රහස් පොලීසිය කුජීතයි කම්මුතුයි කපෝතියි
රනිල් හාමු ගේ ආණ්ඩුව පොලිස් දෙපාර්තමේන්තුවට සිද්ධ කරමින් පවතින්නේ ලේසි පාසු විනාශයක් නොවේ.රටේ නීතිය හා සාමය ආරක්ෂා කරන්නට පිහිටුවා ඇති පොලීසිය මේ වන විට කුල්ල කුජීත වී රටේ නීතිය හා සාමය රැකීමට වඩා හොරුන් පාදඩයන් හා මංකොල්ලකාරයින් ආරක්ෂා කරන හොර ගුහාවක් බවට පත් වී තිබේ.
පොලීසිය
ඇතුළතින් වාර්තා වන සියළු තොරතුරුවල දැක්වෙන්නේ එහි ඉහළ ඇවරිය සඳහා
පොලීසියේ අන්ත දුෂිතයන් ලෙස ප්‍රසිද්ධ නොසන්ඩාලයන් වැබ පොලිස්පති දේශබන්දු
විසින් පත් කරමින් සිටින බවය.නීතිය හා සාමය පිළිබද ඇමති ටිරාන් අලස් හා වැබ
පොලිස්පති දේශබන්දු වැඩ කටයුතු කරන්නේ මෙරට හැමදාම ජනපතිවරයා ලෙස රනිල්
හාමු සිට්න අදහසිනි.එසේත් නැතිනම් ඊළඟට ආණ්ඩු වෙනසක් වුවද තමන්ට ඉහෙන් බහින
කරදරයක් නොවන බව හිතේ තියගෙනය.ඒ බය නැති හන්දාම මේ තක්කඩියන් දෙන්නා
පොලීසියේ නිල බල අධිකාරිය අව භාවිතයේ යොදවා ගනිමින් සිය පෞද්ගලික
අවශ්‍යතාවන් ඉටු කර ගනිමින් සිටී.රටේ ජනපතිවරයා මේ පාදඩ භාවිතය නොදන්නවා
යැයි සිතන්නටද බැරිය.මුන් දෙන්නා මේ හැම ගේමක්ම ගහන්නේ ආණ්ඩුවේ දේශපාලන
ප්රබලයන්ගේ අනු දැනුම ඇතුව බව පැහැදිලිය.කෙසේ වෙතත්
මේ තක්කඩියන් දෙදෙනාගේ පාහර පාදඩ මැදිහත් වීම් වලින් දැන් අසරණ වී ඇත්තේ පොදු ජනතාවය.
පසුගිය ජනවාරි 7වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස වැබ පොලිස්පති දේශබන්දු විසින් පත් කරන ලද්දේ මාර බඩුවකි.නොම්මර එකේ නීල කාස හොර තඩියෙකි. සැබැවින්ම මොහු ලේසි පහසු එකෙක් නොවේ.නීතිය හා සාමය බාර ඇමති ටිරාන් අලස් හා වැබ පොලිස්පති දේශබන්දු ගේ ඔඩොක්කු කුක්කෙකි ඒ නියෝජ්‍ය පොලිස්පති මෙහොට්ටි ආරච්චිගේ අජිත් රොහාන් ප්‍රේමරත්න නම් පෝරිසාදයාය.
මේ
පෝරිසාදයා පොලිස් නිල ඇඳුමට හැංගී සිදු කරන ලද අපරාධ එසේ මෙසේ ඒවා
නොවේ.මොහු ගල්කිස්ස ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස රාජකාරි කරන විට එම
පොලිස් බල ප්‍රදේශය තුළ සිඳුවන පාතාල ඝාතනයන්ට ඉතා සෘජුව සම්බන්ධ වී සිටි
බවට තොරතුරු ලැබී තිබේ.මිල්ටෙරි නන්දසේන ජනපතිවරයා ලෙස පත් වීමෙන් පසු මොහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා ලෙස පත් කෙරිණි. මේ
පෝරිසාදයා එහිදී අපරාධ රැසකට සම්බන්ධ විය.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ
අධ්යක්ෂවරයා ලෙස රහස් පොලීසියේ නිශ්කාෂණ අංශයද මොහු ගේ බල අධිකාරයට යටත්
වූ අතර එම අංශය මෙරටින් විදේශගත පුරවැසියන් ගේ පසුබිම් වාර්තා සපයන අංශය
වේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ වරයා ලෙස ඡෙ.පො.අධිකාරී
රොහාන්
ප්‍රේමරත්න එල්ටීටී ත්රස්තවාදීන් හා සම්බන්ධව සිටි එල්ටීටී
ක්රියාකාරිකයන් කිහිප දෙනෙකු හට නීතිමය බාධාවකින් තොරව විදේශගත වීම සඳහා
ව්‍යාජ පසුබිම් වාර්තා ලබා දීමට කටයුතු කර ඇති බවට තොරතුරු වාර්තා
විය.මෙහිදී ඡෙ.පො.අධිකාරී රොහන් ප්‍රේමරත්න සමග මෙම අනීතික අපරාධ
ක්‍රියාවට ඡෙ.නියෝජ්‍ය පොලිස්පති අශෝක විජයතිලක හා ඡ්‍යෙෂ්ඨ පොලිස්
අධිකාරී ජෙගනාදන් යන අයවළුන් සම්බන්ධ වී සිටි බව අනාවරණය වී තිබේ.
එහිදී
කොළඹ 13 ශාන්ත බෙනඩික්ට් මාවතේ සුනදරම් ක්‍රිස්ටි,කොළඹ 13 අල්විස්
පෙදෙසේ අමරනේෂන් දිනේෂ්,කොළඹ 13 පස්වන පටුමග 59/29 ජූඩ් දර්ශන් ආදී එල්ටීටී
ත්‍රස්ත ක්‍රියාකාරකම් හා සම්බන්ධ බවට සැක කෙරුන පුද්ගලයන් ගණනාවකට ව්‍යාජ
පසුබිම් වාර්තා සකසා දී මෙරටින් පලා යාමට ඉඩ සලසා දී තිබුණි.එම රාජ්‍ය
විරෝධී අපරාධය පිළිබඳව ඒඇස්පී දිසානායක විසින් විමර්ශනයක් කරන ලද අතර එම
විමර්ශනයේදී සාක්ෂි දී ඇති පො.ප විජේරත්න විසින් මෙම සිදුවීමට රොහාන්
ප්‍රේමරත්නගේ සම්බන්ධය අනාවරණය කර තිබේ.
මේ
අතර පෑලියගොඩ පොලීසිය මගින් බැංකු ඒටීඑම් යන්ත්‍ර මගින් මුදල් වංචා කළ
නයිජීරියන් ජාතිකයන් තිදෙනෙකු හා ශ්‍රී ලාංකික මුසල්මානුවන් දෙදෙනෙකු
රුපියල් ලක්ෂ හැත්තෑපහක් සමඟ අත්අංඩගුවට ගැනීමෙන් පසුව බී වාර්තාවක් මගින්
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.පසුව මෙම විත්තිකරුවන් වැඩි
දුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දීමෙන් පසු එහි
අධ්යක්ෂවරයා වූ රොහාන් ප්‍රේමරත්න නඩු භාණ්ඩයක් ලෙස තිබුණ ලක්ෂ හැත්තෑපහක
මුදල ආපසු විත්තිකරුවන් වෙත මුදා හැර තිබුණි.
මේ
නඩුව නැවත විභාගයට ගත් විට බී වාර්තාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කර ඇති
තොරතුරු ගැන අවධානය යොමු කළ මහේස්ත්‍රාත්වරයා රහස් පොලීසියේ අධ්යක්ෂවරයා
අත් අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස නියෝග කරන ලදී.එසේම මෙම අපරාධ සිද්ධිය
ගැන වහාම විමර්ශනයක් කරන ලෙසටද එවකට පොලිස්පතිවරයාවූ චන්දන වික්‍රමරත්නටද මහේස්ත්‍රාත් වරයා නියෝග කෙරුවේය.මෙම නියෝග සමග
වඩාත් කලබල වූයේ නීතිය හා සාමය පිළිබඳ ඇමති ටිරාන් අලස්ය.ඔහු වහාම
ඡෙ.පො.අධිකාරී රොහාන් ප්‍රේමරත්න අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ
ධුරයෙන් ඉවත්කර ඒ සදහා ඡෙ.පො.අධිකාරී කාවින්ද පියසේකර පත් කිරීමට කටයුුතු
කෙරුණි.රොහාන් ගුණරත්න රහස් පොලීසියෙන් එළියට බැස්සේ නියෝජ්‍ය
පොලිස්පතිවරයකු විදියටය.
ඉන් අනතුරුව මොහුට බස්නාහිර පලාත කොළඹ උතුර බාර
දීමට ටිරාන් අලස් හා දේශබන්දු කල්ලිය මැදිහත් විය.එම අපරාධ සිදුවීම ගැන
විමර්ෂණය කළ සහකාර පොලිස් අධිකාරී ලෝරන්ස් ක්ෂෙත්ර බලකා මූලස්ථානයට ස්ථාන
මාරු කර යැවීමට ටිරාන් අලස් කටයුතු කෙරුවේය.මේ සිද්ධියේ අවසානය වූයේ අපරාධ
පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නව බී වාර්තාවක් ඉදිරිපත් කර පළමු බී වාර්තාව
වැරදීමකින් ඉදිරිපත් කරන ලද බව සඳහන් කර එය ඉවත් කර ගැනීමය.එම දෙවන බී
වාර්තාවේ සඳහන් කර ඇත්තේ එම සිද්ධිය ගැන නැවත විමර්ෂණය කර අධිකරණයට කරුණු
වාර්තා කරන බවය.එහෙත් මේ වන විටත් ඒ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කර නැති
අතර සිද්ධිය යටපත් වී තිබේ.
මෙවැනි
අඳුරු රාජකාරිමය පසුබිමක් ඇති රොහාන් ප්‍රේමරත්න අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ වරයා ලෙස පත් කරන්නේ ටිරාන් හා දේශබන්දු කල්ලියේ
අපරාධමය අවශ්‍යතාවට මිස අන් කිසිම දෙයකට නොවන බව පැහැදිලිය.ඉදිරියේදී මෙම
පෝරිසාද කල්ලිය සිදු කරන්නට සැළසුම් කර ඇති දේ අතිශය භයානක වන්නට ඉඩ
තිබේ.එහිදී රහස් පොලීසියේ තිබෙන දේශපාලනමය අපරාධ විමර්ශන වලට අදාල ගොනු
අතුරුදන් විය හැකි අවදානමක් පවතී.
අප
දිගින් දිගටම ටිරාන් අලස් හා දේශබන්දු තක්කඩි පෝරිසාදයන් බව ලියන්නේ මේ
නිසාය.දැන් මොවුන් දෙදෙනා පොලිස් දෙපාර්තමේන්තුව තුල සිටින දූෂිත
අපරාධකරුවන් එක පදාසයකට ගොනු කර එම දූෂිතයන් පොලිසියේ අධිකාරිමය බලය තුළ
ස්ථානගත කරමින් සිටින්නේ ලේසි පහසු කුමන්ත්‍රණයකට නම් නොවේ.
Comments
Post a Comment