මාරයි හඳුනෙත්ති ඔයා -අම්මපා හොඳේ
පසුගියදා අමාත්‍ය සුනිල් හඳුනෙත්තිගේ ප්‍රධානත්වයෙන් අකුරැස්ස ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ පැවැති සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ සිටි මාධ්‍යවේදීන් ඉවත් කිරීමට අමාත්‍යවරයා නියෝග කරන ලද බව වාර්තා වේ.
තමන්ට කැමරා ඉදිරියේ අදහස් ප්‍රකාශ කිරීමට අපහසු බව පවසමින් අමාත්‍ය සුනිල් හඳුනෙත්ති විසින් එම රැස්වීම ආවරණය කරමින් සිටි මාධ්‍යවේදීන් ඉවත් කරන ලද බවද වැඩිදුරටත් වාර්තා වේ.මේ සිදුවීම සම්බන්ධයෙන් ලංකා දවස වෙත ප්‍රකාශයක් කළ මාධ්‍යවේදියකු මෙසේ පැවසීය.අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණ කමිටු රැස්වීම මාධ්‍යවේදීන් ආවරණය කිරීම තුන් කුළුදුලේ කරන රාජකාරියක් නොවෙයි.අප ඒ රැස්වීම ආවරණය කරන්නෙ රජයේ චක්රලේඛයකින් ලද අනුමැතිය යටතේ.දේශපාලන බල අධිකාරිය හැරුනාමරාජ්ය නිළධරීන් හා ප්‍රදේශයේ සිවිල් සංවිධාන නියෝජිතයන් හැරුනාම සංවර්ධන කමිටු රැස්වීම නියෝජනය කිරීමේ අවස්ථාව තියෙන්නෙ මාධ්‍යවේදීන්ට.අපි මේ රටේ මීට පෙර පැවති ආණ්ඩුවල අකුරැස්ස නියෝජනය කළ දේශපාලඥයන් වුන බුද්ධික පතිරණ මනෝජ් සිරිසේන වගේ අයගේ ප්‍රධානත්වයෙන් පැවැති බොහෝ සම්බන්ධීකරණ කමිටු රැස්වීම් වලට සහභාගි වෙලා තියෙනවා.ඒත් ඒ කිසි දිනක මේ වගේ අප්‍රසන්න අත් දැකීමකට මුහුණ දී නැහැ. අපේ ගම්වල ගෙවල් වලින් කහට එක බිබී සිල්ලර බාටා එකක් දාගෙන ඇවිද ඇවිද දේශපාලනය කෙරුව සුනිල් හඳුනෙත්ති සහෝදරයාට ආණ්ඩු බලය ලැබිල ටයි කෝට් අඳින්න ලැබුනම අර තිබුණ සහෝදරකම් අමතක වෙලා වගේ කියලයි අපට හිතෙන්නෙ.
Comments
Post a Comment