සියල්ලටම ප්‍රථම රට ගැන සිතන්න- ගරු කාදිනල් හිමිපාණෝ
සියල්ලටම ප්‍රථම රට යන අදහස ඇතුව සියලු දෙනා නව වසරේදී කටයුතු කළ යුතු බව කොළඹ අගරදගුරු අති උතුම් මැලිකම් කාදිනල් රංජිත් හිමිපාණෝ
පවසති.උන්වහන්සේ නිකුත් කරන නව වසරේ පණිවුඩය මෙසේය."2026 නව වසර ආරම්භ වන මේ මොහොතේ සියලු කතෝලික ජනතාවගෙන් මෙන්ම සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඉතාම භයානක ව්‍යසනයකට ගොදුරු වූ රට නැවත ගොඩ නගා ගැනීමට සියලු දෙනා සහෝදරත්වයෙන් එකමුතුව ,එදිරිවාදිකම් ,දේශපාලන බෙදීම් ආදියෙන් තොරව රට ගොඩ නැගීම වෙනුවෙන් කටයුතු කරන ලෙස මම ඉල්ලමි.එවන් එකමුතුවක් තුළින් අප රටේ ආර්ථික පීඩාවන්ට ගොදුරු වී සිටින ජනතාවට ගොඩ නැගීමට අවශ්‍ය ශක්තිය ධෛර්ය අපට ලැබේ.එකමුතු කම වර්ධනය කරමින් රටට ආදරය කරන හදවතකින් යුතුව සියල්ලටම ප්‍රථම රට කියන අදහස ඇතුව අප සියලුම දෙනාම මේ නව වසරේදී කටයුතු කරමු.සියලු බලාපොරොත්තු සපල වන සුබ නව වසරක් වේවායි මම පතමි"
.png)
Comments
Post a Comment