නිල ත්‍රස්තවාදීන් ගෙන් බණ අහන රජයේ ලොක්කන් නම් මරේ මරුය
ජාජබ රජයේ බුද්ධි අංශ උදාසීන බව අපි මීට ඉහතදී අනාවරණය කෙරුවෙමු.
ඒ ප්‍රවෘත්තිය ඇතමුන් අතේ පැල වෙන බොරු යැයි සිතන්නටද ඇත.ප්‍රශ්ණයක් නැත.අප අපගේ මධ්‍යකරණයේ වගකීම ඉෂ්ඨ සිද්ධ කරමින් සිටින්නේ වගකිව යුතු ලෙසය.එහිලා ඇද පළුදු නොතිබෙනවාද නොවේ.ඒ අප සර්වතෝභද්‍ර මිනිසුුුන් නොවන නිසාවෙනි.ජාජබ ආණ්ඩුවේ බුද්ධි අංශ වල පවතින දුර්වල කම ගැන අප අනාවරණය කෙරුවේ ආණ්ඩුව කෙරෙහි වූ ඉරිසියාවක් වෛරයක් හෝ විපක්ෂ දේශපාලනික ඇරියස් නිසාද නොවේ.අප නියෝජනය කරන්නේ පුරවැසියන් ගේ පාර්ශවයයි.මෙරට ජාතික බුද්ධි සේවාවන් වල දුර්වලකම සෘජුව බලපාන්නේ මෙරට පුරවැසියන්ටය.අපගේ මව්බිම අවස්ථා ගණනාවකදීම කටුක හා අමිහිරි අත් දැකීම් වලට මුහුණ පා තිබේ.ඒ කටුක හා අමිහිරි අත් දැකීම් අවුරුදු තිහ හතලිහක් තිස්සේ පුරවැසින් විඳවූ යුද්ධය විදියටද එසේත් නැතහොත් පාස්කු දින සිඳු කෙරුණ මේලේච්ඡ සහගත බෝම්බ ප්‍රහාරය ලෙසද හැදින්වීමේ වරදක් නැත.එය තවදුරටත් "ගිණි පෙනෙල්ලෙන් බැට කෑ මිනිසා කළාමැදිරියාටත් බයයි"යන මෙරට ජන වහරේ කියමන තහවුරු කරන්නකි.අප වෙත අනාවරණය වූ මේ ප්‍රවෘත්තිය සිත තැති ගැන්වුන තොරතුරක්ම විය.එය ජාජබ ආණ්ඩුවේ බුද්ධි අංශවල ක්‍රියා කාරිත්වය ඉතා බරපතල ලෙස ප්‍රශ්ණ කරන්නකි.පසුගියදා පරිසර අමාත්‍යංශයේ ස්වභාවික සම්පත් කළමණාකාර අංශයේ කාර්ය මණ්ඩලය වෙත බාහිර දේශකයකු විසින් පවත්වන ලද දේශනයක් පිළිබඳව වාර්තා විය.දේශකයා මොහොමඩ් මර්ෂුක් රිලා නම් මඩකලපුව පදිංචිකාරයෙකි. මොහොමඩ් මර්ෂුක් රිලා සිය මුහුණු පොත් ගිණුමේ තමන් පරිසර අමාත්‍යංශයේ පැවැත්වූ දේශනය ගැන සටහනක් ලියා තිබේ.ඔහු එහි එම දේශනය සංවිධානය කළ පත්මා මිස්ටත් නිල්මිනි මිස්ටත් ස්තූති කරන බවද සඳහන් කර ඇත.අප විශ්වාස කරන ආකාරයට ඔහු සඳහන් කර ඇති පත්මා මිස් යනු පරිසර අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරියක වන ආර්.එච්.එම්.පී .අබේකෝන් විය හැකිය.නිල්මිණි මිස් යනුවෙන් ඔහු සදහන් කර ඇත්තේ ස්වභාවික සම්පත් කළමණාකරන අංශයේ අධ්‍යක්ෂිකා නිල්මිණි වික්‍රමරත්න විය යුතුය.මේ වැඩමුළුවට පරිසර අමාත්‍යංශයේ කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකු පමණ සහභාගි වී සිටි බවද පැවසේ.දේශක මොහොමඩ් මර්ෂුක් රිලා කෘෂිකර්මය හා ඒ හා බැඳුණු අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණය හා කාබනික පොහොර නිෂ්පාදනයේ ප්‍රමාණාත්මක දැනුමක් ඇති තැනැත්තෙක් වන්නට පුළුවන.වෘත්තියෙන් ඉංජිනේරුවකු වන මොහු කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳ විශේෂඥ කුසලතාව කවර ආයතනයකින්ලබා ගත්තේද යන්න ගැනත් තහවුරුවක් නැත.එය දන්නේ පරිසර අමාත්‍යංශයේ අතිරේක ලේකම් වරිය හා එහි සම්පත් කළමණාකරන අංශයේ අධ්‍යක්ෂවරිය පමණය.ඔවුන් දෙදෙනාට මේ මොහොමඩි මර්ෂුක් රිලා සම්බන්ධීකරණය කර දුන් අයවළුන් කවරේදැයි සොයා බැලීම ඒ ඒ වගකිව යුතු පාර්ශවයන්ගේ රාජකාරියයි.ඔහු සිය මුහුණු පොත් ගිණුමේ සදහන් කර ඇත්තේ 2025 ජුනි මස 02 වන දා සිට සර්වෝදය ආයතනයේ සේවය කරන බවය.අප සර්වෝදය ආයතනයෙන්ද ඒ පිළිබඳව විමසීමක් කළ අතර ඉන් අපට අනාවරණය වූයේ ඔහු සර්වෝදය වැටුප් ලබන කාර්ය මණ්ඩලයේ නියෝජනය නොලබන බවය.
එහිදී වැඩිදුරටත් සර්වෝදය ආයතනය ඔහුගේ මුහුණු පොතේ සර්වෝදය පිළිබඳව කර ඇති සඳහන ඉවත් කරන ලෙසට උපදෙස් දුන් බව එහි විධායක අධ්‍යක්ෂ දමිත් කුලනායක අප වෙත දැනුම් දෙන ලදී.
මේ මොහොමඩ් මර්ෂුක් රිලා පාස්කු දින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කර සිට ඇප මත මුදා හරින ලද තැනැත්තෙකි.ඔහු පාස්කු දින බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ වූ බවට අනාවරණය වූයේ වෛද්‍ය ෂෆ්රාස් පාස්කු දින බෝම්බ ප්‍රහාරය පිළිබඳව විමර්ශනය සඳහා පත් කරන ලද ජනපති කොමිසම ඉදිරියේ ලබා දෙන ලද සාක්ෂියකිනි.ඔහු මේ සාක්ෂිය රහසිගතව ලබා දීමට ජනපති කොමිසම වෙතින් ඉල්ලීමක් කර ඇතත් කොමිසම ඒ ඉල්ලීම ප්‍රතික්ශේප කර තිබේ.ඔහු එහිදී පවසා ඇති සාක්ෂියේ සංක්ෂිප්තය මෙසේය."..මා කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරයකු ලෙස සේවය කෙරුවා.එසේ සේවය කරමින් සිටියදී මට සවුදි අරාබියේ සේවය කළ මගේ පාසැල් මිතුරෙකු වූ මොහොමඩ් මර්ෂුක් රිලා දුරකථනයෙන් සම්බන්ධ වී ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් තුවාල ලද තම මිත්‍රයෙකුට ප්‍රතාකාර කළ හැකිදැයි විමසුවා.මා එහිදී ඔහුගෙන් ඉල්ලීමක් කළ රෝගියාගේ තුවාල වල ඡායාරූප කිහිපයක් එවන ලෙසට.ඉන් අනතුරුව මර්ෂුක් රිලා රෝගියාගේ ඡායාරූප එවා තිබූණා.එම ඡායාරූප නිරීක්ෂණයෙන් මා වටහා ගත්තා එම රෝගියා ඉතා අසාධ්‍යතත්ත්වයේ පසුවන බව.මා ඔහුට උපදෙස් දුන්නා එම රෝගියා රෝහළට ගෙන එන ලෙසට.පසුව මඩකලපුව සිට එම රෝගියා මහ රෝහලට රැගෙන විත් නේවාසිකව ප්‍රතිකාර ලබා දීමට මා මැදිහත් වුනා.එම රෝගියා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සහරාන් ගේ සහෝදරයා බව මා පසුව දැන ගත්තා.ඔහු රිල්වාන් නැමැත්තෙක්.ඒ රිල්වාන් රෝහල් ගත කිරීමට පැමිණියේද සහරාන් තමා.රිල්වාන් රෝහලින් ප්‍රතිකාර ලබා පිටවීමෙන් පසුව සවුදි අරාබියේ සිට ලංකාවට පැමිණ සිටි මොහොමඩ් රිලා සහරාන් හා තවත් නොහඳුනන අයෙක් සමග මගේ නිවසට පැමිණ මා ඉටු කළ කාර්යයට ස්තූති කෙරුවා.මා එහිදී සහරාන්ට උපදෙස් දුන්නේ රෝගියා තවදුරටත් ප්ලාස්ටික් ශල්‍යකර්ම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු ගෙන් ප්‍රතිකාර ගන්නා ලෙසයි.."
(ඩේලි මිරර් /2017 ජුනි 20 දින)කෙසේවෙතත් වෛද්‍ය ෂෆ්රාස් සියසාක්ෂියේදී සැඟවූ කාරණා බොහොමයක්පොලිස් විමර්ශන වලදී ඒ වන විටත් අනාවරණය වී තිබුණි.ඒ රිල්වාන් තුවාල ලැබුවේ ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් නොව බෝම්බ නිෂ්පාදනය කිරීමට ගොස් සිඳු වූ පිපිරීමකින්ය යන තොරතුරුය.කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර කරන ලද රිල්වාන් පිළිබඳව රෝහලේ රෝගීන් ඇතුළත් කර ගැනීමේ ලේඛන වල හෝ රෝහල් පොලීසියේ තොරතුරු සටහන් වී නැති බවද මෙහිදී පොලිස් විමර්ශන වලදී හෙළිවී තිබුණි.කෙසේ වෙතත් 2019 වර්ෂයේ අප්‍රේල් මාසයේ අග පාස්කු දින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් මොහොමඩ් මර්ෂුක් රිලා පසුව ඇප මත මුදා හරින ලදී.ඔහු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිට ඇත්තේ නීතිඥ හිජාස් හිජබුල්ලාය.කෙසේ වෙතත් එතැන් සිට මොහොමඩ් මර්ෂුක් රිලා ගේ නම ආරක්ෂක අමාත්‍යංශයෙන් නිකුත් කරන ත්‍රස්තවාදීන්ගේ නාම ලේඛන ගැසට්ටුවට ඇතුළත් කෙරිණි.ජාජබ ආණ්ඩුවේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් තුයියකොන්තාගේ අත්සනින් 2025 පෙබරවාරි 20 වන දින ප්‍රකාශයට පත් කරන ලද අංක 2042/52 ගැසට්ටුවේද ,2025 මැයි 30 දින නිකුත් කළ 2438/47ගැසට්ටුවේද මොහොමඩ් මර්ෂුක් රිලා ගේ නම ඇතුළත් කර තිබේ.ඉන් අදහස් වන්නේ මොහු ලේඛනගත ත්‍රස්තවාදියෙකු බව මිස අන් තහවුරුවක් නොවේ.ලේඛනගත ත්‍රස්තවාදීන් ලෙස සඳහන් කර ඇති පුද්ගලයන් සම්බන්ධයෙන් මෙරට බුද්ධි අංශ වල ආවේක්ෂණයක් නැති බවට මේ සිද්ධිය ඉතා වැදගත් සාක්ෂියකි.ඒ නිසාම අපට ජනපති අනුර සහෝදරයාගේ ජීවිතය ගැන බියක් ඇති වී තිබේ.අපගේ බිය ඉතා සාධාරණය.අංශ භාගය වැළඳුන බුද්ධි අංශවල කෙරුවාව ගැන සිහිපත් වන විට ඒ බිය දෙගුණ තෙගුණ වේ.එහිදී අනුර සහෝදරයා එක්තරා සාකච්ඡාවකදී කළ ප්‍රකාශයක් අපට සිහිපත් වේ."අපගේ ජීවිත සිල්ලර විදියට උකස් කරන්නෑ හොඳේ" යැයි අනුර සහෝදරයා කළ ඒ ප්‍රකාශයයි.එහෙත් දැන් අපට ලැබෙමින් තිබෙන තොරතුරු ඉතා බරපතලය.වෙන කිසිදු අමාත්‍යංශයක රාජකාරි කටයුතු වලට ජනපති අනුර සහෝදරයා අත නොදැම්මාට කිසිම ප්‍රශ්ණයක් නැත.එහෙත් ආරක්ෂක අමාත්‍යංශය එසේ අත් හැරිය යුතු නැත.යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය දැන් හසුරවන්නේ නොම්මර එකේ දූෂිතයකි.ඔහු හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා නොමග යවමින් මිල්ටෙරි බුද්ධි අංශ නිළධාරීන්ගෙන් පෞද්ගලිකව පලි ගනිමින් සිටී.මෙය ජනපති අනුර සහෝදරයා බරපතල ලෙස අවධානයට ගත යුතු තොරතුරකි.අවශ්‍ය නම් මේ දූෂිතයාගේ පැටිකිරිය ගැන පසු විපරම් වාර්තාවක් ලබා ගෙනම අප මේ ලියන තොරතුරු වල ඇත්ත නැත්ත තහවුරු කර ගත හැකිය.තම ජීවිතය ගැන පෞද්ගලික තීන්දු තීරණ ගැනීමට ජනපති අනුර සහෝදරයාට දැන් නෛතික අයිතියක් නැති බවද ඔහුට සිහිපත් කරන්නට කැමතිය.සිය ආරක්ෂාව ගැන එසේ සිල්ලර විදියට සිතීම තක්සේරු කළ යුත්තේ අප මේ අනාවරනය කරන ලද තොරතුර සමගය.ලේඛනගත ත්‍රස්තවාදීන් පවා අමාත්‍යංශ වලට වැදී නාඩගම් නටන වටපිටාවක් මේ වන විට නිර්මාණය වෙමින් තිබේ.1986 වර්ෂයේදී පැනමාවේ ජනරාල් පෙරිජෝස් ගුවන් යානය පිපිරීමෙන් මිය ගියේය.ඒ ගුවන් යානය පුපුරවා හරින ලද්දේ ඔහු ගේ බොඩි ගාඩ්ය.ඉන්දිරා ගාන්ධි ඝාතනය සඳහා ඇය පිළිබඳව බුද්ධි තොරතුරු පාකිස්ථානය ලබා ගත්තේ ඇයගේම උපදේශකයෙක් ලෙස සිටි රාජේන්ද්‍ර කුමාර් ගෙනි.ඇය ඝාතනයට යොදවන ලද්දේ අභ්‍යන්තර ආරක්ෂක වලල්ලේ සිටි දෙදෙනෙකි.යසර් අරපත් 2004 දී ප්‍රංශයේදී මිය ගියේය.අර්පත් මිය ගිය පසු ප්ලෝනියම් 410 යන විකිරණශීලී ද්‍රව්‍ය ඔහුගේ දත් බුරුසුවෙි තැවරී තිබුණ බව පසුව සොයා ගන්නා ලදී.ඒ ඉතිහාසයේ අප මතකයට එන කතන්දරය.මිනිසුන් විශ්වාස කරන්නේ ඔවුන් විශ්වාස කරන්නට කැමති දේය.මිනිසුන් අසන්නේ ඔවුන් අසන්නට කැමති දේය.එහෙත් මේ ප්‍රකාශය ජනපති අනුර සහෝදරයා විසින් තමන්ට විෂය ක්‍රියාකාරකම්වලට අදාල කර ගන්නේ නම් ඉන් විඳවිය හැක්කේ ජජාබ ආණ්ඩුව කෙරෙහි බොහෝ අපේක්ෂාවන් රඳවා ගෙන සිටින ලක්ෂ සංඛ්‍යාත පුරවැසියන්ය.ජාජබ ආණ්ඩුව වෙතින් සිඳු කරන මග හැරීම් අත් හැරීම් හා නොසලකා හැරීම්නිසා නාමල් රාජපක්ෂටත් වඩා පොහොට්ටුවන් කඩ පිල් වලදී මුණ ගැසෙන්නට ඉඩ නොතිබිය යුතුය.ලෝකයේ කවර කෙළවරක මිනිස් ඝාතනයන් සිදු වුවද ඒ අපරාධ වලදී අවස්ථාව,ආයුදය හා අපරාධකරු වෙනස් විය හැකියි.එහෙත් දේශපාලන වශයෙන් පවතින බල අරගල වලදී එකම ක්‍රමය මරා දැමීම බව ලෝකයේ හා ලංකාවේ ඉතිහාසය විසින් සිය දහස්වර තහවුරු කර ඇති බවද කාගෙ කාගේත් අවධානයට ගැනීම සදහා ලියා තබමු.ලොකු කුමා
Comments
Post a Comment