නව හමුදාපතිවරයා කමල් ගුණේ ගේ ඔඩොක්කු කුක්කාද
නව වසර එළඹීමට ඇත්තේ තව දින කිහිපයක් පමණි.නව වසර ආරම්භයේදීම බරපතල ප්‍රශ්නයකට මුහුණ දීමට අනුර කුමාර දිසානායක සහෝදරයාට සිදු වන බව නිසැකය.ඒ නව වසරේදී හමුදාපති මේජර් ජනරාල් විකුම් ලියනගේ විශ්‍රාම යාමට නියමිතව සිටින බැවිනි.ඔහු තමන්ට සේවා දිගුවක් ලබා දෙන ලෙසට ජනපතිවරයාට ඉල්ලීමක් කර තිබුණ බවද පැවසේ.මේජර් ජනරාල් විකුම් ලියනගේ හමුදාපති ධුරයට පත් කරන ලද්දේ රාජපක්ෂවරුන්ට වෙත තිබූ පක්ෂපාතිත්වය නිසා මිස වෘත්තිමය ක්ෂේත්රයේ දක්ෂයකු වූ නිසා නම් නොවේ.
හමුදාවේ අන්ත දූෂිතයකු ලෙස විෂමාචාර චෝදනාවට ලක් වී සිටි විකුම් ලියනගේබොහෝ ස්ත්‍රීන් සමග අනියම් සම්බන්ධතා පැවැත්වීම ගැන වාර්තා තිබූ හමුදා නිළධාරියෙක්ද වේ.මොහු නාවුකහමුදාවේ නිළධාරියෙකුගේ බිරිඳ සමග ගත් නිරුවත් ඡායාරූප පෙලක් මෑතකදීඅන්තර්ජාලයේ ප්‍රසිද්ධියට පත් විය.සේනා විධායක ලෙස ජනපතිවරයාට කොන්දක් මොළයක් හා විනයක් තිබූණේ නම් ඒ අශීලාචාර සිද්ධිය නිසාම විකුමි ලියනගේට පුකට පයින් ගසා හමුදාපති කමෙන් නෙරපා හරින්නටද පුළුවන් කම තිබුණි.එහෙත් එය එසේ සිදු නොවීය.චන්දයටපෙර දේශපාලන වේදිකාවේ වීර පුරන් අප්පු ගේ චරිතය නිරූපනය කළ අනුර කුමාර දිසානායක සහෝදරයා ජනපති වීමෙන් පසුව රඟපාන්නේ මනප්පුගේ චරිතයයි. ඒ නිසාම විකුම් ලියනගේ හට සිය හමුදාපති ධුරයෙන් සුපිරිසිදු වීරෝදාර හමුදාපති වරයකු ලෙස සේවයෙන් විශ්‍රාම යන්නට ඉඩ හසර සැලසී තිබේ.මේ සල්ලාලයා මෙතෙක් කාලයක් හමුදාපති ධුරයේ රැඳී සිටියේද මනප්පුවාගේ විහිළුකාර පාලනයෙන් හිමි වූ ආරක්ෂාව නිසාය.මේ බව ජාතික ජන බලවේගය ජයග්‍රහණය සඳහා ඇප කැප වූ බොහෝ දෙනාම වටහා ගෙන සිටී.දැන් මේ සියල්ලන් සිටින්නේ දැඩි කම්පනයෙනි.විකුම් ලියනගේ ගේ හමුදාපති පරිච්ඡේදය අවසන් වීමෙන් පසුව ඒ ධුරය සඳහා පත් වීමට සිටින්නේ 65 වන මාණ්ඩලික ප්‍රධානී ලෙස මේ වන විට කටයුතු කරන මේජර් ජනරාල් දිනේෂ් නානායක්කාරය.සේනා විධායකයා ලෙස ජනපතිවරයා මේහමුදා නිළධාරියා කෙරෙහි වෙස්සන්තර අනුකම්පාවෙන් හමුදාපති ධුරයට පත් කළ හොත් අපට ලියන්නට තිබෙන්නේ ජනපතිවරයාට ව්‍යවස්ථාවෙන් පැවරී ඇති සේනා විධායක බලය නැවත රාජපක්ෂවරුන් වෙත පැවරීම කළ යුතු බවය.ඉන් මේ රටේ ජනතාවට මීට වඩා වැදගත් මෙහෙවරක් වන බව නිසැකය.මේ වන විටත් බොහෝ හමුදා ඡ්‍යෙෂ්ඨයන් ඒ පිළිබඳව අපට පවසමින් සිටී.ඒ හමුදා ඡ්‍යෙෂ්ඨයන් ජාතික ජන බලවේගය මෙරට පාලන බලය අත් පත් කර ගැනීම පිළිබඳව සිහින මවමින් සිටි අය වේ.ඔවුන් පවසන ආකාරයට මොනවා වුනත් රාජපක්ෂවරුන් තමන්ට පක්ෂපාතිත්වය දක්වන හමුදා ඡ්‍යෙෂ්ඨයන් විෂයෙහි ඉතා ලෙන්ගතුව සිටි බව කියවේ .එහෙත් ජාතික ජන බලවේගය කෙරෙහි දැඩි විශ්වාසයෙන් කටයුතු කළ තමන් පිළිබඳව එහි නායකයන් බලු බෙට්ටක තරමේ ගෞරවයක් නැති බවද මේ හමුදා ඡේයෂ්ඨයන් පවසයි.මේ වන විට හමුදා මාණ්ඩලික ප්රධානීලෙස රාජකාරි කරන මේජර් ජනරාල් දිනේෂ් නානායක්කාරගේ පැටිකිරිය ගැන අප හොඳින් දනී.මේ මේජර් ජනරාල්වරයා හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුණරත්නගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස ඔහුට ඉතා සමීපව කටයුතු කළ හමුදා නිළධාරියෙක් ලෙස හමුදාවේ ඡ්‍යෙෂ්ඨයන් අතරද ප්‍රසිද්ධය.මෙවැනි ඔඩොක්කු කුක්කකු හමුදාපති ධුරයට පත් කිරීමෙන් හමුදාව තව දුරටත් අන්ත ප්‍රපාතයට ඇද වැටෙන බවට කැට තියා පවසන්නට අපට පුළුවන.එසේම රාජපක්ෂ වරුන් මිනීමරු හමුදා නිළධාරීන් යොදවා ගනිමින් සිදු කරන සාහසික මිනිස් ඝාතන පිළිබඳ පරීක්ෂණද ඉන්පසු අත් හිටුවෙන බවද නිසැකය.ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයා හමුදාව හා පොලීසිය සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේ සැඟවුනු න්‍යාය පත්රයකට අනුව බව ආරක්ෂක අංශ වල බොහෝ දෙනෙකු මේ වන විට වටහා ගෙන තිබේ.එම සැඟවුන න්‍යාය පත්‍රය රාජපක්ෂවරුන් හා වික්‍රමසිංහයන් අතර පවතින ගණුදෙනුවක්ද යන සැකය පවා මේ වන විටත් ආරක්ෂක අංශ තුළ සාකච්ඡා වෙමින් පවතී.පොලීසිය තවමත් පාලනය කරන්නේ රාජපක්ෂ වරුන්ගේ එහෙයියන්ය.නව හමුදාපතිවරයා ලෙස කමල් ගුණරත්නගේ බඩියා පත් කිරීමට කටයුතු කළ හොත් හමුදාවද රාජපක්ෂ බල අධිකාරියට නැවත යටත් කිරීමක් වනු ඇත.ජනපතිවරයා ආණ්ඩු බලය ලබා ගත් දවසේ සිට දක්වා පොලීසිය හා හමුදාව සම්බන්ධයෙන් සිදු කළ මැදිහත් වීම විමසා බලන විට එය එසේ සිදු නොවේ යැයි කිසිවෙකුට තර්ක කළ නොහැකිය.එසේම ජනපතිවරයා කාලකණ්නි රාජපක්ෂවරුන් හා වික්‍රමසිංහ පාදඩයන් සමග යටි කූට්ටු ගණුදෙනුවක නිරතව සිටී නම් ඒ සැබෑ නිරුවත මෙරට ජනතාවට වීමට ඇත්තේ තව දින කිහිපයක් පමණි.
Comments
Post a Comment