එක්නැලිගොඩ නඩුවේ විත්තිකාරයෙක් බ්‍රිගේඩියර් තනතුරට උසස් කරලා
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ නඩුවේ චුදිතයකු වන කර්නල් තෙල්ගේ එරන්ත රදීෂ් ප්‍රදීප් නම් හමුදා නිළධාරියා තාවකාලික බ්‍රිගේඩියර් තනතුරට පත් කිරීම සඳහා වූ ලේඛනයකට ජනපතිවරයා විසින් අත්සන් තබා ඇතැයි මාධ්‍ය ගණනාවක් වාර්තා කර තිබේ.2010 වර්ෂයේ ජනවාරි මාසයේදී මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගෙන ගොස් අතුරුදන් කළ බවට චෝදනා ලබා සිටින කර්නල් ෂම්මි කුමාර රත්න ඒ වන විට ගිරිතලේ හමුදා බුද්ධි බලකා කඳවුරේ අණදෙන නිළධාරියා ලෙස කටයුතු කර ඇති අතර එවකට මේජර් වරයකු වූ එරන්ත ප්‍රදීප් එම කඳවුරේ සේවය කර තිබේ.මේජර් එරන්ත ප්‍රදීප් 2008 වර්ෂයේ සිට 2012 දක්වා එම කඳවුරේ සේවය කර ඇති අතර ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීම සම්බන්ධයෙන් ඔහු සම්බන්ධ වී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කර ගන්නේ දුරකථන ඇමතුම් වාර්තා විශ්ලේෂනයෙනි.ඔහු ගේ හිමිකාරත්වය යටතේ පැවති 0773451352 ඩයලොග් දුරකථන අංකය ඔහු විසින් ලබා ගෙන තිබුණේ අංක 87 බෞද්ධාලෝක මාවත කොළඹ යනුවෙන් සඳහන් ව්‍යාජ ලිපිනයකටය.
කෙසේ වෙතත් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ චෝදනාව යටතේ පවරන ලද නඩුවේ මෙම මේජර් වරයාද විත්තිකරුවෙකි.එහි අනෙක් විත්තිකරුවන් වන්නේ හමුදා බුද්ධි බලකායට සම්බන්ධ කර්නල් ෂම්මි කුමාරරත්න,ඩබ්ලිව්.ඩී.උපසේන නොහොත් සුරේෂ් ,ආර්.එම්.පී.කේ නොහොත් නාදන්,එස්.එම්.රවීන්ද්‍ර රූපසේන නොහොත් රංජි,චමින්ද කුමාර අබේරත්න,කණිෂ්ක ගුණරත්න,අයියසාමි බාලසුබ්‍රමනියම් ,තරංඟ ප්‍රසාද් යන අයවළුන්ය.මේ නඩුවේ සාක්ෂි කරුවන්ට තර්ජනය කිරීමේ චෝදනාව යටතේ කර්නල් ෂම්මි කුමාරරත්න බන්ධනාගාර ගත කරන ලදී.මේ නඩුවේ චුදිතයකු වන එස්.එම්.රවීන්ද්‍ර නැමැත්තා පසුගියදා කරණ්දෙණිය හමුදා කඳවුරෙන් ටී පනස් හයක් හා පතොරම් තොගයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් පොලිස් අත් අඩංගුවට ගැණිනි.එරන්ත ප්‍රදීප් තාවකාලික බ්‍රිගේඩියර් තනතුරට නිර්දේශ කර ඇත්තේ හමුදා ලේකම් මේජර් ජනරාල් බී.ජී.එන්.ප්‍රනාන්දුය.මෙම ලේඛනයේ තවත් ඡ්‍යෙෂ්ඨ හමුදා නිළධාරීන් දෙදෙනෙකුගේ නම් සඳහන් බවද පැවැසේ කෙසේ වෙතත් ජනපති අනුර කුමාර දිසානායක එම නිර්දේශිත නාම ලේඛනයට අත්සන් තබා ඇතැයි ප්‍රකාශ වුවද එම නිළධාරීන්ගේ උසස්වීම් මෙතෙක් ගැසට් කර නැත.බලයට ඒමට පෙර පසුගිය ආණ්ඩුකාලයේ ඝාතනය කෙරුණ හා අතුරුදන් කෙරුණ මාධ්‍යවේදීන් යුක්තිය හා සාධාරණය ඉටු කරන බවට පොරොන්දු දුන් ජනපති අනුර කුමාර දිසානායක එවැනි අපරාධ නඩුවක විත්තිකරුවෙකු උසස් කිරීමට සදහා සිය අනුමැතිය ලබා දීම බරපතල ප්‍රශ්ණයක් වී තිබේ.ජනපතිවරයා එසේ සිය අනුමැතිය ලබා දී ඇත්තේ නොදැනුවත්ව නම් එය ඊටත් වඩා අනතුරු දායක ප්‍රවනතාවකි.හමුදා ඡ්‍යෙෂ්ඨ නිළධාරීන් උසස් කිරීමේදී පසුබිම් වාර්තා නොසළකා හරිම්න් ජනපතිවරයා අපහසුතාවට පත් වන ආකාරයට ලිපි ලේඛන වලට අත්සන් ගැනීමෙන් හෙළිදරව් වන්නේ යටිබිම්ගතව රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් පවතින බවය.මේ සියල්ල සැළසුම් සහගතව සිදු කරන ඒවා බව තහවුරුය.මේ කුමන්ත්‍රණකාරීන් ආණ්ඩුවට එරෙහිව සමාජය තුළ අපකීර්තිමත් හැඟීමක් නිර්මාණය කිරීම සඳහා විටින් විට ප්‍රශ්ණකාරී සිද්ධීන් මුදා හරිමින් සිටී.අපරාධ නඩුවක චෝදනා ලබා සිටින විත්තිකරුවකු වැඩ තහනමකට යටත් නොකර මෙතෙක් කාලයක් සේවයේ රඳවා ගැනීමද මෙහිදී අවධානයට ගත යුතු කාරණයකි.දැන් සිද්ධ වී ඇත්තේ එවැනි චුදිතයකුට ජනපතිවරයා ලවා බ්‍රිගේඩියර් තනතුර ලබා දීමය.මේ චුදිතයා බ්‍රිගේඩියර් තනතුරට උසස්වීමේදීරෙදි ගැලවෙන්නේ ජාජබ ආණ්ඩුවේය.
.png)
Comments
Post a Comment