Posts

ඊශ්‍රායල් ශ්‍රී ලංකා තානාපති නින්දෙන් අවදිවෙලා

Image
  විදේශීය රැකියා ජාවාරමකට සම්බන්ධව දැනට බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ ⁣සහෝදරයා බව පැවසෙන තිසර ඉරෝෂණ නානායක්කාර නැමැත්තා පිළිබඳව ඊශ්‍රාලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් ලියා තිබේ.  ⁣විදේශ රජයකින් නොමිලයේ ලැබෙන රැකියා අවස්තාවන් සඳහා තිසර නිරෝෂණ නානායක්කාර නැමැත්තා විසින් වංචනිකව මුදලට ලබා දීම සම්බන්ධ⁣යෙන් තොරතුරු තිබේ නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වන ලෙස ඔහු එම සටහනේ සඳහන් කර  ඇත.එසේම මෙම වංචාවට සම්බන්ධ නිළධාරීන් පිළිබඳව තොරතුරු දන්නේ නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වන ලෙසද  ඉන් ඉල්ලා සිටින ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දුරකථන අංකයද එහි සඳහන් කර තිබේ. තානාපතිවරයාගේ මෙම ෆේස්බුක් සටහන සම්බන්ධයෙන් කරුණු දක්වන බොහෝ දෙනා පවසන්නේ තානාපතිවරයා හදිසියේ නින්දෙන් අවදිවී පොලිස්පති වරයාගේ රාජකාරියට අත ගසා ඇති බව හා දීර්ඝ කාලයක් තිස්සේ හිටපු ඇමති මනූෂ නානායක්කාරගේ සහෝදරයා  විසින් සිඳු කළ මේ මිනිස් ජාවාරම පිළිබඳව ඔහු නොදැන සිටීම කිසිසේත්ම විය නොහැකි කාරණයක් බවය.⁣ කෙසේ වෙතත් හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ...

විකිරණවේදීන් ගේ අඩුව නිසා සෞඛ්‍ය සේවය අවුලක

Image
  දිවයින පුරා රජයේ රෝහල්වල විකිරණවේදීන්ගේ හිඟයක් තිබෙන බවත් මේ නිසා රෝගීන්ගේ පරීක්ෂණ කටයුතු අඩාල වී ඇති බවත් රජයේ විකිරණවේදී තාක්ෂණවේදීන් ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම පවසයි. රෝගී පරීක්ෂණ කටයුතු සදහා විකිරණවේදීන් 1150 ක් සිටිය යුතු නමුත් දැනට සේවයේ නිරතව සිටින්නේ 620 දෙනෙකු පමණක් බව ඔහු කියා සිටී.විකිරණවේදීන් බඳවා ගැනීම රජය මගින් සීමා කිරීම නිසා හා විදේශගත වීම් නිසා මේ තත්වය උදා වී ඇති බව සඳහන් කරන ඔහු මේ වසරේ පමණක් විකිරණවේදීන් 80 දෙනෙකු විදේශගත වූ බවද කියා සිටී.

රජයේ බැංකු වලට පොලු තැබූ දේශපාලුවන් ගැන සොයා බැලේ

Image
  හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක⁣ ගේ පාලන කාලයේ සිට රජයේ බැංකු වලින් ණය ලබා ගෙන මෙතෙක් කාලයක් ඒවා⁣ නොගෙවන ලද දේශපාලඥයන් හා ඔවුන්ගේ සමීපතමයන් පිළිබඳව සොයා බලා ජනතාවට අනාවරණය කිරීමට සුළු හා මධ්‍යම පරිමාන ඉඳිකරන්නන් ගේ සංඟමය මැදිහත් වී තිබේ. එම සංඟමයේ නිළධාරීන් මේ සම්බන්ධයෙන් මහ බැංකු නිළධාරීන් හා සාකච්ඡා කිරීමට නියමිත බව පැවසේ. ඇතැම් දේශපාලඥයන් එකම ඉඩමේ ඔප්පුුව මෙරට ප්‍රධාන පෙලේ බැංකු දෙකකට ඉදිරිපත් කර දේපොල ණය ලබා ගෙන ඇති බව පසුගිය කාලයේදී මාධ්‍ය මගින් අනාවරණය කෙරිණි. 

මිනීමරු වරුණ ජයසුන්දරට ජනපති අනුරගේ ආශීර්වාදය ලැබිලා

Image
  පාතාල ක්‍රියාකාරකම් නැවත ඔසවා තිබේ.එය එසේ නොවූවා නම් පුදුම වෙනවා මිස වර්තමානයේ සිදු වෙමින් පවතින පාතාලයේ හිස එසවීම අරුම පුදුම දෙයක් නොවේ.මැතිවරණ කාල සීමාවේදී පාතාලය නිහඬ විය.ඒ අතරේම ඒ නිහඬ වීමට හේතුව ලෙස ටිරාන් අලස් දේශබන්දු තෙන්නකෝන් හා වරුණ ජයසුන්දර ගේ  යුක්තියේ මෙහෙයුම හේතු වූ බවට වූ සමාජ මතයක් පවා ගොඩ නගන්නට වික්‍රමසිංහගේ ආණ්ඩුව  ප්‍රයත්න දැරීය.අප මේ කතිකාවත අරඹන්නේ ඒ පසුතලය මත රැඳෙමිනි. වික්‍රමසිංහ ආණ්ඩුව කාලයේ ටිරාන් අලස්  දේශබන්දු තෙන්නකෝන් හා වරුණ ජයසුන්දර හා මෙරට පාතාලය අතර පැවතියේ ගහට පොත්තට මෙන් වූ සම්බන්ධතාවකි.විදේශගතව සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් වල නිරතව සිටින ප්‍රසිද්ධ පාතාල ක්‍රියාකාරීන් බොහෝ දෙනෙකු හා මේ ⁣තිදෙනා අතර පැවැති ගණුදෙනු පිළිබඳව ජාතික රහස් ඔත්තු සේවා වලට පවා වාර්තා ⁣වී තිබුණි.මෙරට ඇතැම් ඝාතනයන් පවා කොන්ත්‍රාත් ක්‍රමයට සිදු කිරීමට විශේෂ කාර්ය බලකායේ සෙබළුන් යෙදවීමට පවා විශේෂ කාර්ය බලකායේ අණදෙන නිළධාරී වරයා සම්බන්ධ වී තිබුණි. අහුංගල්ල ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකායේ සෙබළෙකු කොස්ගොඩ සුජීවගේ සමීපතමයකු පරීක්ෂා කරන ලද සිඳුවීමක් පිළිබඳව උර...

මාරයි හඳුනෙත්ති ඔයා -අම්මපා හොඳේ

Image
පසුගියදා අමාත්‍ය සුනිල් හඳුනෙත්තිගේ ප්‍රධානත්වයෙන් අකුරැස්ස ප්‍රදේශීය ලේකම් කාර්යා⁣ලයේ පැවැති සම්බන්ධීකරණ  කමිටු රැස්වීමේ සිටි මාධ්‍යවේදීන් ඉවත් කිරීමට අමාත්‍යවරයා නියෝග කරන ලද බව වාර්තා වේ. තමන්ට කැමරා ඉදිරියේ අදහස් ප්‍රකාශ කිරීමට අපහසු බව පවසමින් අමාත්‍ය  සුනිල් හඳුනෙත්ති විසින් එම රැස්වීම ආවරණය කරමින් සිටි මාධ්‍යවේදීන් ඉවත් කරන ලද බවද වැඩිදුරටත් වාර්තා වේ. මේ සිදුවීම සම්බන්ධයෙන් ලංකා දවස වෙත ප්‍රකාශයක් කළ මාධ්‍යවේදියකු මෙසේ පැවසීය. අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණ කමිටු රැස්වීම මාධ්‍යවේදීන් ආවරණය කිරීම තුන් කුළුදුලේ කරන රාජකාරියක් නොවෙයි. අප ඒ රැස්වීම ආවරණය කරන්නෙ රජයේ චක්‍රලේඛයකින් ලද අනුමැතිය යටතේ. දේශපාලන බල අධිකාරිය හැරුනාම රාජ්‍ය නිළධරීන් හා  ප්‍රදේශයේ සිවිල් සංවිධාන නියෝජිතයන් හැරුනාම සංවර්ධන කමිටු රැස්වීම නියෝජනය කිරීමේ අවස්ථාව තියෙන්නෙ මාධ්‍යවේදීන්ට.අපි මේ රටේ මීට පෙර පැවති ආණ්ඩුවල අකුරැස්ස නියෝජනය කළ දේශපාලඥයන් වුන බුද්ධික පතිරණ මනෝජ් සිරිසේන  වගේ අයගේ ප්‍රධානත්වයෙන් පැවැති බොහෝ සම්බන්ධීකරණ කමිටු රැස්වීම් වලට සහභාගි වෙලා තියෙනවා.ඒත් ඒ...

නව හමුදාපතිවරයා කමල් ගුණේ ගේ ඔඩොක්කු කුක්කාද

Image
  නව වසර එළඹීමට ඇත්තේ තව දින කිහිපයක් පමණි.නව වසර ආරම්භයේදීම බරපතල ප්‍රශ්නයකට මුහුණ දීමට අනුර කුමාර දිසානායක සහෝදරයාට සිදු වන බව නිසැකය.ඒ නව වසරේදී හමුදාපති මේජර් ජනරාල් විකුම් ලියනගේ විශ්‍රාම යාමට නියමිතව සිටින බැවිනි.ඔහු තමන්⁣ට සේවා දිගුවක් ලබා දෙන ලෙසට ජනපතිවරයාට ඉල්ලීමක් කර තිබුණ බවද පැවසේ.මේජර් ජනරාල් විකුම් ලියනගේ හමුදාපති ධුරයට පත් කරන ලද්දේ රාජපක්ෂවරුන්ට වෙත තිබූ පක්ෂපාතිත්වය නිසා මිස වෘත්තිමය ක්ෂේත්‍රයේ දක්ෂයකු වූ නිසා නම් නොවේ. හමුදාවේ අන්ත දූෂිතයකු ලෙස විෂමාචාර  චෝදනාවට ලක් වී සිටි විකුම් ලියනගේ  බොහෝ ස්ත්‍රීන් සමග අනියම් සම්බන්ධතා පැවැත්වී⁣ම ගැන වාර්තා තිබූ හමුදා නිළධාරියෙක්ද වේ.මොහු නාවුක  හමුදාවේ නිළධාරියෙකුගේ බිරිඳ සමග ගත් නිරුවත් ඡායාරූප පෙලක් මෑතකදී අන්තර්ජාලයේ ප්‍රසිද්ධියට පත් විය.සේනා විධායක ලෙස ජනපතිවරයාට කොන්දක් මොළයක් හා විනයක් තිබූණේ නම් ඒ අශීලාචාර සිද්ධිය නිසාම විකුමි ලියනගේට පුකට පයින් ගසා හමුදාපති කමෙන්  නෙරපා හරින්නටද පුළුවන් කම තිබුණි. එහෙත් එය එසේ සිදු නොවීය.චන්දයට  පෙර දේශපාලන වේදිකාවේ වීර පුරන් අප්පු ගේ චරිතය නිරූපනය කළ අනුර ...

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ගේ සහෝදරයා අල්ලස් ගනිද්දී මාට්ටු

Image
  කොළඹ කුරුඳුවත්ත ටොරිටන් ඇවනිව්හි පුද්ගලික ඉඩමක් මාර්ග සංවර්ධන අධිකාරියට පවරා එම ඉඩමේ වටිනාකම  ලෙස කෝටි දහයකට මුදලක් ලබා ගත් ව්‍යාපාරිකයකු ගෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමට යාමේදී මහරගම නගර සභාවේ පොදුජන පෙරමුනේ හිටපු මන්ත්‍රීවරයකු වන සලෝචන ගමගේ හා ව්‍යපාරිකයකු වන දුෂ්‍යන්ත දිනේෂ් රත්නායක නම් අයකු පිටකෝට්ටේ පිහිටි අවන්හලකදී අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව මගින් ඊයේ (28) අත් අඩංගුවට ගන්නා ලද බව වාර්තා වේ. මහරගම නගර සභාවට හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්දනගේ පක්ෂයෙන් තරග වැද නාගරික මන්ත්‍රීවරයකු ලෙස පත්ව සිටි සලෝචන ගමගේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ⁣ගේ සහෝදරයා වේ.දැඩි රාජපක්ෂ වාදියකු වන මොහු නාමල් රාජපක්ෂගේ සමීපතමයෙකි. කෙසේ වෙතත් අල්ලස් ගැනීමට යාමේදී අත් අඩංගුවට පත් වූ සලෝචන ගමගේ හා අනෙක් තැනැත්තා මාර්ග සංවර්ධන අධිකාරියට අදාල ඉඩම පවරාදීමේ කටයුතු වලදී ඉඩම් හිමි තැනැත්තා වෙත තක්සේරු වටිනාකම ඉහළ දැමීමට හා      එම මුදල ඉක්මනින් ලබා ගැනීම සඳහා වංචා කාරී ලෙස මැදිහත් වී ඇති බව  අනාවරණය වේ.මේ සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ නිළධාරීන් කිහිප ද...