සුබ නව වසරක් වේවා

 


2025 වසර ගෙවී ගොසිනි.නව වසරක ආලින්දයේ සිට අප ගෙවී ගිය නව වසර ගැන නැවත නැවතත් සිහිපත් කරමු.අප එසේ සිහිපත් කරන්නේ අප දිනාගත් ජයග්‍රහණ ගැන නොවේ.අපට වැරදුන තැන්ය.ලබා ගත් ජයග්‍රහණ වලට වඩා අප නිවැරිදි කරන්නේ අපට අත් වූ පරාජයන්ය.ලංකා දවස නිරන්තරයෙන් පෙනී සිටියේ සමාජ භාවිතයේ පුරවැසියන්⁣ වෙත පොදුවේ රාජ්‍ය බල අධිකාරීන් වෙතින් සිදු වෙන අකටයුතුකම් අසාධාරණකම් හා වෙනස්කම් නිවැරිදි කිරීම වෙනුවෙන්ය.පුරවැසියන් වෙනුවෙන් අප එහිදී කොන්දේසි විරහිතව පෙනී සිටියෙමු.අපට ඉන් කිසිදු ලාභයක් අත් නොවූවද අප උපන් බිමේ පුරවැසියන් හට යම් සාධරණයක් ඉටු වෙනු දැකීම අපගේ අපේක්ෂාව විය.අසාධරණයට දූෂණයට හා වංචාවට එරෙහිව අපි බියෙන් හා සැකයෙන් තොරව පෙනී සිටියෙමු.එහිදී ඇතැම් අවස්ථාවලදී අප⁣ගේ ජීවිතය පවා  අවදානමට ලක් වූ බව අපට මතකය.ලංකා දවසේ අනාවරණය කිරීම් වලින් කෝපයට පත් වූ මේලේච්ඡ පෙපා්රිසාදයන් අපගේ මරණ වරෙන්තු පවා ලියා අත්සන් කළ තැබූ බවද අපට තොරතුරු ලැබී තිබුණි.එහෙත් ඒ තර්ජන වලට බියට පත්ව නිවටව සැඟවෙන්නට අපට උත්සාහ නොකෙළෙමු.ඉදිරියටත් එසේමය.අපගේ ජීවිතයට වඩා දුකට වේදනාවට පත් වූ පුරවැසියකුගේ හෝ පුරවැසියන්ගේ හෘද සාක්ෂිය අපට වැදගත්ය.


අද උදෑසන ආහාරයට ගත් සලාකය ⁣දවල්ට අමතක වන බොහොමයකට පසුගිය අවුරුද්දේ සිද්ධවුන දේවල් මතකයේ නොතිබෙන්නට පුළුවන. කවුරුන් කවර ආකාරයෙන් අර්ථ කථනය කළද සම්මත විදියට ගණන් බැලුවොත් මෙය අලුත් අවුරුද්ද බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත.අප බොහෝ ප්‍රාර්ථනා කරන දවස අලුත් අවුරුද්දේ පළමු දවස බවද සඳහන් කළ හැකියි.එහෙත් මිනිස් සමාජයේ සාර්ථකත්වය ඇත්තේ ප්‍රාර්ථනා වල නොවෙන බවත් තමන්ගේ අරමුණු වෙනුවෙන් සිදු කරන කැප වීම තුළත් අප සැම අවධාරණය කර ගැනීම ඉතා වැදගත්ය.

සියලු සත්වයෝ නිදුක් වෙත්වා යනුවෙන් බුදුන් වහන්සේ දේශනා කරන විට ඇරිස්ටෝටල් ප්‍රකාශ කෙරුවේ සියලු සත්වයෝ දේශපාලනික බවය.සැබැවින්ම අප දැන් පොර බදමින් සිටින්නේ දේශපාලනික සමාජයකය.ඒ සමාජය තුළ දේශපාලන කියවීම අත් හැර වෙනත් විවේචනයක් හෝ මතවාදයක් සමාජ ගත කරන්නට අපට නුපුළුවන.එහිදී අපි දේශපාලන ප්‍රතිපත්ති පිළිබදව අවධානය යොමු කෙරුවා විනා අපට පුද්ගලයන් හෝ ⁣ඔහුන්ගේ කෙරුවාවන් තඹ දොයිතුවකට වැදැගැම්මක් නොවීය.

එහෙත් ලංකා දවසේ කාර්ය භාරය හරි හැටි වටහා නොගත් බොහෝ දෙනෙකුද  සිටී.අපට ඒ කෝන්තර අදාල වන්නේද නැත.ලංකා දවස කවදා හෝ නැවතෙන්නට ඉඩ තිබේ.එහෙත් ඒ දක්වාම අප අපගේ ලිවීමට සාධාරණය ඉටු කරමු.අප සුබ නව වසරක් වේවායි ඔබ සැමට ප්‍රාර්ථනා කරන්නේද ඔබ වෙනුවෙන් හෙට දවසේදීත් කොන්දේසි විරහිතව පෙනී සිටින බවට සහතික වෙමිනි.එහිදී අවසානයට අපට ලියන්නට ඇත්තේ මෙච්චරය.ඒ "සමනලුන්ට ආස නම් දළඹුවන්ට ආදරය කරන්න"යනුවෙනි.

ලංකා දවස සංස්කාරක මණ්ඩලය

Comments

Popular posts from this blog

සිරගෙදර බොසාලා ගැන අපේ හෙළිදරව්ව

රෙදි ඉල්ලේ සන්ධානය මරු

කල්පිටිය පොලීසියට නැවතත් ජාවාරම්කාර ඕඅයීසී පත් කරලා