සාගලට එරෙහිව අනිද්දා පුවත්පතේ නියෝජ්‍ය කර්තෘගෙන් මැතිවරණ කොමිෂම වෙත පැමිණිල්ලක්

රජයේ සේවකයකු ලෙස සැළකෙන ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක එක්සත් ජාතික පක්ෂ වේදිකවේ කතා පවත්වන්නේ කෙසේද යන්න හා එම පක්ෂයේ ජාතික සංවිධායක ලෙස කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව පරීක්ෂණයක් සිඳු කර පියවර ගන්නා ලෙස අනිද්දා නියෝජ්‍ය කර්තෘ ලසන්ත රුහුණගේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට පැමිණිල්ලක් යොමු කර තිබේ. මාර්තු මස 23 වන දින ලසන්ත රුහුණගේ අත්සනින් යොමු කර ඇති මෙම පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (3) වන ව්‍යවස්ථාව අනුව ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී රජයේ නිළධාරියකු ලෙස සැළකෙන බවත්,එම තනතුර රජයේ මාණ්ඩලික මට්ටමේ තනතුරක් වන බවත් හා රජයේ මාණ්ඩලික මට්ටමේ තනතුරු දරන නිළධාරීන්ට ප්‍රසිද්ධ දේශපාලන අයිතිවාසිකම් නොමැති බවත්ය. එවැනි තත්වයක් තුළ ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පසුගිය මාර්තු 10 වන දින කුලියාපිටිය නගර සභා පිටියේ පැවති එක්සත් ජාතික පක්ෂ රැළිය ඇමතූ බවය. එමෙන්ම ඔහු එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ලෙස කටයුතු කරන බවය. පලාත් පාලන ඡන්ද විමසීම් සඳහා එක්සත් ජාතික පක්ෂයද නාම යෝජනා බාරදී ඇති බවත් ඒ නිසා මේ වන විට ඇත්තේ මැතිවරණ සමයක්...