පෝරිසාද මැකාවිටි බළලා හා මව්බිමේ ගැලවුම්කාරයාගේ ඩබල් ගේම්
.png)
මෙලේච්ඡ යුගයක නිර්මාතෘවරු බෝධිසත්වයො වගෙ කතා කරන්න පටන් අරගෙන තියෙනවා. පාර්ලිමේන්තුව ගත්තොත් "බුදු අම්මෝ" අපට ඉස්සරහින් ඉන්නෙ බෝධිසත්ව වරුන්.අපි දේවදත්ත වරු.එහෙමයි පෙන්වන්නෙ.අපි පහු කෙරුවෙ ජනතා වාදී යුගයක් නොවෙයි.මෙලේච්ඡ යුගයක්.ඒ යුගයේ සංඛ්‍යාලේඛන දැන් අපට හමුවෙමින් පවතිනවා.සමහරු බස් වල බෝම්බ පුපුරවල තියෙනවා පාලකයො දැන ගෙන. බෝම්බ පිපිරුනාට පස්සෙ එතැනට ගිහිල්ල බලල වේදනාවෙන් කඳුළු හෙලල වැලපෙනවා.තව ටික දවසකින් එළියට එයි වාර්තා.ඒ එන කොට අපි හිතා ගන්න බැරි දේවල් කරපු පාලකයන්ගෙ තොරතුරු එළියට එයි.ශානි ආව කියල වැඩියෙන් කෑගැහැව්වෙ වරදවල් කරපු ඈයො...." අඩු ආදායම්ලාභී පවුල් කිහිපයකට නිවාස ණය බෙදා දීම සදහා පොළොන්නරුව පැවැති උත්සවයකට පසුගිය (11) දින සහභාගි වූ නියෝජ්‍ය අමාත්‍ය ටී.බී.සරත් කුමාර මෙසේ පැවසුවේය.නියෝජ්‍ය අමාත්‍යවරයා ගේ මේ කතාව එතරම් බරපතල ලෙස මෙරට මාධ්‍ය ගණන් ගත් බවක් පෙනෙන්නට නොතිබුණි.එය වඩාත් තහවුරු වී ඇත්තේ කිසිම මාධ්‍යයක් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කතාවෙන් අනාවරණය කරන ලද සැඟවුන තොරතුරු ගැන මෙතෙක් ප්‍රශ්ණ නොකළ නිසාය.තමන් ගවේෂණාත්මකව තොරතුරු අනාවරණය කරන බවට ආඩ...