ඇමති මහජන හමුවීම් ප්‍රාදේශීය සභා ඡන්දය අවසන් වන තුරු කල් දාලා


 

එළඹෙන මැයි මාසයේදී ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීමට මේ  වන විටත් නාම යෝජනා බාරගෙන අවසන්ය. මැතිවරණයට ඉදිරිපත් වී ඇති දේශපාලන පක්ෂ වල නායකයන් ⁣ප්‍රචාරක කටයුතු අරඹා තිබේ.


ජාජබ ආණ්ඩුවේ මහජන නියෝජිතයන්ද සිය මැතිවරණ කොට්ඨාශවල ප්‍රාදේශීය සභා මට්ටමින් රැස්වීම් සංවිධානය කරමින් පවතී.එහිදී වාර්තා වන ආකාරයට ආණ්ඩුවේ අමාත්‍යවරුන්  ප්‍රාදේශීය සභා මැතිවරණය අවසන් වන තුරු අමාත්‍යංශ වල  මහජන හමුවීම් නවතා දමා ඇති බව දැන ගැන්මට තිබේ.
මාසයක් ඉක්මවන කාලයක් අමාත්‍යවරුන් හමුවී  ප්‍රශ්ණ විසඳා ගැනීමට නොහැකි වීම හේතුවෙන් මහජනතාව බරපතල අපහසුතාවට පත් වෙන ⁣බව බොහෝ දෙනාගේ අදහසයි.
ඔවුන් බොහෝ දෙනා තමන්ට ලැබී ඇති තනතුරට පැවරී ඇති වගකීම් නොසළකා හැසිරෙන බවටද පැමිණිලි ලැබෙමින් පවතී.

බොහෝ අමාත්‍යවරුන්ගේ කාර්ය මණ්ඩල වල සිටින්නේද මහජන සම්බන්ධීකරණ කටයුතු පිළිබඳව කිසිදු අත් දැකීමක් නොමැති ළාබාල තරුණයන්ය.අමාත්‍ය සුනිල් හඳුනෙත්තිගේ කාර්ය මණ්ඩලයේ සේවය නිරත වන සම්බන්ධීකරණ ලේකම් වරයා අමාත්‍යවරයාගේ මහජන හමුවීම් පිළිබඳව විමසූ මාධ්‍යවේදියෙක් අපහසුතාවට හා අපහාසයට පත් වන ආකාරයෙන් හැසිරී ඇති බවටද වාර්තා
 වේ. මේ සම්බන්ධීකරණ ලේකම් වරයා එම මාධ්‍යවේදිය සමග කළ දුරකථන සංවාදය පටිගත කරන ලද බව ඇමතුමෙන් පසුව දැනුම් දී තිබේ.එහිදී මාධ්‍යවේදීයා සිය අවසරයක් නොමැතිව දුරකථන සංවාදය පටිගත කිරීම ගැන සම්බන්ධීකරණ ලේකම් වරයාට විරෝධය ප්‍රකාශ කර තිබේ.එහිදී එම සම්බන්ධීකරණ ලේකම් වරයා පවසා ඇත්තේ දුරකථනයක පටිගත කිරීමේ පහසුව ඇත්තේ පටි ගත කිරීමට බවය.
තවදුරටත් මාධ්‍යවේදියා ඒ සම්බන්ධයෙන් විරෝධතාව ප්‍රකාශ කළ විට මේ සම්බන්ධීකරණ ලේකම් වරයා  මාධ්‍යවේදියා අපහසුතාවට හා අපහාසයට පත් වන ආකාරයට "පස්වහන් දහසකට බුදු වන්ඩ දේවයන් වහන්ස ගැත්තාට සමාවන සේක්වා" යනුවෙන් සඳහන් කර ඇති වට්ස් ඇප් පණිවිඩයක් එවා ඇත්තේ ඔහුගේ නමද සඳහන් කරමිනි.මේ සිදුවීමෙන් අනාවරණය වන්නේ මෙම සම්බන්ධීකරණ ලේකම්වරයාගේ නූගත්කම හා උද්දච්චකම බව අපේ අදහසයි.අනවසරයෙන් දුරකථන සංවාදයක් පටිගත කිරීම මෙරට නෛතික වරදක් නොවූවද එය සදාචාරාත්මක වරදකි.එහෙත් කැලිෆෝනියාව වැනි බොහෝ රටවල් අනවසරයෙන් දුරකථන සංවාද පටිගත කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත් කර තිබේ.
 
එසේම මහජනතාව සඳහා අමාත්‍යවරුන් මහජන හමුවීම් නොපවත්වන බව මෙතෙක් නිල වශයෙන් වාර්තා කර නැත.
එහෙත් ආණ්ඩුවේ අමාත්‍යවරුන් එවැනි තීරණයකට එළඹ තිබේ නම් ඒ සඳහා ⁣සැළසුම් කර ඇති විකල්ප වැඩපිළිවෙල 
පිළිබඳව ජනතාව දැනුවත් කිරීම වැදගත්ය.ඒ මන්ද යත් මහජනතාවට මතුවන ප්‍රශ්ණ මාසයකට කල් දමා ගැනීමට අවස්ථාවක් නොමැති බැවිනි.

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්