පාස්කු ප්‍රහාරය⁣ට දින ගණනකට පෙර මව්බිම ස්ටෑන්ඩ් බයි ඉඳලා

 


එම තොරතුර මෙතෙක් අපරාධ විමර්ශන අංශයේ විමර්ශනයට හෝ අවධානයට ලක් වී නැති බවද සහතිකය.පාස්කු ප්‍රහාරය සිදු වූයේ 2019 අප්‍රේල් අවුරුද්දට පසුවය.

එම අප්‍රේල් අවුරුද්ද⁣ට පසු දවසක හිටපු අමාත්‍ය ටිරාන් අලස්  සිය මව්බිම පුවත්පතේ කාර්ය මණ්ඩලය අමතා කිසියම් හදිසි ප්‍රවෘත්තියක් ලැබීමට ඉඩ තිබෙන බැවින් ඒ සඳහා සූදානමින් සිටින ලෙස දැනුම් දී තිබේ.ටිරාන් අලස් දුන් ඒ උපදෙස අනුව මව්බිම කාර්ය මණ්ඩලයේ ඡායාරූප ශිල්පියෙකු රියදුරෙක් හා කර්තෘ මණ්ඩලයට සම්බන්ධ වාර්තා කරුවන් කණ්ඩායමක් නම් කරන ලද අතර වාහනයක්ද සූදානම් කර ඇත.
මෙය සිදු වී ඇත්තේ පාස්කු ප්‍රහාරයට දින දෙකකට හෝ තුනකට ආසන්නයේය.

මෙම තොරතුරු ලංකා දවසට ලැබුණු ආකාරය ගැන සොයනවාට වඩා එම තොරතුර සත්‍ය දැයි සොයා බැලීම  පොලීසියේ වගකීමයි.අප මෙම තොරතුර  සඳහන් කර ඇත්තේ දැඩි වගකීමකිනි.
එහිදී මේ තොරතුර ලැබුණ මූලාශ්‍රය ගැන අපට දැඩි විශ්වාසයක්ද පවතී.

ප්‍රශ්ණය වන්නේ ටිරාන් අයියා නිසා මේ තොරතුර විමර්ශනය කිරීමට තබා ලංකා දවසේ ප්‍රවෘත්තිය කියවීමටවත් පොලීසිය උනන්දුවක් දක්⁣වන්නේද යන්නය.
පොලීසිය සැබෑ ඕනෑ කමකින් ⁣මේ ගැන විමර්ශනය කරන්නේ නම් සාක්ෂි අනාවරණය කර ගත හැකි බවද අපි සඳහන් කරමු.

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්