසේ මුදාහරින තරුණයන් හට මෙම පොලිස් ස්ථානාධිපතිවරයා විසින් එලෙස රාජකාරිය සිදු කිරීමට සිදු වී ඇත්තේ  ආණ්ඩුවේ උපදෙස් මත යැයි පවසන බවද දැන ගැන්මට තිබේ.එසේ නැතහොත් ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ පොදු ජන පෙරමුණෙහි හිටපු පලාත් සභා මන්ත්‍රීවරයකු විසින්  තමන්ට එම තරුණයන් මුදා හැරීමට  උපදෙස් දුන් බවත් පවසා පොලීසියේ රඳවා ගෙන සිටින්නන් මුදා හැරීම සිදු කරන බවත් වැඩිදුරටත් වාර්තා වෙි. කෙසේ වෙතත් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ අග භාගයේදී ජාතික හැඳුනුම්පත නොමැතිව තම නිවස අසල පිහිටි වෙළඳ සැළකට ගිය කලාකරුවකු අතුරුගිරිය පොලීසිය මගින් අත් අඩංගුවට ගැනීමේ සිද්ධිය මෙරට සමාජය තුළ බොහෝ කතා බවට ල...