මවුබිම නැවත ගොඩ නැගීමේ දැවැන්ත කාර්ය භාරය අප දෙවුර මතය - ජනපති අනුර කුමාර දිසානායක
නව වසරේ (2026)ජනපති අනුර කුමාර දිසානායක ගේ සුබ පැතුම් පණිවිඩයනව වසරට අප පා තබන්නේ රටක් ලෙස එදා මෙදා තුර විශාලම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය හා රට නැවත ගොඩ නැඟීමේකාර්ය භාරය දෙවුර දරා ගත් ජාතියක් ලෙසටය.අභියෝග රාශියක් මැද වුවද ගෙවුණු 2025 වසර ජාතික අභිලාෂ මත පදනම් වූ තිරසාර සංවර්ධනයේ අඩිතාලම සකස් කළ වසර විය.1977 න් පසු වාර්තා වූ අඩුම අය වැය හිඟය වාර්තා කිරීම 2007 වසරට පසු මෙරට වැඩිම රාජ්‍ය ආදායම වාර්තා කිරීම ,ඉතිහාසයේ ප්‍රථම වතාවට ප්‍රාථමික ගිනුමේ අතිරික්තකයක් තබා ගැනීම, භාණ්ඩ සහ සේවා අපනයන ආදායම ඩොලර් බිලියන 17 ක් ඉක්මවීම,මෙරට ඉතිහාසයේ රාජ්‍ය ආදායම් ඉලක්ක අභිබවා ගිය එකම වසර බවට පත් කිරීම සහ මෑත ඉතිහාසයේ සංචාරකයන් වැඩිම ප්‍රමාණයක් මෙරටට පැමිණි වසර බවට පත්වීම ආදිය මෙසේ 2025 වසරේ ලබා ගත් සුවිශේෂී ආර්ථික ජයග්‍රහණ වේ.
දූෂිත දේශපාලන ක්‍රමය වෙනුවට ලාංකීය පොදු මහජනතාවගේ දීර්ඝ කාලීන අපේක්ෂාවක් වූ මහජනතාවට අවංකව සේවය කරන යහපත් දේශපාලන සංස්කෘතියක් රට තුළ නිර්මාණය කිරීම මෙන්ම අනාගත පරපුර විෂ මත්ද්‍රව්‍ය උවදුරින් මුදා ගැනීමේ රටම එකට ජාතික මෙහෙයුම වැනි වැඩ සටහන් ක්රියාත්මකකිරීමෙන් 2025 වසර මෙරට දේශපාලන හා සමාජ පරිවර්තනයක හැරවුම් වසරක් ලෙස සනිහටුන් වනු ඇත.මෙරට මෑත කාලීනව මුහුණ දුන් විශාලතම ස්වභාවික ව්‍යසනයක අභියෝගයටද අප පසුගිය වසරේදී එක්ව මුහුණ දුන්නෙමු.එහිදී අප ජනතාව තුළ ඇති සහකම්පනීය මනුෂ්‍යත්වය කිසිදු ව්‍යසනයකට උදුරා ගත නොහැකි මහඟු ගුණාංඟයක් බව සනාථ කරමින් රට පුරා ජනතාව විපතට පත් සිය සහෝදර ජනතාව සමග අත් වැල් බැඳ ගත්හ.මෙම අභියෝගයට මුහුණ දීමේදී සහාය දුන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සහ යලි නැගී සිටීමට මිතුරුකමේ සවිය සැපයූ ලොව සියලු මිත්‍ර රාජ්‍ය වෙතද ,ආපදා තත්වය හමුවේ ස්වකීය දිවි නොතකා කටයුතු කළ පොලීසිය ,ත්‍රිවිධ හමුදාව මෙන්ම මෙරට රාජ්‍ය නිළධාරී තන්ත්රයද මෙහිලා කෘත වේදීව සිහිපත් කරමි.අප සැම එක්ව තව බොහෝ දුර යා යුතුව ඇත.ලෝක ඉතිහාසයේ බිඳ වැටුනු සෑම රාජ්‍යයක්ම ගොඩ නැගීමේදී ප්‍රධානතම පිටු බලය වූයේ එම ජනතාවගේ අභිලාෂය හා ධෛර්යයි.මගේ රටේ ආදරණීය පුරවැසියන් ගේ නොසැලෙන ධෛර්යයේ ශක්තිය හේතවෙන් අප සැම එක්ව පැවතියාටත් වඩා යහපත් රටක් ගොඩ නැගිය හැකි බව අපි ඒකාන්තයෙන් විශ්වාස කරමු.නව වසරක උදාව අපට ගෙවී ගිය නව වසරේ අත්දැකීම් සමාලෝචනයට අවස්ථාව සලසා දෙන අතරම ,නව වසර ගැන සුබවාදී ආකල්ප වලින් යුතුව යළි සැළසුම් කරන්නට අවස්ථාවක් උදා කරයි.අප අබිමුව පවතින අභියෝග නිවැරිදිව අවබෝධ කර ගනිමින් රට යළි ගොඩ නැගීමේ වැඩ පිළිවෙළ සමග විශ්වාසයෙන් යුතුව සහෝදරත්වයෙන් අත් වැල් බැඳ ගැනීමට සියලු දෙනාට ආරාධනා කරමින් උදාවූ 2026 නව වසර සියලු සහ යහ පැතුම් ඉටු වන ජයග්‍රාහී නව වසරක් වේවායි ශුභාසිංසනය කරමි
.png)
Comments
Post a Comment