සීඅයිඩියේ දෙපැත් නයි ජාජබයට කෙල වෙන තුරු බලා සිටී

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිර මැදිරියක තිබී හොරෙයින් ග්‍රෑම් 12 ක් හා මත් පෙති 15ක් සොයා ගන්නා ලද බව වාර්තාවේ.මේ සිර මැදිරිය පිහිටා ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සේනාරත්න ගේ නිල මැදිරිය ඉදිරිපිටය. එම මත් ද්‍රව්‍ය සොයා ගැනීම රහසේ තබා ගන්නා ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා නියෝජ්‍ය පොලිස්පතිනි මුතුමාලි එහි නිළධාරීන් කැඳවා උපදෙස් දී ඇති බව වාර්තා වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානින් මේ වන විටත් හැසිරෙන්නේ ජාජබ ආණ්ඩුව අපහසුතාවට පත් වන ආකාරයට බව ආණ්ඩුවට හිතවත්ව එහි රාජකාරන නිළධාරීන් පවසා සිටී.මේ චෝදනාව සුළුවෙන් ප්‍රතික්ෂේප කළ හැකි චෝදනාවක් නොවන බව වටහා ගත හැක්කේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකිව යුතු තනතුරු සඳහා පත් කර ඇති ඡ්‍යෙෂ්‍ඨ නිළධාරීන්ගේ වෘත්තිය පැටිකිරිය හාරා අවුස්සා බලන විටය.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර දී ඇති ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති වරයා වන කරවිට හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව බාරව දීර්ඝ කාලයක් රාජකාරි කළ අයෙකි.නියෝජ්‍ය පොලිස්පතිනි මුතුමාලි රාජපක්ෂ කඳවුර නියෝජනය කරන්නියකි.අපරාධ පර...