ආරක්ෂක අමාත්‍යංශ ලේකම් හා යුද හමුදාපති ඇවන්ගාඩ් ලොක්කා සමග මහජන මුදලින් බිස්නස් වැඩකට නයිජීරියාවේ ගිහිල්ලා
පසුගියදා ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුණරත්න හා යුද හමුදාපති විකුමි ලියනගේ හා ඡ්‍යෙෂ්ඨ හමුදා නිළධාරීන් පිරිසක් සමග පෞද්ගලික ව්‍යාපාරිකයකු වන නිශ්ශංක සේනාධිපති නයිජීරියාවේ සංචාරයක නිරත වී තිබේ.එම සංචාරය පිළිබඳව නයිජීරියානු රජය සඳහන් කර ඇත්තේ එරට හා ශ්‍රී ලංකාව අතර ආර්ථික සහ ආරක්ෂක සහයෝගිතාව ශක්තිමත් කර ගැනීම සඳහා දෙපාර්ශවය අතර සාකච්ඡා පැවැත්වූ බවය.ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික කණ්ඩායමක් මේ සදහා සහභාගිවූ බවට නයිජීරියාව ප්‍රකාශ කෙරුවද මෙරටින් එම කණ්ඩායමට ඇතුළත් වී ඇත්තේ ඇවන්ගාඩ් ආයතනයේ හිමිකරු නිශ්ශංක සේනාධිපති පමණක් බව අපට හෙළි වී තිබේ.
නයිජීරියාව
ප්‍රකාශ කරන ආකාරයට ශ්‍රීලංකාව හා එරට අතර ආර්ථික සබඳතාවන් පිළිබඳව මේ
කණ්ඩායම සමග සාකච්ඡා කර තිබේ.එහෙත් මෙරටින් ගිය කණ්ඩායමට මුදල් අමාත්‍යංශයේ
හෝ ආර්ථිකයට සම්බන්ධ වෙනත් අමාත්‍යංශයක නිළධාරීන් ගේ නියෝජනයක් නොතිබුණ බව
අනාවරණය වේ.ආරක්ෂක අමාත්‍යංශ ලේකම් හා යුද හමුදාපතිවරයා මෙරට ආර්ථික කරුණු
පිළිබඳව විදේශ රටක් සමග සාකච්ඡා කරන බව සඳහන් කිරීම බඩ කොරවන තරමේ
විහිළුවකි.
නිශ්ශංක
සේනාධිපති යනු මෙරට නීතිය ඉදිරියේ අපරාධ චෝදනා ලද පුද්ගලයෙකි.ලක්ෂ 300 කට
ආසන්න මුදලක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මොහුට එරෙහිව මහාධිකරණයේ නඩු පවරා
තිබුණ අතර එම නඩුවෙන් ඔහු නිදහස් කෙරිණි.
එහෙත්
පසුගියදා ප්‍රකාශයට පත් කරන ලද ජාතික විගනන කාර්යාලයේ විගනන වාර්තාවකට
අනුව රක්නා ලංකා ආරක්ෂක සමාගම ඇවැන්ගාඩ් සමාගමට බාර දී තිබූ ස්වයංක්‍රීය හා
අර්ධ ස්වයංක්‍රීය ගිණි අවි 103 ක් හා පතොරම් 28789 ක් අදාල ගිවිසුම් අවසන්
වීමෙන් පසුවද එම සමාගමට ආපසු බාර දී නැති බව හෙළිවී ඇත.එහිදී 2011
වර්ෂයේදී එලෙස බාරනොදුන් ගිණි අවි අතුරෙන් ස්වයංක්‍රීය අවි 03 ක් හා අර්ධ
ස්වයංක්‍රීය අවි 03 ක් අස්ථාන ගත කර ඇති බවද එම වාර්තාවේ දැක්වේ.එම ගිවිසුම
2019 වසරේ ජනවාරි මස 24 වන දිනට අවසන් වී ඇති බවද එහි සඳහන්ය.
එසේම
නිශ්ශංක සේනාධිපති මෙරට දේශපාලකයන්ට විවිධ වරදාන පහසුකම් සළසන කූඨ
ව්‍යාපාරිකයෙක් බවට බොහෝ තොරතුරු මාධ්‍ය මගින් අනාවරණය කර ඇත.මොහු හිටපු
ජනපති මිල්ටෙරි නන්දසේන සමග.සමීප සම්බන්ධතා පවතින පුද්ගලයෙකි.මිල්ටෙරි
නන්දසේන මෙරට ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා ලෙස කටයුතු කරන අවධියේ නිශ්ශංක
සේනාධිපති විසින් සිදු කළ මුහුදු ආරක්ෂන මෙහෙයුම් සඳහා රක්නා ලංකා ආයතනයේ
ආයුද තොගයක් අනීතිකව බාර දී තිබුණි.එම මුහුදු ආරක්ෂණ මෙහෙයුම් තුලින් මේ
චෞර කල්ලිය විශාල මුදල් ඉපයීමක් සිදු කර ඇති බව පැවසේ. ඉහත සඳහන් කර ඇති
විගනන වාර්තාවේ ඇත්තේ එම අවි ගණුදෙනුවේ දූෂණයන් පිළිබඳවය.
නිශ්ශංක
සේනාධිපතිට එරෙහිව අධිකරණ නඩු පවතින කාල වකවානුවක එවකට සිටි අධිකරණ
අමාත්‍ය විජේදාාස රාජපක්ෂ සහ පවුලේ අයවලුන් මොහු සමග ඇමරිකාවේ විනෝද
සංචාරයක සතුටු වන ආකාරය දැක්වෙන ඡයාරූප පාම සරත් ෆොන්සේකා ඒ දිනවල
පාර්ලිමේන්තුවේදී සභාගත කෙරිණි.එසේම අල්ලස් කොමිසම මගින් එවකට නාවුක
අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රෝහිත අබේගුණවර්ධනගේ වත්කම් පිළිබඳ පරීක්ෂණයේදී
ඔහු සතුව තිබුණු අධි සුඛෝපභෝගී බෝට්ටුවක් පිළිබඳව අනාවරණය වී ඇති අතර
හිටපු ඇමතිවරයා විසින් අල්ලස් කොමිසම වෙත ප්‍රකාශ කර ඇත්තේ එම බෝට්ටුව තමා
නිශ්ශංක සේනාධිපති පරිත්‍යාග කළ බවය.නිශ්ශංක සේනාධිපතිද එය සත්‍යයක් බවට
සාක්ෂි ලබා දී තිබේ.මෙතරම්
විශාල වටිනාකමක් ඇති සුඛෝපභෝගී බෝට්ටුවක් නාවුක ඇමතිවරයාට පරිත්‍යාග
කිරීමට සේනාධිපතිට තිබූ ගුද අමාරුව කුමක්ද යන්න අල්ලස් කොමිසම ප්‍රශ්ණ කර
නැති අතර ඇමතිවරයාට එරෙහි පරීක්ෂණයද ඉන් අනතුරුව හමාර කර තිබේ.
ආරක්ෂක
අමාත්‍යංශ ලේකම්වරයා හා යුද හමුදාපතිවරයා නයිජීරියානු සංචරයකට ව්‍යාපාරික
චෞරකයකු ලෙස සැළකෙන නිශ්ශංක සේනාධිපති සහභාගි කර ගත්තේ කවර නෛතික පදනමකින්ද
යන්න විදේශ කටයුතු අමාත්‍යංශය රටට හෙළි කළ යුතුය.නයිජීරියාවේ ආරක්ෂක
ඇමතිවරයා සමග මේ කණ්ඩායම සාකච්ඡා කළ බව පැවසේ.එහිදී රාජ්‍ය ආරක්ෂාව
සම්බන්ධයෙන් දෙරට අතර සාකච්ඡාවක් පැවතියේ නම් රජය හා සම්බන්ධ නැති
ව්‍යාපාරිකයකු අතට රාජ්‍ය ආරක්ෂක තොරතුරු පත්වීම අතිශය අවදානම් විය හැකිය.
සැබැවින්ම
මේ සංචාරය මහජන මුදල් යොදා ගනිමින් නයිජීරියාවේ සංචාරය කරන ලද්දේ නිශ්ශංක
සේනාධිපති ගේ ව්‍යාපාරික සැළසුමකට බවට අපට සැකයක් මතු වී තිබේ.එහිදී මෙරට
ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා හා යුද හමුදාපතිවරයා මගින් හා එම සබඳතාවන්
යොදා ගනිමින් නිශ්ශංක සේනාධිපති නයිජීරියාවේ රාජ්‍යය තුළ පිළිගත්
ව්‍යාපාරිකයකු ලෙසට පෙනී සිටීමට ඉඩ ප්‍රස්ථාව සළසා ගෙන ඇති බව
පැහැදිලිය.මෙම සැලසුම සඳහා ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාට හා යුද
හමුදාපතිවරයාට නිශ්ශංක සේනාධිපති විසින් කෝටි ගණනක් මුදලක් ලබා දෙන්නට ඇති
බවටද සැකයක් නැත.ඒ අප ඔහුගේ කෙරුවාව ගැන හොඳින් දන්නා බැවිනි.
ඒ
කෙසේවෙතත් මේ අබිරහස් සංචාරය ගැන විදේශ කටයුතු අමාත්‍යංශය පැහැදිලි
ප්‍රකාශයක් ජනතාව වෙත අනාවරණය කළ යුතුය.එපමනක්ද නොවේ.මේ සම්බන්ධයෙන් ආරක්ෂක
අමාත්‍යංශය පාර්ලිමේන්තුවද දැනුවත් කළ යුතු බවද අපි සඳහන් කරමු.
Comments
Post a Comment