හුටා.. මෙන්න රට බේරා ගත් පියා රනිල් හාමුලු
පුතු සෙනේ පිතු හද තුලම මිස
නැත පුතුන් හද තුල රඳන්නේ යැයි කිව්වේ මහචාර්ය එදිරිසිංහ ශරච්න්ද්රයන්ගේ සිංහබාහු නාට්‍යයේ සිංහයාය.
මේ
රටේ ඉපදෙන වුන්ගේ උප්පැන්න වල සදහන් වී ඇති පියවරුන් හැරෙන්නට මේ රටේ
විවිධ අංශ නියෝජනය කළ තව තව හැට හුටාමාරක් පිය වරු සිටී.උප්පැන්නයේ සඳහන්
පියවරුන් වෙනුවෙන් වෙන් කර ඇති ලෝක පියවරුන් ගේ දිනයද අත ළඟය.ඒ ජුනි මාසයේ
19 වනදාය.එක්සත් ජාතික පක්ෂයේ ලේකම් රංගෙ බණ්ඩාර ඒ අස්සේ අපේ රට බේරාගත්
පියා ලෙස රනිල් වික්‍රමසිංහ නම් කළ යුතු යැයි යෝජනා කර තිබේ.
අප
මුලදී සඳහන් කළ ආකාරයට මේ හැට හුටාරමකට අධික පියාලා ගැන ලියනවා නම් වැලිකඩ
,මැගසින්, සීආර්පී හා දුම්බර හිර ගෙවල් වල අයිආර්සී පියවරුන් වැහි
වැහැලාය.ඒ පච්ච පියා, කියුටෙක්ස් පියා ,මෝල් පියා, පොකට් පියා ,ගෝත පියා,
තොට ළඟ පියා, ඩප්පි පියා ආදී පියවරුන්ගෙනි.මේ පියාලා අයිආර්සී පියාලා ලෙස
බෞතීස්ම කර ඇත්තේ පොලීසියේ කොමිටලයයි.
ඊළගට ඉන්නේ දේශපාලනයේ පියාලාය.
එතැනදී
අපට මුලින්ම හමු වන්නේ ජාතියේ පියාය.ඒ ඩීඇස් සේනානායක උන්නැහේය.ඩීඇස්
ජාතියේ පියා වූවාසේම ඒ දවස් වල බෝතලේ වලව්ව වටපිටාවේ ජාතක කරන ලද
බොහෝවුන්ගේ පියා ද වූ බව තතු දන්නන් පවසා තිබේ.
ජාතියේ පියා ගෙන් පස්සේ රටේ වුන් ගේ ඊළඟ පියා වූයේ නිදහස් අධ්‍යාපනයේ පියාය.ඒ පියා ඊ.ඩබ්. කන්නන්ගර ඇමතිතුමාය.
ඉන්
පස්සේ හම්බ වෙන්නේ බත් දුන් පියාය.බත් දුන් පියා වූයේ ඩීඇස් සේනානායක ගේ
පුත්‍රයා වූ ඩඩිලි සේනානායකය. එහෙම එහෙම තව පියාලා ගැන මතක් වේ.සමෘද්ධියේ
පියා ආර් ප්‍රේමදාස ජනපතිය.මහ පොළ පියා ලලිත් ඇතුලත්මුදළිය.වැඩේ කියන්නේ
මේ ජාතියේ පියවරු හැම දෙනාම යූඇන්පී කාරයන්ය.අනික් දේශපාලන පක්ෂයක එහෙම
පියාලා හිටි බවක් නම් මතක නැත.
ඒත් මෑතකදී බබා නාමල් එහෙම පියෙක් ගැන රැස්වීමකදී රටේ ජනතාවට මතක් කර දුන්නේය.බබා නාමල් ඒ ගැන මෙහෙම කියා තිබුණේය.
"..අද
ෆේස්බුක් එකේ තරුණයන් නිතර කාලය ගත කරනවා.2005 මහින්ද මහත්තය මේ රටේ ජනපති
වෙද්දි ලංකාවෙ අන්තර්ජාලය තිබුණේ සියයකට පහකට විතරයි.මහින්ද මහත්තය ගෙනාපු
ඒ අන්තර්ජාලයෙන් තමයි ඔය තරුණයො දැන් මයිනා කියල මහින්ද මහත්තයට අපහාස
කරන්නේ.."
බබා නාමල් කීවේ එහෙමය.
බබා
නාමල් මේ තටම තටමා කියන්න හදන්නේ මේ රටේ "අන්තර්ජාලයේ පියා" මහින්ද
රාජපක්ෂ බවය.ඔව් අනේ ඉතිං ඔය පින් පියාලා ගේ ලැයිස්තුවට මහින්ද රාජපක්ෂගේ
නම එකතු කර ගෙන ඒ මදි නම් හයිවේ පියා හා රට බංකොලොත් කළ පියා විදියටද
සඳහන් කෙරුවාට වරදක් නැත.
මේ පියාලා ගේ පෝලිම බලන විට මේ රටේ ජාතියේ අම්මලා හිඟ බව පෙනී යයි.ඇති තරම් පියාලා සිටී.
රංගෙ
බණ්ඩාර දැන් රනිල් හාමු රට බේරාගත් පියා විදියට නම් කළ යුතු යැයි යෝජනා කර
තිබෙද්දී අප දැන් කල්පනා කළ යුත්තේ ඒ පියා ජාතිය බේරා ගත් විදිය ගැනය.
අවුරුදු හතලිහක් එක දිගට පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සිට ලබ්බ බිම ගෑවෙන
තුරු ඇමතිකම් කර රට ලෙල්ලටම වැටී ජනතාවගේ මුක පූට්ටු වී බඩේ බත් නැතුව
කෙල වී යන තුරුම මේ පියාට ජාතිය බේරා ගන්නට අදහසක් තිබී නැති එක ගැනය.
රනිල්
හාමු ජාතිය බේරාගත් පියා විදියට නම් කරනවාට වඩා වැඩි දෙනෙක් හාමු
හඳුන්වන්නේ වෙනම ජාතියේ පියෙක් විදියටය.ඒ ගැන අහගන්න ඕනෑ සාගලගෙන්ය.
කෝමත් ඔය හැම පියා ගැනම අපට දැන් කියන්නට ඇත්තේ අනේ හු.. පියෝ කියා විතරය.
Comments
Post a Comment