මේ මොනවද වෙන්නෙ අනුර සහෝදරයා
ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකස් කර ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් සමාගමක කොටස් අලෙවි කර රුපියල් මිලියන 21 ක මුදලක් සාපරාධී සාවද්‍ය ලෙස පරිහරණය කරන ලදැයි චෝදනා ලද හිටපු අමාත්‍ය උදය ගම්න්පිල හා සිඩ්නි ජයසිංහ යන අයවළුන් අද (24) දින කොළඹ මහාධිකරණ විනිසුරු තිස්ස බලල්ලේ විසින් නිදහස් කරන ලදී.
යහපාලනය අවසන් භාගයේදී මෙම විත්තිකරුවන්ට එරෙහිව මේ නඩුව පවරන ලද්දේ නීතිපතිවරයා විසිනි.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් යොහාන් අබේවික්‍රම නීතිපතිවරයා නියෝජනය කරමින් මහාධිකරණයේ පෙනී සිටි අතර
හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල වෙනුවෙන් නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු පෙනී සිටියේය.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් යොහාන් අබේවික්‍රම විවාහ වී ඇත්තේ නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දුගේ කාර්යාලයේ සේවය කළ කාර්යාල කාර්ය සහායක සේවිකාව සමගය.ඉතුරු හරිය ගම්මන්පිල නිදහස් කරන ලද නඩු තීන්දුව එක්ක ගලපා ගත්තාට කමක් නැත.
පසුගිය දිනවල උදය ගම්මන්පිල ජාජබ ආණ්ඩුව ඉතා බරපතල ආකාරයෙන් විවේචනය කරමින් සිටි බව දකින්නට තිබුණි.ඒ වන විටත් මහාධිකරණයේ විභාග වෙමින් තිබුණ මෙම නඩුව පිළිබඳව ඔහුට කිසිදු බියක් සැකයක් නොතිබුණ බව ඉන් අපට නිරීක්ෂණය විය.මහාධිකරණයක විභාග වන අපරාධ නඩුවක විත්තිකාරයකු ඒ ආකාරයට සැහැල්ලුව සිටීම පවා හිතා ගන්නටත් බැරි කාරණයකි.ඉන් අපට සිතා ගත හැක්කේ තමන්ට පවරා තිබූ නඩුවේ තීන්දුව ගැන උදය ගම්මන්පිල දැනුවත්ව සිටි බවය.
කෙසේ වෙතත් ජාතික ජන බලවේගය පවරණ නඩු වලට ඉදිරි කාලයේදී සිද්ධ වන සන්තෑසියමද ඔය ටිකමය.සුදු කර පටි අපරාධකරුවන් හා දූෂිතයන් වැලිකඩ ජම්පර අන්දවන්නට ජාජබ පාක්ෂිකයන් කට ඇරගෙන බලා සිටියාට වැඩක් වන්නේ නැති බව අපි දැන්ම ලියා තබමු.බඩ ගින්නට පොල් ගෙඩියක් කඩා ගන්නා එකා අවුරුදු පහකට වැලිකඩ දක්කන නඩු කාර උන්නාසේලාද සුපිරි අපරාධකරුවන් විත්ති කූඩුවේ දකින විට බියෙන් සලිත වන බව මෙපමණ කාලයක් මෙරට අධිකරණ මගින් ලබා දෙන ලද තීන්දු ගැන සිතන විට තහවුරු කර ගත හැකිය.
ජනපති අනුර කුමාර සහෝදරයා ඇතුළු ජාජබ නායකයන් බලයට පත් වීමට පෙර ජනතාවගේ ඇඟ මයිල් ස්මයිල් වන ආකාරයට වේදිකාවල දෙසා බෑ කයිවාරු
මේ ගෙවී ගිය මාස දෙක තුළ ඉටු කෙරුවා නම් මෙලහකටත් වැලිකඩ මහර දුම්බර හා අඟුණකොලේ හිරගෙදරවල් පිරී යන්නේ සිපිරි ධනපති පන්තිය නියෝජනය කරන දේශපාලන අපරාධකරුවන් ගෙනි.හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මේ වන විට ජාජබ පාක්ෂිකයන්ගේ රසවත් අතුරු පසක් වූවාට තව අවුරුදු දෙක තුනකදී ඔහු සමාජයේ වීරයෙක් කරන්නටද මේ යන විදියට ජාතික ජන බලවේගයේ නායකයන් කටයුතු කරන්නටද ඉඩ තිබේ.
සමරවිට දේශබන්දු තෙන්නකෝන් ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාජබ ජාතික ලැයිස්තුව නියෝජනය කරන අයෙක්ද විය හැකිය.
අප අනතුරු ඇඟවීමක් කරමු.ඒ පහල ඇවරියේ අහිංසක ජාජබ ක්‍රියාකාරිකයන්ටය.ජාජබ නායකයන් ගේ මේ දෙබිඩි ගේම් නිසාම පොදුජන පෙරමුණේ නාමල් රාජපක්ෂ මෙරට ජනපතිවරයා වන බව නිසැකය.එවනි දවසක් උදා වුව හොත් ඒ ජයග්‍රහණයන් තුළ ජාජබයේ වෙස්සන්තර කරුණාව නමි නැති බව ලියා තැබිය යුතුමය.ජාජබයේ නායකයන් තමන් ලද අන්ත පරාජයෙන් පසුව අතට අත දී සමුගෙන යන විට පහල ඇවරියේ අහිංසක ජාජබයන්ට කන්නට වෙන්නේ මදි නොකියන්ටය.
සුනිල් වටගල හර්ෂණ නානායක්කාර ආදීන් ඇමතිවරුන්ගේ ගේ උද්දච්ච කෙරුවාව අපට නම් හිරිකිතයකි.අපි විශාල බලාපොරොත්තු තියාගෙන සිටියේ මොවුන්ගේ මනුස්සකම් ගැනය.
අවංකකම ගැනය.එහෙත් ඒවා වෙස් මුහුනු පමනක් බව වැටහෙන්නේ බලය ලැබුණාට පසු ඔවුන්ගේ හැසිරීම දකින ඇසෙන විටය.
ජනපති අනුර කුමාර සහෝදරයා ඉන්නේ කිසිත් නොදන්නා ගාණටය.ඒ නිසාම අපට මේ සිද්ධ වෙමින් පවතින්නේ කුමක්ද යන්න පවා හරි හැටි පැහැදිලි නැත.
පාර්ලිමේන්තු කයිවාරු මහ පොළවට අදාල නැත.අලියා තමන්ගේ ඇඟපත ගැන දැනීමක් නැති බව ජනවහරේ පවතී.ජාජබ ආණ්ඩුවද තමන්ට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තිබෙන බව තවමත් නොදනී.ඒ නිසාම පැරණි දේශපාලන තක්කඩියන්ට බය වී සිටී.දැන් දැන් ඒ අපරාධ කරුවන් ජනපති අනුර කුමාර සහෝදරයාගේ ඔළුවට අත හෝදන තරමට ශක්තිමත් වෙමින් තිබෙන බව අසන්නට ලැබේ.ඔවුන්ට ඒ හයිය හත්තිය ලැබී ඇත්තේ නීතිපති කාර්යාලයෙනි.පොලීසියේ කෙරුම්කාරයන්ගෙනි.අධිකරණයේ නඩු කාරයන්ගෙනි.මේ හැම තැනකම පැරණි අපරාධ කරුවන් සමග එක මල්ලේ ලූණු කෑ වුන් සිටී.ඒවා වෙනස් කරන්නට ජනපති අනුර කුමාර සහෝදරයා අද හෙටම තීරණය නොකළහොත් ඇවන්ගාඩ් මේජර් සේනාධිපති ජවිපෙ ගැන පසුගිය කාලයේදී සිදු කර ඇති ප්‍රකාශයන් සිහිපත් කර ගත්තා නම් හොඳය.මේ වන විටත් ජාතික බුද්ධි සේවාව පවා මේජර් සේනාධිපති ගේ මුදල් පසුම්බියේ වැදී සිටී.ජනපතිවරයාට බුද්ධි තොරතුරු ඒමට පෙර මේජර් සේනාධිපති අතට ගොස් හමාරය.
මේ යන විදියට ජාජබ ආණ්ඩුවට කෙල වෙන කෙල විල්ල ලේසි පාසු නැත. ඉන් ජාජබයේ පහලම ඇවරියේ අහිංසකයන්ට සිද්ධවන විනාශය ගැන අප තුළ පවතින්නේ බරපතල කම්පනයකි.
Comments
Post a Comment