මිනීමරු වරුණ ජයසුන්දරට ජනපති අනුරගේ ආශීර්වාදය ලැබිලා



 පාතාල ක්‍රියාකාරකම් නැවත ඔසවා තිබේ.එය එසේ නොවූවා නම් පුදුම වෙනවා මිස වර්තමානයේ සිදු වෙමින් පවතින පාතාලයේ හිස එසවීම අරුම පුදුම දෙයක් නොවේ.මැතිවරණ කාල සීමාවේදී පාතාලය නිහඬ විය.ඒ අතරේම ඒ නිහඬ වීමට හේතුව ලෙස ටිරාන් අලස් දේශබන්දු තෙන්නකෝන් හා වරුණ ජයසුන්දර ගේ  යුක්තියේ මෙහෙයුම හේතු වූ බවට වූ සමාජ මතයක් පවා ගොඩ නගන්නට වික්‍රමසිංහගේ ආණ්ඩුව 

ප්‍රයත්න දැරීය.අප මේ කතිකාවත අරඹන්නේ ඒ පසුතලය මත රැඳෙමිනි.
වික්‍රමසිංහ ආණ්ඩුව කාලයේ ටිරාන් අලස්  දේශබන්දු තෙන්නකෝන් හා වරුණ ජයසුන්දර හා මෙරට පාතාලය අතර පැවතියේ ගහට පොත්තට මෙන් වූ සම්බන්ධතාවකි.විදේශගතව සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් වල නිරතව සිටින ප්‍රසිද්ධ පාතාල ක්‍රියාකාරීන් බොහෝ දෙනෙකු හා මේ ⁣තිදෙනා අතර පැවැති ගණුදෙනු පිළිබඳව ජාතික රහස් ඔත්තු සේවා වලට පවා වාර්තා ⁣වී තිබුණි.මෙරට ඇතැම් ඝාතනයන් පවා කොන්ත්‍රාත් ක්‍රමයට සිදු කිරීමට විශේෂ කාර්ය බලකායේ සෙබළුන් යෙදවීමට පවා විශේෂ කාර්ය බලකායේ අණදෙන නිළධාරී වරයා සම්බන්ධ වී තිබුණි.
අහුංගල්ල ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකායේ සෙබළෙකු කොස්ගොඩ සුජීවගේ සමීපතමයකු පරීක්ෂා කරන ලද සිඳුවීමක් පිළිබඳව උරණ වූ ඡ්‍යෙෂ්‍ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර විසින් ඒ පාතාලයාට වැඳ සමාව ගන්නා ලෙසට එම සෙබළාට නියෝග කර තිබුණි.
මේ වැඳ සමාව ගැනීමේ සිද්ධිය ඩුබායි සිටින කොස්ගොඩ සුජීව වට්ස් ඇප් මගින් සජීවීව නැරඹූ බවද වාර්තා වී තිබේ.පසුව එම විශේෂ කාර්ය බලකා සෙබළා මන්නාරමට ස්ථාන මාරු කර යැවිනි.

ජාතික ජන බලවේගය ආණ්ඩුව බලය⁣ට පත් වීමත්  සමග විශේෂ කාර්ය බලකායේ අණදෙන නිළධාරී වරුණ ජයසුන්දර සි⁣ටියේ දැඩි තැති ගැන්මෙනි.ඔහු සිතා ගෙන සිටියේ ජාතික ජන බලවේග ආණ්ඩුව මගින් ඔහුගේ දුෂ්චරිත ක්‍රියා කළාපයට දඬුවම් කරනු ඇතිය යන්නය.
එහෙත් ජනපතිවරයා හා ටිරාන් අලස් අතර පැවැති යටි බිමිගත ගණුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස තව දුරටත් විශේෂ කාර්ය බලකායේ අණදෙන්නා ලෙස කටයුතු කිරීමට වරුණ ජයසුන්දරට හැකි විය.ඔහු ඒ සදහා බොහෝ උපක්‍රමයන් ගනනාවක්ද මුදා හරින ලදී.ඒ මාධ්‍ය කරුවන් ලෙස සමාජයේ පෙනී සිටින ජරා බායියන් කිහිප දෙනෙකුට සංතෝෂම් දී තමන්ගේ ගුණ වර්ණනා කර ගැනීමෙනි.
අනතුරුව කඩප්පුලි රාජපක්ෂවරුන්ගේ ස⁣ට්ටැඹියකුවූ නීතිපතිවරයා යොදවා ගනිමින් ජනපතිවරයාට කොක්ක ගැසුවේය.අන්ද කයිප්පු කෑවකු මෙන් රට පාලනය කරමින් සිටින ජනපතිවරයාද තමන්ට සිටින හොඳම ආරක්ෂකයකු ලෙස වරුණ ජයසුන්දර ඔඩොක්කුවට ගත්තේය.විශේෂ කාර්ය බලකාය පිරිසුදු කර ගැනීමේ අපේක්ෂාවෙන් ජාතික ජන බලවේගය ආණ්ඩුව පිහිටුවීම සඳහා විවිධ ආකාරයෙන් මැදිහත්වූ විශේෂ කාර්ය බලකායේ අවංක හා කාර්ය ශූර ඡ්‍යෙෂ්ඨ නිළධාරින් වර්තමානයේ සිටින්නේ දැඩි කළකිරීමෙනි.වරුණ ජයසුන්දර හා විශේෂ කාර්ය බලකායේ දූෂිතයන් ගැන මෙරට ජනතාව බොහෝ දෙනෙකු දනී.එහෙත් මේ සාහසිකයන් ගැන සියල්ල දත් ජනපතිවරයා නොදනී.

යහපාලන ආණ්ඩුව මෙරට පැවති අවධියේ විශේෂ කාර්ය බලකායේ අණදෙන්නා වූ ලයනල් ගූණතිලක ධුරයෙන් එලවා දැමීමට වර්ණ ජයසුන්දර කුමන්ත්‍රණ කාරී සැලසුමක් ක්‍රියාත්මක කළ බව පොලීසියේ බොහෝ දෙනා දනී.
ඒ දිනවල රට තුළ සිඳු කරන මනුෂ්‍ය ඝාතනයන් හතරක් සිදු වූයේ ලයනල් ගුණතිලක ගේ දුර්වල තාව නිසා බවට ආරක්ෂක අංශ ප්‍රධානීන්ට ගතු කියමින් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිළධාරී කම ගන්නට තරමේ වරුණ ජයසුන්දර උපක්‍රමශිලී විය. 

ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට පත් වීමත් සමගම මේ වන විට පාතාල ක්‍රියාකාරිකයන් විසින් සිදු කරන ලද ඝාතන සංඛ්‍යාව 18 කට  ආසන්නය.අපට වාර්තා වී ඇති ආකාරයට මෙම ඝාතන ඉතා සැළසුම් සහගතව සිදූ කරන ලද ඒවා බව පැහැදිලිය.ඒ පිටුපස සිටින්නේද විශේෂ කාර්ය බලකායේ අණදෙන නිළධාරී වරයා බව තහවුරු වී තිබේ.
වර්තමානය වන විට වරුණ ජයසුන්දර විසින් පාතාලය හා එක්ව කොන්ත්‍රාත් ක්‍රමයට සිදු කරන මිනිස් ඝාතන සම්බන්ධයෙන් වින්දිත පාර්ශවයන් අධිකරණ ක්‍රියා මාර්ග ගනිමින් සිටී.මේ මැදිහත්වීම් වලදී  අධිකරණය කවර ආකාරයේ විනිශ්චයකට එළඹේද යන්න ගැන  නිශ්චිත අදහසක් නොමැති වීම වරුණ ජයසුන්දර ඇතුළු විශේෂ කාර්ය බලකායේ සාහසික මිනීමරු කණ්ඩායම කැළඹීමට පත්ව ඇති බව අනාවරණය වේ.⁣සිය හිතවත් පතාල ක්‍රියාකාරිකයන් ලවා වෙඩි තැබීම් හා මනුෂ්‍ය ඝාතනය කරවීමේ සැළසුමක් මොවුන් විසින් මුදා හැර ඇත්තේ මේ වටපිටාව තුළය.ර⁣ට තුළ අනාරක්ෂිත වටපිටාවක් නිර්මාණය කර ස්වකීය පැවැත්ම තවදුරටත් තහවුරු කර ගැනීම වරුණ  ජයසුන්දර ඇතුළු විශේෂ කාර්ය බලකායේ සාහසිකයන් ගේ අදහසයි.ජනපතිවරයා ගොනාට අන්දාගෙන තව දුරටත් විශේෂ කාර්ය බලකායේ අණදෙන්නා ලෙස කටයුතු කිරීමේ අපේක්ෂාව වරුණ ජයසුන්දරගේ සැළසුමයි.එම කුමන්ත්‍රණ කාරී සැළසුම පිටුපස රාජපක්ෂ මිනීමරුවන්ගේ හා ටිරාන් අලස් ගේ මැදිහත් වීම  තිබේ.
අපට පෙනෙන්නට ඇති ආකාරයට මේ අපරාධකරුවන්ට ආශීර්වාද කරමින් ජය මංඟල ගාථා කීම  බාර ගෙන ඇත්තේ ජනපති වරයා වේ.

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

කැපී පෙනෙන්න සුලෝහිත සංග්‍රාමයට ගිය සාගල කිච වී ආපහු ගිහින්