මහා මිනිස් ඝාතකයෙක් වූ කොස්ගොඩ සුජීව ඩුබායි රාජ්‍යයේදී අත් අඩංගුවට පත් වේ
දකුණු පලාතේ කොස්ගොඩ පොලිස් බල ප්‍රදේශය කේන්ද්‍රීය කරගනිමින් පාතාල ක්‍රියාකාරකම්වල නිරතව සිට විශාල මිනීමරුම් සංඛ්‍යාවක් සිඳු කර ඩුබායි රාජ්‍යයට පලා ගොස් සැඟව සිටි කොස්ගොඩ සුජීව නොහොත් ජගමුණි සුජීව ද සොයිසා නැමැත්තා ඩුබායි මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් අත් අඩංගුවට පත් වී ඇති බවට වාර්තා වේ.ජාත්‍යන්තර රතු වරෙන්තුකරුවකු ලෙස ලේඛන ගත කර ඇති මෙම සාහසික අපරාධකරු ඩුබායි රාජ්‍ය මත් ද්‍රව්‍ය නාශක අංශය මගින් අත් අඩංගුවට ගැනීමට සිදු කළ මෙහෙයුමට මෙරට හමුදා බුද්ධි අංශයේ නිළධාරීන්ද සම්බන්ධ වී සිටි බව අනාවරණය වේ.කොස්ගොඩ සුජීව නොහොත් ජගමුනි සුජීවද සොයිසා මෙරට සිටියදී සිඳු කළ මනුෂ්‍ය ඝාතනයන් මෙසේය.කොස්ගොඩ පොලිස් වසමේ හතරමං හන්දිය ප්‍රදේශයේ පදිංචිව සිටි කුරුදු ව්‍යාපාරික කලු මහත්තයා ඝාතනය
අහුංගල්ල පොලිස් වසමේ ගල්කන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි නිහාල් සොයිසා නොහොත් කුකුළු නිහාල් ඝාතනය කොස්ගොඩ පොලිස් වසමේ පදිංචිව සිටි රුක්මාල් නැමැත්තා හා ඔහු ගේ සිවු හැවිරිදි දරුවා ඝාතනයකොස්ගොඩ පියගම ප්‍රදේශයේ පොල් කැඩීමට ගිය අම්බලන්ගොඩ පොලිස් වසමේ බේරතුඩුව පදිංචිව සිටි අහිංසක තරුණයන් දෙදෙනෙකු ඝාතනය අම්බලන්ගොඩ පොලිස් වසමේ බේරතුඩුව ප්‍රදේශයේ බේකරි හිමියකු වූ කිරියා නැමැත්තා ඝාතනය(පොල් කැඩීමට ගිය තරුණයන් දෙදෙනා හා බේකරි හිම්යා ගේ ඝාතනයන් කුල ආරවුලක් මත සිදුවූ මිනිස් ඝාතනයන්ය)
අහූංගල්ල පොලිස් වසමේදී කාන්තාවක ඝාතනය කිරීමඅම්බලන්ගොඩ නගරය තුළ පිහිටි වසන්ත ජුවලරි ආයතනය මංකොල්ල කෑමක් සිඳු කරමින් සිට්යදී එම ස්ථානයට පැමිණි පොලිස් නිළධාරීන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම(පසු කාලයකදී මෙම වසන්ත ජුවලරි ආයතනයේ දෙමළ ජාතික හිමිකරුද වෙඩි තබා ඝාතනය කර අම්බලන්ගොඩ නගරයේ ඔහුට අයත්ව තිබුණු ඉඩමක් බලහත්කාරීව හිමි කරගන්නා ලදී.මේ වන විට කොස්ගොඩ සුජීවගේ හිමිකාරිත්වය යටතේ එම ඉඩම තුළ දෙමහල් ව්‍යාපාරික ස්ථානයක් ඉඳි කර එය අවන්හලක් පවත්වා ගෙන යාමට බදු දී තිබේ.)අහුංගල්ල පොලිස් වසමේදී ලක්ෂ දහයක මුදල් කොන්ත්‍රාතුවක් මත ප්‍රීති කුමාර නැමැත්තා ඝාතනය කිරීමකරන්දෙණිය පොලිස් වසමේ පිහිටි දේවාලයක දේවගැතියකු ලක්ෂ පහක කොන්ත්‍රාතුවක් මත ඝාතනය කිරීමඅම්බලන්ගොඩ පොලිස් වසමේ මහලදූව ප්‍රදේශයේ යසරත්න නැමැත්තා මුදල් කොන්ත්‍රාතුවක් මත ඝාතනය කිරීමඑසේ ඝාතනය කෙරුණ යසරත්න නැමැත්තගේ සහෝදරයා වූ අරලිය අවන්හල හිමි සරත් මුදල් කොන්ත්‍රාතුවක් මත ඝාතනය කිරීමමින් පසු කොස්ගොඩ සුජීව ව්‍යාජ ගමන් බලපත්‍රයක් මගින් ඩුබායි රාජ්‍යයට පලා ගියේය.එසේ පලා යාමට පෙර කොස්ගොඩ සුජීව විවාහ වූ අතර එම විවාහ මංගල්‍යයේ සාක්ෂිකරුවකු වූයේ එවකට අමාත්‍යවරයකු වූ හා ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේ වේ.කොස්ගොඩ සුජීවට මෙරටින් පලා යාම සඳහා ව්‍යාජ ගමන් බලපත්‍රයක් සකස් කිරීම සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිස් වසමේ ජනක සොයිසා හා ජනිත් විජේසිංහ යන අයවළුන් අත් අඩංගුවට පත් වූ අතර ඔවුන්ට එරෙහිව බලපිටිය මහාධිකරණයේ පැවැති නඩුවභාගයකින් අනතුරුව ඔවුන් දෙදෙනා පසුගියදා නිදොස් කොට නිදහස් කෙරිණි.මෙම සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගන්නා ලද්දේ පසුගියදා රත්ගමදී ඝාතනය වූ පොලිස් පරීක්ෂක බාලේන්ද්‍ර සිංහය.කෙසේ වෙතත් ඩුබායි රාජ්‍යයට පලා යාමෙන් පසුව කොස්ගොඩ සුජීව එහි සැඟව සිටිමින් මහා පරිමානයෙන් මෙරට මත් ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බව හමුදා බුද්ධි අංශ වලට තොරතුරු ලැබෙමින් පැවතුණි.ඔහුට ඒ සඳහා නාවුක හමුදාව, විශේෂ කාර්ය බලකාය හා පොලීසියේ ඇතැම් නිළධාරීන්ගේ සහයෝගය ලැබුණු බවටද හමුදා බුද්ධිඅංශවලට වාර්තා වී ඇත.එපමනක්ද නොවේ.ඩුබායි රාජ්‍යයේ සිට මෙරට මනුෂ්‍ය ඝාතනයන් ගණනාවක් සිදු කිරීමටද කොස්ගොඩ සුජීව ක්‍රියා කර ඇති බව අනාවරණය වී තිබේ.එහිදී එල්ටීටී ත්‍රස්තවාදී කටයුතු වල නිරතව සිටි කෙනෙඩි නැමැත්තා යොදා ගනිමින් බලපිටිය අධිකරණය ඉදිරිපිටදී කනත්ත ආරච්චිගේ පියරත්න නොහොත් මෝල් පියා හා ඉඳුරුව රසික නැමති අයවළුන් ඝාතනය කිරීමට කොස්ගොඩ සුජීව ක්‍රියා කර ඇත.එසේම කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඩොනල්ඩ් සම්පත් ඝාතනය කිරීම ,ඌරගහ පොලිස් වසමේ බස් සරත් ඝාතනය,එම පොලිස් වසමේ ජයවර්ධන නැමැත්තා ඝාතනය ,ගාල්ල වෙළඳ ව්‍යාපාරික වසන්ත මෙන්ඩිස් ඝාතනය,අහුංගල්ල ප්‍රියන්ජන ඝාතනය,අපේ ජනබල පක්ෂයේ සභාපති සමන් පෙරේරා හා තවත් සතරදෙනෙකු ඝාතනය කිරීම කොස්ගොඩ සුජීව ගේ අනුදැනුම මත සිදු වී ඇති බව පොලිස් පරීක්ෂණ වලදී හෙලි කර ගෙන තිබේ.දැනට අප වෙත ලැබී ඇති තොරතුරු අනුව ඩුබායි රාජ්‍යයේ අත් අඩංගුවට පත් වී ඇති ජාත්‍යන්තර රතු වරෙන්තු කරුවකු වන කොස්ගොඩ සුජීව මෙරටට රැගෙන ඒමට පොලීසියේ ඡ්‍යෙෂ්ඨයන් එතරම් උනන්දුවක් නොදක්වන බවද අනාවරණය වේ.මෙහිදී හමුදා බුද්ධි අංශ ඉතා කැපවීමෙන් සිදු කළ රහසිගත මෙහෙයුමක ප්‍රතිපලයක් ලෙස මෙම මෙලේච්ඡ අපරාධකරු එරට අත් අඩංගුවට පත් වූ නමුත් පොලීසිය ඒ පිළිබඳව උනන්දු නොවීම ඉතා කණගාටුදායකය.ඩුබායි රාජ්‍යයේදී අත් අඩංගුවට පත් වී සිටින මෙම අපරාධකරු මෙරට ගෙන්වා ගැනීමට අඩුම වශයෙන් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක හෝ වහාම මැදිහත් වනු ඇතැයි අපි අපේක්ෂා කරමු.ඒ මේ මහා මිනිස් ඝාතකයා විසින් ඝාතනය කරන ලද ගාල්ල වෙළඳ ව්‍යාපාරිකු වූ වසන්ත මෙන්ඩිස් මේ මන්ත්‍රීවරයාගේ මාමණ්ඩිය බැවිනි.පසුගිය දින වලදී මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ පොලීසිය විසින් දැනට විදේශගතව සිටින බොහෝ පාතාල අපරාධකරුවන්ගේ දේපොල අත් අඩංගුවට ගත් බවට මාධ්‍ය මගින්හෙළි දරව් කෙරිණි.එහෙත් අම්බලන්ගොඩ හා බලපිටිය ප්‍රදේශවල කොස්ගොඩ සුජීවගේ හිමිකාරිත්වය යටතේ ඇති බවට පැවසෙන දේපොල පිළිබඳව රහස් පොලීසියේ අවධානය යොමු නොකිරීමද ඔහු හා පොලීසිය අතර පවතින ගජ මිතුරු සම්බන්ධතාව තහවුරු කරන සිදුවීමක් බවට තතු දන්නෝ පවසති.(බුද්ධි විසිනි )
Comments
Post a Comment