Posts

Showing posts from March, 2025

ඌවේ චාමර සම්පත්ට පිටු පෑ සීනිගං දෙවියෝ

Image
  ඌව පළාත් සභාව බදුල්ල රාජ්‍ය බැංකුවක පවත්වා ගෙන ගිය ස්ථාවර තැන්පතු හයක් කල් පිරීමට පෙර ඉවත් කරගෙන රජයට ලක්ෂ 173 ක පාඩුවක් සිදු කරන ලදැයි පැවසෙන චෝදනාවකට  ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාව සිටි  චාමර සම්පත් දසනායක අප්‍රේල් මස 01 දින දක්වා බන්ධනාගාර ගත කර සිටී. එම සිද්ධිය පොදු දේපොළ පනතට ගැනෙන වරදක් බැවින් ඒ පිළිබඳව තවදුරටත් විමර්ශනය කිරීමට නියෝගයක් ලබා දෙන ලෙස⁣ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමටද අධිකරණයෙන් අවසර ලැබී තිබුණි. චාමර සමිපත් දසනායක මේ වන විට බන්ධනාගාර ගත කර ඇත්තේ  පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න 2016 වසරේදී අල්ලස් දූෂණ විමර්ශන කොමිසම වෙත කර තිබූ පැමිණිල්ලක් සළකා බැලීමෙන් අනතුරුවය. ⁣සමන්ත විද්‍යාරත්න අල්ලස් දුෂණ විමර්ශන කොමිසම වෙත කල පැමිණිල්ලත් සමගම 2016 මාර්තු 21 වන දා එවකට ඌව පලාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක සීනිගම දේවාලයට පැමිණ ඌව පලාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී සමන්ත විද්‍යරත්න තමන්ට එරෙහිව සිදු කළ  චෝදනාව සාවද්‍ය චෝදනාවක් බව පවසා  ඔහුට විරුද්ධව පලි ගසා දේව කන්නලව් කර මිරිස් අඹරන ලද බව ඒ දින වල මාධ්‍ය  ...

කොස්ගොඩ ඕඅයිසී ගේ පොහොට්ටු රාජකාරිය තරුණයන්ට හිරිහැරයක් වෙලා

Image
  ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කොට්ඨාශයට අයත් කොස්ගොඩ පොලීස් ස්ථානයේ නව පොලිස් ස්ථානාධිපතිවරයා කොස්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ ගමන් බිමන් යන තරුණයන් සතුව ජාතික හැඳුනුම්පත නොමැති නම් ඔවුන් පොලිස් ස්ථානයට ගොස් පැය කිහිපයක් රඳවා තබා ගෙන සිට මුදා හරින බවට ප්‍රදේශවාසීන් විසින් චෝදනා කෙරේ.මේ පොලිස් ස්ථානාධිපති වරයා කොස්ගොඩ පොලිස් ස්ථානයට පැමිණ ඇත්තේ මෑතකදීය. පොලීසියට රැගෙන විත්  එසේ මුදාහරින තරුණයන් හට මෙම පොලිස් ස්ථානාධිපතිවරයා විසින් එලෙස රාජකාරිය සිදු කිරීමට සිදු වී ඇත්තේ  ආණ්ඩුවේ උපදෙස් මත යැයි පවසන බවද දැන ගැන්මට තිබේ.එසේ නැතහොත් ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ පොදු ජන පෙරමුණෙහි හිටපු පලාත් සභා මන්ත්‍රීවරයකු විසින්  තමන්ට එම තරුණයන් මුදා හැරීමට  උපදෙස් දුන් බවත් පවසා පොලීසියේ රඳවා ගෙන සිටින්නන් මුදා හැරීම සිදු කරන බවත් වැඩිදුරටත් වාර්තා වෙි. කෙසේ වෙතත් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ අග භාගයේදී ජාතික හැඳුනුම්පත නොමැතිව තම නිවස අසල පිහිටි වෙළඳ සැළකට ගිය කලාකරුවකු අතුරුගිරිය පොලීසිය මගින් අත් අඩංගුවට ගැනීමේ සිද්ධිය මෙරට සමාජය තුළ බොහෝ කතා බවට ල...

වර්තමාන හමුදාපති මිල්ටෙරි දූෂිතයන්ට හිසරදයක් වෙලා

Image
       මෙරට වර්තමාන යුද හමුදාපති ලසන්ත රොද්‍රිගු ශ්‍රී ලංකා යුද හමුදාව තුළ පරිවර්තනීය වෙනසක් ඇති කිරීීම සඳහා බලවත් වෙහෙසක් ගනිමින් සිටී.ඔහු යුද  හමුදාපතිවරයා ලෙස පත් වූයේ ශ්‍රී ලංකා යුද හමු⁣දාවේ විනය කඩා වැටී තිබුණ වටපිටාවකය.⁣ඒ  වන විට යුද හමුදාව දේශපාලනීකරණයට ලක් වෙමින් තිබූ අතර බොහෝ ඡ්‍යෙෂ්ඨ නිළධාරීන්ගේ විනය විරෝධී ක්‍රියා කළාපයන් සමාජ මාධ්‍ය තුළ දැඩි ⁣විවේචනයට ලක් වී වෙමින් පැවැති බවද රහසක් නොවේ. එහිදී හිටපු හමුදාපති වරයාට එරෙහිව එල්ල වූ විෂමාචාර චෝදනා ඉතා බරපතල විය.ශ්‍රී ලංකා කාලතුවක්කුරෙජිමෙන්තුවට අයත් මේජර් ජනරාල් ලසන්ත රොද්‍රිගු වෘත්තිමය ජීවිතය තුළ ඉහළ වටිනාකමක් හිමි කරගෙන සිටි නිළධාරියෙකි.ඔහුට දූෂණ චෝදනා නොවීය.මේ වන විට ඔහු යුද හමුදාව නිවැරිදි කිරීමට උත්සාහ ගනිමින් සිටී . ඔහු ඒ සඳහා පෞද්ගලිකවම මැදිහත්වන බවක් දකින්න⁣ට ⁣තිබේ.එහෙත් එහිදී යුද හමුදාව අරක් ගෙන සිටි දූෂිතයන් රැළ ඔහුට එරෙහිව පෙල ගැසෙමින් සිටින බවද අසන්නට ලැබේ. රාජපක්ෂ වරුන්ගේ බල අධිකාරිය යටතේ ගජබා කරණයට ලක් වී තිබුණ යුද හමුදාව ⁣ඉහල දේශපාලඥයන්ගේ ඕනෑ එපාකම් පිරිමැසීමේ ආයතනයක් ලෙස පිරිහෙමින්...

සිනමා නිළි අනෝජා වීරසිංගේ රෙකමදාරුව

Image
  පසුගියදා පදනම් ආයකනයේ පැවති සම්මාන උළෙලකට සහභාගි වූ සිනමා නිළියක වූ අනොජා වීරසිංහ සිය මුහුණු පොතෙහි අපූරු සටහනක් ලියා තිබේ.United Nations Association of Sri Lanka සංවිධානය කළ මෙම සම්මාන උලෙළ පවත්වා ඇත්තේ අගමැතිනි මහචාර්ය හරිනි අමරසූරිය හා විදේශ කටයුතු හා සංචාරක ඇමති විජිත හේරත් ගේ සහභාගිත්වයෙනි.එම උළලේදී ඇයටද සම්මානයක් හිමිවී  තිබේ. ඇය තැබූ සටහන මෙසේය අගමැතිතුමිය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතින් United Nations Association of Sri Lanka සංවිධානය පිරි නැමූ මේ සම්මානය පිළිගනිද්දී වෙනදා නොදැනුන විශාල වෙනසක් මට දැනුනා. උදේ කාර්යාලය⁣ට ආපු වි⁣දියෙන්ම දවල් 11 වෙද්දි පදනම් ආයතනට පැමිණි එතුමිය දොරෙන් ඇතුළුවෙනවා දුටු සැණින්ම එකවරටම මට නැගිටින්න හිතුනා.මේ අපේ රටේ අගමැති තුමිය නේදැයි මට අභිමානයක් දැනුනා.සාමාන්‍යයෙන් එය  මා හට සිදු නොවන්නක්.හතර වටෙන්ම ආරක්ෂකයන් පිරිවරා ගෙන නොමැති මහා බැරෑරුම් ,ගාම්භීර බවක් ආරෝපනය කර ගත් නායකයන් අප්‍රමාන ලෙස දැක තිබුණ මට එතුමියත්,විජිත හේරත් ඇමතිතුමාවත් පෙනුනේ රටේ මිනිසුන්ගේ නියෝජනයක් ලෙස ප්‍රථම වතාවට දුටු එතුමිය,කාන්තා අපේ නියෝජනයක් ලෙස හැමෝම කෙරෙ...

දේශබන්දු ගේ කට උත්තරය ඩේසි ආච්චිගේ මැණික් මල්ලේ කතාවේ දෙවන කොටසයි

Image
  ඉන්ටඩික් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගෙන් සීඅයිඩීය කට උත්තර ලබා ගෙන ඇතැයි වාර්තා වේ. අනාවරණය වෙන ආකාරය⁣ට ඔහු ලබා දී ඇති කට උත්තරය මරේ මරුය.එය බඩ කොරවන තරමට හිනා යන කට උත්තරයකි.එසේම එම කට උත්තරය ගැන අපට ලැබී ඇති විශ්වාසදායක තොරතුරු අනුව ⁣මේ ආකාරයෙන් ගලපා ගන්නට පුළුවන. "...මා මට අයිති හෝකන්දර ගෙදර හිටියා. මම හිටියේ තනියෙන්.ඒ දවසෙ නෝනාවත් පුතාවත් ගෙදර හිටියෙ නෑ රෑ මට දැඩි ආතතියක් දැනුනා.මට මොනව වුනාද කියල මට මතක නෑ මම මගේ මහගෙදර ගියා.ත්‍රීවිල් එකකින් ඒ ගෙදර කවුරුත් හි⁣ටියෙ නෑ.ඉස්සරහ ගේට්ටුව වහපු නිසා මම තාප්පයෙන් පැනල ජනේලයකින් ගෙට ඇතුළු වුනා. පස්සෙ මම තනියෙන් එහෙ හිටියා.ටවුම⁣ට ගිහිල්ල කෑම ගෙනැල්ල කෑවා.ත්‍රීවිල් වලින් එහෙට මෙහෙට ගියෙ.පස්සෙ මට ආරංචි වුනා මට වරෙන්තු කරල කියලා මම මගේ ටයි කෝට් සිලි බෑග් එකක දාගෙන ත්‍රීවීල් එකක මාතරට ආවා.ඇවිල්ල හෝටලයකට ගිහිල්ලා ඒවා ඇඳගෙන උසාවියට ඇවිල්ලා බංකුවෙ වාඩි වෙලා හිටියා....ආගිය තැන් අහාර ගත් හෝටල් ගමන් බිමන් ගිය ත්‍රීවිල් මොනවාදයි කියන්නට මට මතක නැත. මට කීමට ඇත්තේ එපමණය..." දහ අතේ දිවුරන්නට ඕනෑ නැත. මේ එම කට උත්ත⁣රයේ සංක්ෂිප්තයකි. මුළු කට ...

ඇමති මහජන හමුවීම් ප්‍රාදේශීය සභා ඡන්දය අවසන් වන තුරු කල් දාලා

Image
  එළඹෙන මැයි මාසයේදී ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීමට මේ  වන විටත් නාම යෝජනා බාරගෙන අවසන්ය.  මැතිවරණයට ඉදිරිපත් වී ඇති දේශපාලන පක්ෂ වල නායකයන් ⁣ප්‍රචාරක කටයුතු අරඹා තිබේ. ජාජබ ආණ්ඩුවේ මහජන නියෝජිතයන්ද සිය මැතිවරණ කොට්ඨාශවල ප්‍රාදේශීය සභා මට්ටමින් රැස්වීම් සංවිධානය කරමින් පවතී.එහිදී වාර්තා වන ආකාරයට ආණ්ඩුවේ අමාත්‍යවරුන්  ප්‍රාදේශීය සභා මැතිවරණය අවසන් වන තුරු අමාත්‍යංශ වල  මහජන හමුවීම් නවතා දමා ඇති බව දැන ගැන්මට තිබේ. මාසයක් ඉක්මවන කාලයක් අමාත්‍යවරුන් හමුවී  ප්‍රශ්ණ විසඳා ගැනීමට නොහැකි වීම හේතුවෙන් මහජනතාව බරපතල අපහසුතාවට පත් වෙන ⁣බව බොහෝ දෙනාගේ අදහසයි. ඔවුන් බොහෝ දෙනා තමන්ට ලැබී ඇති තනතුරට පැවරී ඇති වගකීම් නොසළකා හැසිරෙන බවටද පැමිණිලි ලැබෙමින් පවතී. බොහෝ අමාත්‍යවරුන්ගේ කාර්ය මණ්ඩල වල සිටින්නේද මහජන සම්බන්ධීකරණ කටයුතු පිළිබඳව කිසිදු අත් දැකීමක් නොමැති ළාබාල තරුණයන්ය.අමාත්‍ය සුනිල් හඳුනෙත්තිගේ කාර්ය මණ්ඩලයේ සේවය නිරත වන සම්බන්ධීකරණ ලේකම් වරයා අමාත්‍යවරයාගේ මහජන හමුවීම් පිළිබඳව විමසූ මාධ්‍යවේදියෙක් අපහසුතාවට හා අපහාසයට පත් වන ආකාරයෙන් හැසිරී ඇති බවටද වාර්තා ...

මේ මොනවද වෙන්නෙ අනුර සහෝදරයා

Image
ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකස් කර ඕස්⁣⁣ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් සමාගමක කොටස් අලෙවි කර රුපියල් මිලියන 21 ක මුදලක් සාපරාධී සාවද්‍ය ලෙස පරිහරණය කරන ලදැයි චෝදනා ලද හිටපු අමාත්‍ය උදය ගම්න්පිල හා සිඩ්නි ජයසිංහ යන අයවළුන් අද (24) දින කොළඹ මහාධිකරණ විනිසුරු තිස්ස බලල්ලේ විසින් නිදහස් කරන ලදී. යහපාලනය අවසන් භාගයේදී මෙම විත්තිකරුවන්ට එරෙහිව මේ නඩුව පවරන ලද්දේ නීතිපතිවරයා විසිනි. නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් යොහාන් අ⁣බේවික්‍රම නීතිපතිවරයා නියෝජනය කරමින් මහාධිකරණයේ පෙනී සිටි අතර හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල වෙනුවෙන් නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු  පෙනී සිටියේය. නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් යොහාන් අබේවික්‍රම විවාහ වී ඇත්තේ නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දුගේ කාර්යාලයේ සේවය කළ කාර්යාල කාර්ය සහායක සේවිකාව සමගය.ඉතුරු හරිය ගම්මන්පිල නිදහස් කරන ලද නඩු තීන්දුව එක්ක ගලපා ගත්තාට කමක් නැත. පසුගිය දිනවල උදය ගම්මන්පිල ජාජබ ආණ්ඩුව ඉතා බරපතල ආකාරයෙන් විවේචනය කරමින් සිටි බව දකින්නට තිබුණි.ඒ වන විටත් මහාධිකරණයේ විභාග වෙමින් තිබුණ මෙම නඩුව පිළිබඳව ඔහුට කිසිදු බියක් සැකයක් නොතිබුණ බව ඉන් අපට නිරීක්ෂණය විය.මහාධිකරණයක...

පුදුමයි ඒත් ඇත්තයි

Image
  සේවක අර්ථ සාධක අරමුදලට මෙරට රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සමාගම් ඇතුළුව පෞද්ගලික සමාගම් 22450 ක් අරමුදල් ගෙවා නැති බව නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ පවසයි. නියෝජ්‍ය අමාත්‍යවරයා එසේ පැවසු⁣වේ අද (24) දින ලංකා පරිපාලන විශේෂ ශ්‍රේණියේ නිළධාරිණියක වන එච්.එම්.ඩී.එන්.කේ.වටලියැද්ද කම්කරු කොමසාරිස් ධුරයේ වැඩ බාර ගන්නා අවස්ථාවේදීය. එහිදී නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ වැඩිදුරටත් අනාවරණය කෙරුවේ එම සමාගම් නොගෙවා ඇති මුදලේ වටිනාකම බිලියන 36 ක් බවට ගණන් බලා ඇති බවය. සේවක අර්ථ සාධක අරමුදල් නොගෙවීම සම්බන්ධයෙන් සිලෝන් නිවුස් පේපර්ස් ප්‍රයිවෙට් ලිමිටඩ් සමාගමට එරෙහිවද එහි සේවය කර ඉවත් වූ  සේවකයන් විසින් පවරා ඇති නඩු සංඛ්‍යාව විස්සකට ආසන්නය.එම සමාගමේ හිමිකරු හිටපු අමාත්‍ය ටිරාන් අලස් වේ.හිටපු අමාත්‍ය ටිරාන් අලස්ට එම නඩු වලට නොපැමිණීම සම්බන්ධයෙන් අධිකරණය මගින් ප්‍රකාශයට පත් කරන ලද විවෘත වරෙන්තු සංඛ්‍යාව 15 කට ආසන්න බවද දැන ගැන්මට තිබේ. එහෙත් නියෝජ්‍ය අමාත්‍ය මහින් ජයසිංහ විසින් ප්‍රකාශ කරන ලද අර්ථ සාධක අරමුදල් ⁣නොගෙවූ සමාගම් 22450 පිළිබඳව සඳහන් කර ඇති ලේඛනයේ ටිරාන් අලස් ගේ හිමිකාරිත්වය පවතින සමාගමේ නම සඳහ...

ටිරාන් අලස් අයියා W 15 චෝදනාවෙන් ගැලවෙන හැඩයි

Image
පසුගිය දිනවල මෙරට දැඩි කතාබහකට ලක්වූ වැලිගම w 15 හෝ⁣ටලයට කොළඹ අපරාධ කොට්ඨාශයේ පොලිස් නිළධාරීන් පිරිසක් විසින් වෙඩි තැබීමේ සිද්ධිය නිසා මෙරට 31 වන පොලිස්පතිවරයාට මහ උළුගෙදර තපින්නට සිදු වී තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩ තහනමකට ලක්ව සිටි ඔහු වැලිගම සිදු කරන ලද අපරාධය සම්බන්ධයෙන් අධිකරණය මග හැර සිට පසුව බාර විය. එහිදී එම නඩුව වෙනුවෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටි අතිරේක සොලිස්ටාර් ජනරාල් දිලීප පීරිස්  ඉන්ටඩික් පොලිස්පති දේශබන්දු⁣ තෙන්නකෝන් හැඳින්වූයේ සංවිධානගත අපරාධකරුවන් වන මදූෂ් හා හරක් කටා වැනි අයවළුන්ටත් වඩා භයානක අපරාධ කරුවකු ලෙසය. දේශබන්දු තෙන්නකෝන්ගේ දූෂිත අවලම් හා පෝරිසාද පැටිකිරිය ගැන අප තොරතුරු හෙළි කෙරුවේ අද ඊයේ නොවේ.හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ විසින් ඔහු පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට යන බවට දැන ගැන්මට ලැබුණ දවසේ සිට ලංකා දවස මේ තක්කඩියා ගේ කෙරුවාන් ගැන දිගින් දිගටම වාර්තා කෙරුවෙමු.එහෙත් ඒ ආණ්ඩුවේ ජාවාරම්කරුවන් ගේ අවශ්‍යතාව වූයේ ඔවුන්⁣ටම ගැලපෙන මේ මදාවියා පොලිස් පති කරවීමය. එහෙත් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ කුමන්ත්‍රණකාරී සැළසුම සුනේ සුන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය දේශබන්දු තෙ...

පාස්කු ප්‍රහාරය⁣ට දින ගණනකට පෙර මව්බිම ස්ටෑන්ඩ් බයි ඉඳලා

Image
  එම තොරතුර මෙතෙක් අපරාධ විමර්ශන අංශයේ විමර්ශනයට හෝ අවධානයට ලක් වී නැති බවද සහතිකය.පාස්කු ප්‍රහාරය සිදු වූයේ 2019 අප්‍රේල් අවුරුද්දට පසුවය. එම අප්‍රේල් අවුරුද්ද⁣ට පසු දවසක හිටපු අමාත්‍ය ටිරාන් අලස්  සිය මව්බිම පුවත්පතේ කාර්ය මණ්ඩලය අමතා කිසියම් හදිසි ප්‍රවෘත්තියක් ලැබීමට ඉඩ තිබෙන බැවින් ඒ සඳහා සූදානමින් සිටින ලෙස දැනුම් දී තිබේ.ටිරාන් අලස් දුන් ඒ උපදෙස අනුව මව්බිම කාර්ය මණ්ඩලයේ ඡායාරූප ශිල්පියෙකු රියදුරෙක් හා කර්තෘ මණ්ඩලයට සම්බන්ධ වාර්තා කරුවන් කණ්ඩායමක් නම් කරන ලද අතර වාහනයක්ද සූදානම් කර ඇත. මෙය සිදු වී ඇත්තේ පාස්කු ප්‍රහාරයට දින දෙකකට හෝ තුනකට ආසන්නයේය. මෙම තොරතුරු ලංකා දවසට ලැබුණු ආකාරය ගැන සොයනවාට වඩා එම තොරතුර සත්‍ය දැයි සොයා බැලීම  පොලීසියේ වගකීමයි.අප මෙම තොරතුර  සඳහන් කර ඇත්තේ දැඩි වගකීමකිනි. එහිදී මේ තොරතුර ලැබුණ මූලාශ්‍රය ගැන අපට දැඩි විශ්වාසයක්ද පවතී. ප්‍රශ්ණය වන්නේ ටිරාන් අයියා නිසා මේ තොරතුර විමර්ශනය කිරීමට තබා ලංකා දවසේ ප්‍රවෘත්තිය කියවීමටවත් පොලීසිය උනන්දුවක් දක්⁣වන්නේද යන්නය. පොලීසිය සැබෑ ඕනෑ කමකින් ⁣මේ ගැන විමර්ශනය කරන්නේ නම් සාක්ෂි අනාවරණය කර ගත හැක...

ධම්මෝ භවෙි රක්ඛති ධර්මචාරී තේමාවෙන් පිට ගොස් දෑත් වලට මාංචු දා ගැනීම

Image
  මෙරට මහත් ආන්දෝලනයකට තුඩු දුන් සිදුවීමක් වූ වැලිගම හෝටලයක් අසල සිදුවූ වෙඩි තැබීමට අදාල සැකකාර පොලිස් නිළධාරීන් 06 දෙනා මාතර මහේස්ත්‍රාත් අධිකරණය මගින් පසුගිය දින (21)ඇප මුදා හැරිණි.එහිදී අදාල සැකකාරයින් හට එක් අයෙකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකාරයින් 06 දෙනාම මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී. වැලිගම පැලෑන ප්‍රදේශයේදී 2023 දෙසැම්බර් 31 වනදා W 15 හෝටලය ඉදිරිපිටදී සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ සැකකාර පොලිස් නිළධාරීන් අධිකරණයට බාර වී තිබුණි. හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් බන්ධනාගාර ගත කර සිටින්නේද මේ සිද්ධියට අදාලවමය සැකකාර පොලිස් නිළධාරීන් ඇප මත මුදා හරිමින් මාතර මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස සිය නඩු තීන්දුවේ මෙසේ සඳහන් කර තිබේ. "...අධිකරණයේ නිරීක්ෂණය වන්නේද මෙම ක්‍රියාවලිය තුළදී තමන් සමග දීර්ඝ කාලයක් සේවය කළ සහෝදර නිළධාරියෙකුගේද පොදු අදහසකින් ගත් කළ මනුෂ්‍යකුගේද ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් මෙම එකදු හෝ සැකකරුවකු තම අවම මනුෂ්‍ය වටිනාකම් අවදි කිරීමට කටයුතු කර නැති බවයි.වෘත්තිමය වශයෙන් පොදු මහජනයාගේ යහපත ආරක්ෂා කරනු ලබන වැටුපකට ...