Posts

Showing posts from January, 2026

මවුබිම නැවත ගොඩ නැගීමේ දැවැන්ත කාර්ය භාරය අප දෙවුර මතය - ජනපති අනුර කුමාර දිසානායක

Image
නව වසරේ (2026)ජනපති අනුර කුමාර දිසානායක ගේ සුබ පැතුම් පණිවිඩය නව වසරට අප පා තබන්නේ රටක් ලෙස එදා මෙදා තුර විශාලම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය හා රට නැවත ගොඩ නැඟීමේ කාර්ය භාරය දෙවුර දරා ගත් ජාතියක් ලෙසටය.අභියෝග රාශියක් මැද වුවද ගෙවුණු 2025 වසර ජාතික අභිලාෂ මත පදනම් වූ තිරසාර සංවර්ධනයේ අඩිතාලම සකස් කළ වසර විය.1977 න් පසු වාර්තා වූ අඩුම අය වැය හිඟය වාර්තා කිරීම 2007 වසරට පසු මෙරට වැඩිම රාජ්‍ය ආදායම වාර්තා කිරීම ,ඉතිහාසයේ ප්‍රථම වතාවට ප්‍රාථමික ගිනුමේ අතිරික්තකයක් තබා ගැනීම, භාණ්ඩ සහ සේවා අපනයන ආදායම ඩොලර් බිලියන 17 ක් ඉක්මවීම,මෙරට ඉතිහාසයේ රාජ්‍ය ආදායම් ඉලක්ක අභිබවා ගිය එකම වසර බවට පත් කිරීම සහ මෑත ඉතිහාසයේ සංචාරකයන් වැඩිම ප්‍රමාණයක් මෙරටට පැමිණි වසර බවට පත්වීම ආදිය මෙසේ 2025 වසරේ ලබා ගත් සුවිශේෂී ආර්ථික ජයග්‍රහණ වේ. දූෂිත  දේශපාලන ක්‍රමය වෙනුවට ලාංකීය පොදු මහජනතාවගේ දීර්ඝ කාලීන අපේක්ෂාවක් වූ මහජනතාවට අවංකව සේවය කරන යහපත් දේශපාලන සංස්කෘතියක් රට තුළ නිර්මාණය කිරීම මෙන්ම අනාගත පරපුර විෂ මත්ද්‍රව්‍ය උවදුරින් මුදා ගැනීමේ රටම එකට ජාතික මෙහෙයුම වැනි වැඩ සටහන් ක්‍රියාත්මක  කිරීමෙන් 2025 වසර...

සියල්ලටම ප්‍රථම රට ගැන සිතන්න- ගරු කාදිනල් හිමිපාණෝ

Image
  සියල්ලටම ප්‍රථම රට යන අදහස ඇතුව සියලු දෙනා නව වසරේදී කටයුතු කළ යුතු බව කොළඹ අගරදගුරු අති උතුම් මැලිකම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.උන්වහන්සේ නිකුත් කරන නව වසරේ පණිවුඩය මෙසේය. "2026 නව වසර ආරම්භ වන මේ මොහොතේ සියලු කතෝලික ජනතාවගෙන් මෙන්ම සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඉතාම භයානක ව්‍යසනයකට ගොදුරු වූ රට නැවත ගොඩ නගා ගැනීමට සියලු දෙනා සහෝදරත්වයෙන් එකමුතුව ,එදිරිවාදිකම් ,දේශපාලන බෙදීම් ආදියෙන් තොරව රට ගොඩ නැගීම වෙනුවෙන් කටයුතු කරන ලෙස මම ඉල්ලමි.එවන් එකමුතුවක් තුළින් අප රටේ ආර්ථික  පීඩාවන්ට ගොදුරු වී සිටින ජනතාවට ගොඩ නැගීමට අවශ්‍ය ශක්තිය ධෛර්ය අපට ලැබේ.එකමුතු කම වර්ධනය කරමින් රටට ආදරය කරන හදවතකින් යුතුව සියල්ලටම ප්‍රථම රට කියන අදහස ඇතුව අප සියලුම දෙනාම මේ නව වසරේදී කටයුතු කරමු.සියලු බලාපොරොත්තු සපල වන සුබ නව වසරක් වේවායි මම පතමි"

සුබ නව වසරක් වේවා

Image
  2025 වසර ගෙවී ගොසිනි.නව වසරක ආලින්දයේ සිට අප ගෙවී ගිය නව වසර ගැන නැවත නැවතත් සිහිපත් කරමු.අප එසේ සිහිපත් කරන්නේ අප දිනාගත් ජයග්‍රහණ ගැන නොවේ.අපට වැරදුන තැන්ය.ලබා ගත් ජයග්‍රහණ වලට වඩා අප නිවැරිදි කරන්නේ අපට අත් වූ පරාජයන්ය.ලංකා දවස නිරන්තරයෙන් පෙනී සිටියේ සමාජ භාවිතයේ පුරවැසියන්⁣ වෙත පොදුවේ රාජ්‍ය බල අධිකාරීන් වෙතින් සිදු වෙන අකටයුතුකම් අසාධාරණකම් හා වෙනස්කම් නිවැරිදි කිරීම වෙනුවෙන්ය.පුරවැසියන් වෙනුවෙන් අප එහිදී කොන්දේසි විරහිතව පෙනී සිටියෙමු.අපට ඉන් කිසිදු ලාභයක් අත් නොවූවද අප උපන් බිමේ පුරවැසියන් හට යම් සාධරණයක් ඉටු වෙනු දැකීම අපගේ අපේක්ෂාව විය.අසාධරණයට දූෂණයට හා වංචාවට එරෙහිව අපි බියෙන් හා සැකයෙන් තොරව පෙනී සිටියෙමු.එහිදී ඇතැම් අවස්ථාවලදී අප⁣ගේ ජීවිතය පවා  අවදානමට ලක් වූ බව අපට මතකය.ලංකා දවසේ අනාවරණය කිරීම් වලින් කෝපයට පත් වූ මේලේච්ඡ පෙපා්රිසාදයන් අපගේ මරණ වරෙන්තු පවා ලියා අත්සන් කළ තැබූ බවද අපට තොරතුරු ලැබී තිබුණි.එහෙත් ඒ තර්ජන වලට බියට පත්ව නිවටව සැඟවෙන්නට අපට උත්සාහ නොකෙළෙමු.ඉදිරියටත් එසේමය.අපගේ ජීවිතයට වඩා දුකට වේදනාවට පත් වූ පුරවැසියකුගේ හෝ පුරවැසියන්ගේ හෘද සාක්ෂිය අ...