කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ගේ සහෝදරයා අල්ලස් ගනිද්දී මාට්ටු
කොළඹ කුරුඳුවත්ත ටොරිටන් ඇවනිව්හි පුද්ගලික ඉඩමක් මාර්ග සංවර්ධන අධිකාරියට පවරා එම ඉඩමේ වටිනාකම ලෙස කෝටි දහයකට මුදලක් ලබා ගත් ව්‍යාපාරිකයකු ගෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමට යාමේදී මහරගම නගර සභාවේ පොදුජන පෙරමුනේ හිටපු මන්ත්‍රීවරයකු වන සලෝචන ගමගේ හා ව්‍යපාරිකයකු වන දුෂ්‍යන්ත දිනේෂ් රත්නායක නම් අයකු පිටකෝට්ටේ පිහිටි අවන්හලකදී අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව මගින් ඊයේ (28) අත් අඩංගුවට ගන්නා ලද බව වාර්තා වේ.
මහරගම නගර සභාවට හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්දනගේ පක්ෂයෙන් තරග වැද නාගරික මන්ත්‍රීවරයකු ලෙස පත්ව සිටි සලෝචන ගමගේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ගේ සහෝදරයා වේ.දැඩි රාජපක්ෂ වාදියකු වන මොහු නාමල් රාජපක්ෂගේ සමීපතමයෙකි.කෙසේ වෙතත් අල්ලස් ගැනීමට යාමේදී අත් අඩංගුවට පත් වූ සලෝචන ගමගේ හා අනෙක් තැනැත්තා මාර්ග සංවර්ධන අධිකාරියට අදාල ඉඩම පවරාදීමේ කටයුතු වලදී ඉඩම් හිමි තැනැත්තා වෙත තක්සේරු වටිනාකම ඉහළ දැමීමට හා එම මුදල ඉක්මනින් ලබා ගැනීම සඳහා වංචා කාරී ලෙස මැදිහත් වී ඇති බව අනාවරණය වේ.මේ සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ නිළධාරීන් කිහිප දෙනෙකුද සමිබන්ධ වී ඇති බව පැවසේ.පොදු ජන පෙරමුනේ දූෂිතයන් රාජ්‍ය ආයතන වල සිටින එම පක්ෂය හා සම්බන්ධ නිළධාරීන් සමග එක්ව තවමත් වංචා දූෂණ වල නිරත වන බවට මේ අල්ලස් ගැනීමේ සිඳුවීම හොඳම සාක්ෂියකි.හබරණ වනයේ සැරිසැරූ අලියන් යාපනය දුම්රිය මාර්ගයට එලවා යාල් දේවී දුම්රියට යට කර මෙලේච්ඡ ලෙස ඝාතනය කර ඇත් පැටවුන් පැහැර ගෙන විත් මුදලට අලෙවි කරන ලද ජාවාරම්කාර කණ්ඩායමේද සාමාජිකයකු වූ මොහු හා ඔහුගේ සහෝදරයා වන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ඒ දිනවල උඩුවේ ධම්මාලෝක හා සම්බන්ධව මේ ජාවාරමේ නිරතව සිට ඇති අතර එම කණ්ඩායම මෙහෙයවන ලද්දේ එවකට ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ වේ.
Comments
Post a Comment