ටිරාන් අලස් අයියා W 15 චෝදනාවෙන් ගැලවෙන හැඩයි
පසුගිය දිනවල මෙරට දැඩි කතාබහකටලක්වූ වැලිගම w 15 හෝටලයට කොළඹ අපරාධ කොට්ඨාශයේ පොලිස් නිළධාරීන් පිරිසක් විසින් වෙඩි තැබීමේ සිද්ධිය නිසා මෙරට 31 වන පොලිස්පතිවරයාට මහ උළුගෙදර තපින්නට සිදු වී තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩ තහනමකට ලක්ව සිටි ඔහු වැලිගම සිදු කරන ලද අපරාධය සම්බන්ධයෙන් අධිකරණය මග හැර සිට පසුව බාර විය.එහිදී එම නඩුව වෙනුවෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටි අතිරේක සොලිස්ටාර් ජනරාල් දිලීප පීරිස් ඉන්ටඩික් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හැඳින්වූයේ සංවිධානගත අපරාධකරුවන් වන මදූෂ් හා හරක් කටා වැනි අයවළුන්ටත් වඩා භයානක අපරාධ කරුවකු ලෙසය.දේශබන්දු තෙන්නකෝන්ගේ දූෂිත අවලම් හා පෝරිසාද පැටිකිරිය ගැන අප තොරතුරු හෙළි කෙරුවේ අද ඊයේ නොවේ.හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ විසින් ඔහු පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට යන බවට දැන ගැන්මට ලැබුණ දවසේ සිට ලංකා දවස මේ තක්කඩියා ගේකෙරුවාන් ගැන දිගින් දිගටම වාර්තා කෙරුවෙමු.එහෙත් ඒ ආණ්ඩුවේ ජාවාරම්කරුවන් ගේ අවශ්‍යතාව වූයේ ඔවුන්ටම ගැලපෙන මේ මදාවියා පොලිස් පති කරවීමය.එහෙත් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ කුමන්ත්‍රණකාරී සැළසුම සුනේ සුන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කරන ලදී.උඩ ඉන්න දෙවියන් බලනවා කියන්නේ එවැනි තීන්දු වලටය.එසේ නැති වූයේ නම් ජනපතිවරනයේදී අනුර සහෝදරයාට මෙරට ජනපතිවරයා වීමට අවස්ථාවක් නැති වන්නට ඉඩ තිබුණි.ටිරාන් අලස් හා දේශබන්දු ජෝඩුව ඒ සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයේ මිනීමරුවන් මුදා හැර බොහෝ දේශපාලනික මිනිස් ඝාතන රැසක් කිරීමට පවා සැළසුම් කර තිබූ බව ලංකා දවසට තොරතුරු පවා ලැබී තිබුණි.ඒ සැලසුම් අංජ බජල් වී ගියේ දේශබන්දු ගේ පොලිස්පති කම අහිමි වීම නිසාය.ලංකා දවස මේ පෝරිසාදයන් ගේ මෙලේච්ඡ අපේක්ෂාවන් දිගින් දිගටම අනාවරණය කරන ලදී.එහිදී අපට අතිරේක සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් පවා විත්ති කූඩුවේ තබා විවේචනය කරන්නට සිදු වූ අවස්ථාද නැත්තේ නොවේ.අප ඒ මොහොතේ සිතා ගෙන සිටියේ ටිරාන් හා දේශබන්දු ජෝඩුවේ පෝරිසාද කෙරුවාවට අතිරේක සොලිස්ටර් ජනරාල් දිලීප් පීරිස් ගේ සම්බන්ධයක් පවතින බවය.එහෙත් ඒ අදහස පසුව අප ඉවත් කර ගතිමු.පසුගියදා මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදී අතිරේක සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් ගේ පෙනී සිටීම අප කොන්දේසි විරහිතව අගය කරමු.එහිදීසිය වෘත්තීය ජීවිතය ඔහු විසින්ම විශිෂ්ට භාවයට ඔසවා තබා ගැණිනි.ඒ පිළිබඳව කිසිම විවේචනයක් නැත.මෙරට සමාජ සාධාරණත්වය අපේක්ෂාවෙන් සිටින පුරවැසියන් අතර වීරයකු වීමට දීලිප පීරිස්ට හැකි වූයේ ඔර්ලෝසු වෙලාවෙන් ඉතා සීමිත පැය ගණනකදීය.මෙවැනි විශිෂ්ට කැප කිරීම් කරන මිනිසුන් නැතිනම් මෙරට නීතිය වල පල්ලේය.මේ ආණ්ඩුව ගැන මිනිසුන් විශ්වාසය තබා සිටින්නේ හොරුන් ඇල්ලීම පිළිබඳවය.දේශබන්දු තෙන්නකෝන් වැනි අපරාධකරුවන් ද අයත් වන්නේ ඒ කුලයකටය.සියළු අපරාධ කරුවන්ට දඬුවම් දෙනු ඇතැයි විශ්වාසයෙන් සමාජය සිටී.ජාජබ ආණ්ඩුව ඒ සඳහා කොන්දේසි දෙකක් සපුරා ලිය යුතුය.ඒ අපරාධකරුවන් නීතියේ රැහැනින් බැඳ දැමීමට ජාජබ ආණ්ඩුවට අවංක වුවමනාවක් තිබීමයි.දෙවැන්න ඒ සදහා දක්ෂකමක් හා උනන්දුවක් පොලීසිය සතුව පැවතීමයි.මෙහිදී පොලීසියේ කැප වීම සම්බන්ධයෙන් අපට සැක මතු වී තිබේ.ජාජබ ආණ්ඩුව මේ වන විටත් පොලීසිය හසුරවන්නට ඉඩ දී ඇත්තේ රාජපක්ෂ සට්ටැඹියන්ටමය.නියෝජ්‍ය ඇමති සුනිල් වටගල හිතා ගෙන ඉන්නේ පොලීසියේ හැම එකාම නම්බුකාර වැදගත් විදියට රාජකාරි වුන් බවය.ඔහුට අඩුම තරමේ ජාජබයට හිතවත් පක්ෂපාතී පොලිස් කාරයන් කවුරුන්ද යන්න ගැනවත් අදහසක් නැත.ඒ ඔළුවේ තියෙන උද්දච්ච කම නිසාය.මේ මනුෂ්‍යයා පාවා දෙමින් සිටින්නේ ජාජබයට විශ්වාසය තැබූ මිනිසුන්ගේ ආත්ම ගෞරවයයි.එකක් තේරුම් ගත යුතුය.ජාජබය ජයග්‍රහණය කෙරුවේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් නිසා නොවේ.වෙනත් දේශපාලන පක්ෂ වල ක්‍රියාකාරිත්වය පිළිබඳව කළකිරුණු පාක්ෂිකයන් ජාජබය ගැන විශ්වාසය තැබූ නිසාය. පසුගිය දූෂිත දේශපාලඥයන් සමග එක පතේ කෑ එවුන් හා සුනිල් වටගල ඇමතිවරයා හුරතල් වීමේ කෙළවර වන්නේ ජාජබය ගැන විශ්වාසයෙන් සම්බන්ධ වූ මිනිසුන් ජාජබය අත්හැර යාමෙන් බව අපි ලියා තබමු.ඉන් අනතුරුව සුනිල් වටගල ඇමතිවරයාට ඉතිරි විය හැක්කේ සියයට තුන පමණය.සැබැවින්ම සුනිල් වටගල ඇමතිවරයාට කෙල වූවාට අපට කිසිම දුකක් කණගාටුවක් නැත.අපට වේදනාවක් තියෙන්නේ ජාජබ ආණ්ඩුවට අහිතක් වෙන එක ගැනය.පොලීසිය බාර අමාත්‍ය ආනන්ද විජේපාල ගෙන් අප ඉල්ලන්නේ එකම එක ඉල්ලීමකි.ජාජබය ජයග්‍රහණය කිරීමට අත් උදව් දුන් ලොකු පොඩි පොලිස් කාරයන් කවුරුන්ද යන්න සොයා බලා ඔවුන්ට රාජකාරිමය වගකීම් දෙන ලෙසය.එසේ නැති නම් රාජපක්ෂ කුලී හේවායන් නිසා සිරිසඟබෝ වන්නට ඉඩ තිබේ.අතිරේක සොලිස්ටාර් ජනරාල් දිලීප පීරිිිස පසුගියදා පෙනී සිටි W 15 හෝටලය සම්බන්ධ නඩුවෙන් ඔහු ඉවත් කර ඇති බව ලංකා දවසට ලැබූන අළුත්ම තොරතුරයි.නීතිපතිවරයා ඒ සදහා පත් කර ඇත්තේ අතිරේක නියෝජ්‍ය සොලිස්ටාර් යොහාන් අබේවික්‍රමය.මේ උන්දෑ ගැන නම් අමුතුවෙන් ලියන්නට දෙයක් නැත.හෙට අනිද්දා වන විට දේශබන්දු තෙන්නකෝන් W 15 නඩුවෙන් නිදොස් කොට නිදහස් බව නම් ලියා තබන්නට පුළුවන.නාවුක හමුදාපති කරන්නාගොඩ පාසැල් ශිෂ්‍යයන් පිරිසක් පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ නඩුවෙන් හිටපු නාවුක හමුදාපති කරන්නාගොඩ මුදා හැරීමට කටයුතු කෙරුවේ යොහාන් අබේවික්‍රමය.උදය ගම්මන්පිලගේ නඩුව ඔහුට වාසිදායක වන ආකාරයට වංගුවක් ගහන්නට හැදුවේද මොහුය.එහෙමවත් මේ උන්දෑ ගැන අදහසක් එන්නේ නැතිනම් මෑතකදී යූ ටියුබයේ විශාල පිරිසක ගේ අවධානයට ලක් වූ සිද්ධියක් මතකයට ගත්තා නම් හරිය.ඒ සිය වාහනය වෙනත් අයකුගේ වාහනයේ මදාවිකමට හප්පා තමන් නඩුකාරයෙක් යැයි චණ්ඩි පාට් දැම්මේ මේ උන්දෑය.මොහු W 15 හෝටලයේ නඩුව සඳහා නීතිපත වෙනුවෙන් පෙනී සිටීමට නම් කිරීම විශාල කුමන්ත්‍රණයක් බවට අපට සැකයක් මතු වී තිබේ.මේවා සිද්ධවන්නේ ආණ්ඩුවේ ඕනෑ කමටදැයි යන්න ගැන අපට අදහසක් නැත.එහිදී මේ වෙනස සිදු කර ඇත්තේ ටිරාන් අලස් ගේ ගැලවිජ්ජාව සඳහා වන්නට ඇති යැයි සැකයක් මතුවේ.ඒ සැකය ලේසි පහසු සැකයක්ද නොවේ.ඒ මන්ද යත් මෙම අතිරේක සොලිස්ටර් ජනරාල් ගේ කෙරුවාව පිළිබඳව ඇති චරිත සහතිකය ඉතා නරක නිසාය.
Comments
Post a Comment