ජාජබ ආණ්ඩුවේ යාළු මාළු අඹ යාළුවා ටිරාන් අලස්ද ?
පසුගියදා හිටපු ඇමති ටිරාන් අලස් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ආවේය.ඒ 2022 වර්ෂයේ දෙසැම්බර් 31 දා වැලිගම W 15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කට උත්තර ලබා දීමටය.ඉන්ටඩික් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් බන්ධනාගාර ගත කර ඇත්තේද මේ සිදුවීමටය.ටිරාන් අලස් කට උත්තර දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීම පිළිබඳව
මෙරට බොහෝ මාධ්‍ය සිටියේ දැඩි අවධානයකිනි.W 15 හෝටලයේ සිද්ධිය හා පිටුපස සිටින කුමන්ත්‍රණකරුවන් පිළබඳව මේ වන විටත් මාධ්‍ය වලට රහසක් නොවේ.ටිරාන් අලස් කට උත්තර දීමෙන් පසු අත් අඩංගුවට ගනු ඇතැයි මාධ්‍ය වල සිතීම විය.ඒ නිසාම ඇතැම් මාධ්‍ය ටිරාන් අලස් කට උත්තර දීමට පැමිණීම වාර්තා කර තිබුණේ ටිරාන් අද අත්අඩංගුවට" යන ප්‍රශ්ණාර්ථයත් සමගමය.එහෙත් පැය හයක ප්‍රශ්ණ කිරීමකින් පසුව ටිරාන් අපරාධ පරීක්ෂණදෙපාර්තමේන්තුවෙන් නිදහසේ පිටව ගියේය.W 15 හෝටලයේ සිද්ධියට හේතුව වූයේ ටිරාන් අලස් ගේ ව්‍යාපාරික ආරවුලක් බව මුළු රටම දනී.එහෙත් ඒ බව නොදන්නේ ජාජබ ආණ්ඩුව හා මෙරට පොලීසියයි.ටිරාන් අලස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැය හයක් තිස්සේ හුරතල් වූ බවට කිසිම සැකයක් නැත.වර්තමානයේදී සමාජය තුළ මහත් ආන්දෝලනයකට ලක් වී ඇති W 15 හෝටලයේ නඩුව සිරාවට ගනන් ගෙන සිටින්නන්ට අවසානයේදී සිද්ධ වන්නේ සිත රිදවා ගන්නටය.ඒ ගැන සංඥාවක් අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් දැනෙන්නට තිබුණි.ඉන්ටඩික් පොලිස්පති අද මාතර මහේස්ත්‍රාත් අදිකරණයට ඉදිරිපත් කළ අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනපති නීතිඥවරයා හා මාතර මහේස්ත්‍රාත්වරය අතර තිබෙන්නේ ගුරු ගෝල සම්බන්ධතාවකි.මාතර මහේස්ත්‍රාත් වරයා නීතිඥ වෘත්තිය අරඹා ඇත්තේ මේ ජනපති නීතිඥ වරයා යටතේය.සැබැවින්ම මේ හේතුව නිසාම මාතර මහේස්ත්‍රාත්වරයා ගේ විනිශ්චයන් පිළිබඳව අපට අසාධාරණ ලෙස සැක කරන්නට නොහැකි බවද සඳහන් කළ යුතුය.එහෙත් ඒ ගැන අපට මතුවන සැකයද අසාධාරණ නොවේ.ටිරාන් අලස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ කට උත්තරයක් දී ආපසු යාම ඔහු හා ජාජබ ආණ්ඩුව අතර පවතින අඹ යාළු කම ගැන සමාජය තුළ පවතින මතය තව දුරටත් තහවුරු කිරීමක් වූ බව පැහැදිලිය.ටිරාන් අලස් හා ජාජබ ආණ්ඩුව අතර පවතින්නේ ඉදිකටුව හා නූල උදාහරණයට ගත හැකි සම්බන්ධකමක් බව සමාජය තුළ පවතින මතයයි.මේ අඹ යාළු කම මුල පුරන්නේ 2010 වසරේ පැවැති ජනපතිවරණයයි.ඒ මහින්ද රාජපක්ෂ හා ජනරල් සරත් ෆොන්සේකා ජනපති අපේක්ෂකයන් තරඟ කළ ජනපතිවරණය වූ අතර ටිරාන් අලස් හා ජනතා විමුක්ති පෙරමුණ සහයෝගය දැක්වූයේ ජනරල් සරත් ෆොන්සේකාටය.ටිරාන් අලස් පිළිබඳව මෙරට දෙශපාලනය තුළ කතා බහට ලක්වන්නේ 2004 මහා මැතිවරණයෙන් පසුවය.මෙම මැතිවරණයෙන් පසුව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස පත් වූ මංඟල සමරවීර ගුවන්තොටු පොළ හා ගුවන්සේවා අධිකාරියේ සභාපතිවරයා ලෙස පත් කර ගන්නා ලදී.ඉන් අනතුරුව ටිරාන් අලස් හා මංඟල සමරවීර අතර ඇති වූයේ දැඩි මිතුරු සම්බන්ධතාවකි.ඒ මිතුරු කම හරහා ටිරාන් අලස් තම ව්‍යාපාර ගොඩ දාගත්තේය.2005 ජනපතිවරණය පැවැතියේ මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය අවිනිශ්චිත වටපිටාවකය.ඒ බව රාජපක්ෂ කඳවුර ගනන් බලා තහවුරු කර ගෙන තිබුණි.එහිදී උතුරේ ඡන්ද වල හැසිරීම එම ජයග්‍රහණයේ තීරනාත්මක සාධකය විය.මේ වන විට ටිරාන් අලස් හා එල්ටීටිය අතර සමීප සම්බන්ධතාවක් පැවතිනි. එල්ටීටී නායකයන් වූ නඩේසන්,පුලිදේවන්කු මාරන් එමිල් කාන්තන් ආදීන් සමග ටිරාන් ගණුදෙනු කරමින් සිටියේය.රාජපක්ෂ පාර්ශවය සිය ජයග්‍රහණය සදහා කුමන්ත්‍රණකාරී සැළසුමක්සකස් කෙරිණි.රාඩා ආයතනයේ සභාපති ලෙස පත් කරන ලද්දේ ටිරාන් අලස්ය.මේ රාඩා ආයතනය මහා භාන්ඩාගාරයෙන් මුදා හරින ලද මුදල් ප්‍රතිපාදන ඇතුළුව මිලියන 200 ක මුදල් වත්කමකට හිමිකම් තිබුණ ආයතනයකි.රාඩා ආයතනය 2005 .11.28 වන දින ජනපතිවරයාගේ විධානය යටතේ පිහිටුවන ලද ආයතනයක් වන අතර එහි ප්‍රධාන විධායක නිළධාරියා වූයේ ටිරාන් අලස්ය.එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස බී.අබේවර්ධන,තිලක්අමුණුගම,ශාන්ති ප්‍රනාන්දු හා සාලිය වික්‍රමසූරිය පත් කරන ලද අතර මේ සියළුම දෙනා මහින්ද රාජපක්ෂගේ සමීපතම මිත්‍රයන් විය.රාඩා ආයතනය ආරම්භයේදීම ස්වභාවික හේතූන් හා මනුෂ්‍ය මැදිහත්වීම් තුළ නව නිවාස ඉඳිකිරීම එහි න්‍යාය පත්‍රයේ වූ ප්‍රධාන කාර්යයකි.මේ නිවාස ඉදිකිරීම එල්ටීටී පාලන ප්‍රදේශවලද සිඳු කිරීමට එම සැළසුමට ඇතුළත් කරන ලදී.එල්ටීටිය හා ගනුදෙනු කිරීමට බාර වූයේ ටිරාන් අලස්ටය.ඔහු ඒ සදහා එල්ටීටිය සමග සාකච්ඡා කිරීමට එමිල් කාන්තන් සමග කිලිනොච්චියට ගොස් පුවන්තන් නැමැති එල්ටීටී නායකයා හමුවු බව පැවසේ.සියල්ල සිදු වී ඇත්තේ සිතා ගන්නට බැරි තරමේ වේගයෙනි.කෙසේ වෙතත් 2005 සැප්තැම්බර් මාසයේ පැවැති ජනපතිවරණයේදී එල්ටීටී පාලන ප්‍රදේශවල සිදු වූ ඡන්ද වර්ජනය ටිරාන් අලස් ගේ හපන්කමින් සිදූ වූවක්ම විය.ජනපතිවරණ ජයග්‍රහණයෙන් පසු අරලියගහ මන්දිරයට ගිය ටිරාන් අලස් ජනපති මහින්ද රාජපක්ෂ විසින් බදා ගෙන ඇත්තේ මගේ ජයග්‍රහණ සැබෑවක් කෙරුවේ ඔබ යැයි පවසමිනි.පසු කාලයකදී රාඩා මුදල් වංචාව සම්බන්ධයෙන් පැවැති නඩුවෙන් ටිරාන් අලස් ඇතුළු විත්තිකරුවන් නිදහස් කෙරුණේ වංචාවට අදාල ලේඛන වල මුල් පිටපත් නැතිවීම හේතුවෙනි.ටිරාන් අලස් යනු මෙරට දේශපාලනයේ තක්කඩ් කමේ මුද්‍රාවය.ඔහු මෙරට දේශපාලනයේ පතාක යෝදයන් වංචා කළ කපටියෙකි.ඔහුගේ වංචාවට හසු වූවන් අතර ජාජබයේ ප්‍රධාන පෙලේ සහෝදරවරුන් සිටින බවට සැකයක් මතුවන්නේ ඔහු සම්බන්ධයෙන් වර්තමාන ආණ්ඩුව ගෙන යන නෑසූ ඇස් කන් ප්‍රතිපත්තියයි.2024 ඔක්තෝම්බර් 05 වනදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන ලද එවකට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වර්තමාන ඇමති වසන්ත සමරසිංහ ප්‍රකාශ කර ඇත්තේ ටිරාන් අලස් ගේ ක්‍රියා කළාපය නිසා වීසා ගාස්තුව වැඩි වූ බවත් එහි ලාභය රජය හා පෞද්ගලික සමාගමක් අතර බෙදී යන බවය.එම ලාභය බෙදී ගිය ආකාරය සහ ඉන් සෘජුව හා වක්‍රව ප්‍රතිලාභ ලැබූ අය කවුරුන්ද යන්න විමර්ශනයේදී අනාවරණය වී ඇති බවද ඔහු එහිදී පවසා තිබේ.ටිරාන් අලස් වේවා මහින්ද රාජපක්ෂ වේවා වැරදි කරන ඕනෑම අයෙකුට එරෙහිව දේශපාලන පක්ෂ සමාජ තරාතිරම නොබලා නීතිමය පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් එහිදී අවධාරණය කර ඇත.එහෙත් වසන්ත සමරසිංහ සහෝදරයා අමාත්‍යවරයකු බවට පත් වීමත් සමගම ටිරාන් අලස් ශුද්ධාත්මයක් ලෙස ඉහළට එසවී ඇතැයි සැකයක් පවතී.ඒ නිසාම ජාජබ ආණ්ඩුව වීසා වංචාව ගැන නෝ කතාය නෝ සිනාය.2026 වර්ෂයේ ජුනි මාසයේ සිංගප්පූරුවට ගිය ටිරාන් අලස්ට එරටට ඇතුළුවීමට ඉඩ නොදී පිටුවහල් කෙරිණි.එහිදී එරට ආරක්ෂක නිළධාරීන් ඔහුගෙන් ප්‍රශ්ණ කර ඇති බව පැවසේ.2005 වර්ෂයේදී ලංකාවේ පැවැති ජනපතිවරණයේදී එල්ටීටී සංවිධානයේ පාලන ප්‍රදේශය තුළ ඡන්ද වර්ජනය සදහා එම සංවිධානයට මුදල් ලබා දුන්නේ තමන් බව මෙහිදී ටිරාන් අලස් පිළිගෙන තිබේ.එල්ටීටී පරාජය වීමෙන් පසුවද ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධාන සමග තමාට සම්බන්ධතා පැවැති බවද ඔහු වැඩිදුරටත් එහිදී ප්‍රකාශ කර ඇති බවද අනාවරණය වී ඇත.මෙවැනි කපටි හැසිරීම් ඇති කූඨ ජාවාරම් කාරයකු ආරක්ෂා කිරීමට ජාජබ ආණ්ඩුව පොදු මහජනාවගේ බදු මුදල් වැය කරමින් සිටී.මේ වන විටත් ටිරාන් අලස් හට ආරක්ෂාව සැපයීම සදහා විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් 18 දෙනකු සපයා ඇති බවට පොලීසියෙන් ලැබෙන තොරතුරු වලින් අනාවරණය වේ.ටිරාන් අලස් ගේ කෙරුවාව පිළිබඳව සමාජය තුල අනාවරණය වී ඇති තොරතුරු වලට වඩා ඔහුගේ අපරාධ කාරී ජීවිතය ගැන තොරතුරු බොහොමයක් ඇත්තේ වසන් වූ ඉතිහාසය තුළය.සැබැවින්ම ඔහුගේ කෙරුවාව අතිශයින්ම පිළිකුල් සහගතය.මේ මිනිසා මුදල් හා පැවැත්ම තහවුරු කර ගැනීම සදහා සිය සමීපතමයන් පවා දෙන්නෙකි.2010 වර්ෂයේ ජනපතිවරණයේදී මංඟල සමරවීර හා ටිරාන් අලස් ගේ ප්‍රධානත්වයෙන් ජනපති අපේක්ෂකයකු වූ ජනරල් සරත් ෆොන්සේකාගේ ජයග්‍රහණය වෙනුවෙන් වූ මැතිවරණ ප්‍රචාරක කාර්යාලය රාජගිරියේ පිහිටුවන ලදී.එහි මෙරට ප්‍රධාන පෙලේ මාධ්‍ය වේදීන් පිරිසක් සේවය කෙරිණි.ඒ අතරින් නන්දන වීරරත්න වසන්ත කුලතුංග ප්‍රගීත්එක්නැලිගොඩ,සී.ජේ.අමරතුංග ,රුවන් ප්‍රර්ඩිනස් ශාන්ත විජේසූරිය ආදී මාධ්‍යවේදීන් මෙරට ප්‍රධාන පෙලේ මාධ්‍ය ආයතනවල සේවය කළ අයවළුන් විය.මෙහි සේවය කළ ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍ය ක්ෂේත්‍රයේ විවිධ ඉසව් අතර දක්ෂතා ඇති මාධ්‍යවේදියෙකි.පුළුල් දේශපාලන දැක්මක් සහිත ප්‍රගීත් එක්නැලිිගොඩ කාටුන් චිත්‍ර ශිල්පියෙක්ද විය.මෙම ජනපතිවරණයේ ප්‍රචාරය සඳහා ඔහු අපූරු කාටුනයක් සිත්තමට නගන ලදී.එම කාටුනයේ අන්තර්ගතයේ වූයේ පවතින ආණ්ඩුවේ බලය තුළ රාජපක්ෂ වරුන්ගේ මැදිහත් වීම පිළිබඳව වන අදහසකි.ඔහු එම කාටුනය හඳුන්වා තිබුණේ රාජපක්ෂ පවුල් ගස යනුවෙනි.පාර්ලිමේන්තුව නියෝජනය කළ රාජපක්ෂ වරුන් හැරුණ විට රාජ්‍ය ආයතන හා සංස්ථා වල පාලනය සඳහා පත් කර සිටි රාජපක්ෂ ඥාතීන් සමූහයේ අනන්‍යතාව ඉන් අනාවරණය කෙරිණි.එහෙත් එම කාටුනය මුද්‍රණය කිරීමට පෙර මැතිවරණ ප්‍රචාරක කාර්යාලයෙන් අතුරුදන් විය.ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගෙන යන ලද්දේ ඉන් අනතුරුවය.මේ වන විට ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගෙන යාම සම්බන්ධයෙන් කොාළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.ප්‍රගීත් එක්නැලිගොඩ විසින් චිත්‍රයට නැගූ රාජපක්ෂ පවුල් ගස නම් කාටුනයේ මුල් පිටපත සොරකම් කළ පුද්ගලයා කවරෙක්ද යන්න තවමත් අබිරහසක් වුවද ඒ පිළිබඳව ප්‍රතික්ෂේප කළ නොහැකි අදහසක් මේ ලියුම්කරු සතුව පවතී.ඒ අදහස එම ප්‍රචාරක කාර්යාලයේ ඒ දිනවල සේවයේ නිරත වූ මාධ්‍යවේදීන් විමසන විට තහවුරු කර ගත හැකිය.මේ මාධ්‍යවේදීන් පිරිසට අයත් කිසිවකුත් මෙතෙක් රාජපක්ෂවරුන්ගේ දේශපාලනයට සම්බන්ධවී නැත.ඔවුන් සෑම දෙනකුම පාහේ අද වන විටත් නිරතව සිටින්නේ රාජපක්ෂ වරුන්ට එරෙහි දේශපාලන ක්‍රියාකාරකම් වලය.එහෙත් ටිරාන් අලස් ගැන එසේ පැවසිය නොහැකිය.ඔහු ගේ අතීත ක්‍රියාකාරකම් විමසන විට ඔහුට ප්‍රගීත් එක්නැලිගොඩ යනු සිය ජාවාරම්කාර පැවැත්ම තහවුරු කර ගත හැකිව තිබූ අලෙවි භාණ්ඩයක් පමණකි.ටිරාන් අලස් මෙහිදී ප්‍රගීත් එක්නැලිගොඩ රාජපක්ෂ වරුන්ට පාවා දුන් බවට කිසිම සැකයක් නැත.මේ ජාවාරම්කාරයාට බියක් හා ලැජ්ජාවක් නැත.ඔහු එය සිය දේශපාලන ක්‍රියාකාරකම් වලදී පෙන්වා තිබේ.මොහු විසින් සිදු කරන ජාවාරම් හා ගනුදෙනු සඳහා දේශපාලන එදිරිවාදිකම් අදාල නොවීය.ප්‍රගීත් එක්නැල්ගොඩ ගේ ජීවිතය උකසට තබා මොහු තව දුරටත් රාජපක්ෂවරුන් සමග පවතින යාව ජීව සම්බන්ධතාව යාවත්කාලීන කර ගත් බව පැහැදිලිය.පසු කාලීනව ටිරාන් අලස් ගේ දේශපාලනය හැසිරීම විමසීමෙන් එය සත්‍යයක් බවට තහවුරු කර ගත හැකිය.උප්පැන්නයේ සදහන්ව ඇති අප්පා ගේ නම තමන්ගේ නමට එක් කෙරුනද අප්පාගේ කෙරුවාව ටිරාන් අලස්ට ගෑවිලාවත් නැත.කෙසේ වෙතත් ටිරාන් අලස් සම්බන්ධයෙන් සමාජය වෙතින් නැගෙන බොහෝ චෝදනාවන් ගැන ජාජබ ආණ්ඩුවේ කෙරුම්කාරයන් ඉන්නේ තිත්ත කසාය බිව් ගොළුවන් ගාණටය.එහෙත් ආණ්ඩුවේ කෙරුම්කාරයන්ට හැමදාම මෙලෙස නිහඬව සිටින්නට සමාජය වෙතින් ඉඩ හසර නොලැබෙන බව නම් අපට විශ්වාසය.(ලොකු කුමා )
Comments
Post a Comment