ඇවන්ගාඩි සේනාධිපති හා ආරක්ෂක ලේකම් කමල් ගුණේ නයිජීරියා ගියේ තවත් මිනිස් ඝාතනයකටදැයි සැකයක් මතුවේ
පසුගියදා නයිජීරියාවේ සංචාරයක් සදහා මෙරටින් ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුණරත්න යුද හමුදාපති විකුම් ලියනගේ හා ඇවන්ගාඩ් සේනාධිපති ගිය බව අප වාර්තා කෙරුවෙමු.මෙම සංචාරය පිළිබඳව අපට දැන ගැන්මට ලැබුණ දවසේ සිටම ඒ ගැන අපට ඇති වූයේ බරපතල සැකයකි.නයිජීරියාව ලෝකයේ සියයට හැටක දිළිඳු ජනතාවක් ජීවත්වන හා ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත සංවිධානයක් වූ බොකෝරාම් සංවිධානය ක්‍රියාත්මක වන රාජ්‍යයකි.නයිජීරිිියානු රාජ්‍යයේ ඡ්‍යෙෂ්ඨ ආරක්ෂක නිළධාරීන් පවා බොකෝරාම් ත්‍රස්ත සංවිධානය සමග අන්ත දූෂිත ගණුදෙනු වල යෙදෙන බවද අනාවරණය වී තිබේ. මෙලේච්ඡ ආගමික ත්‍රස්ත සංවිධානයක් වන මෙම සංවිධානය කුඩා දරුවන් හා කාන්තාවන් යොදා ගනිමින් එල්ල කර ඇති මරා ගෙන මැරෙන ප්‍රහාර සංඛ්‍යාව පන්සියයට ආසන්න බව පැවසේ. ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ඇතුළු කණ්ඩායම නයිජීරියාවේ සංචාරය කරන ලද්දේ ආරක්ෂක හා ආර්ථික කටයුතු සම්බන්ධයෙන් සහයෝගිතා සාකච්ඡාවන් සදහා බව අනාවරණය කරන ලද මුත් අන්ත දිළිඳු රාජ්‍යයකින් අපේ රටට ලබා ගත හැකි ආර්ථික සහයෝගයක් නැති බව පැහැදිලි කාරණයකි.තව දුරටත් නයිජීරියාව සිය රාජ්‍ය තුළ බොකෝරාම් ත්‍රස්ත සංවිධානයේ ක්‍රියාකාරකම...