සීඅයිඩියේ දෙපැත් නයි ජාජබයට කෙල වෙන තුරු බලා සිටී




 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිර මැදිරියක තිබී හොරෙයින් ග්‍රෑම් 12 ක් හා මත් පෙති 15ක් සොයා ගන්නා ලද බව වාර්තාවේ.මේ සිර මැදිරිය පිහිටා ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති ⁣ප්‍රධාන පොලිස් පරීක්ෂක සේනාරත්න ගේ නිල මැදිරිය ඉදිරිපිටය.


එම මත් ද්‍රව්‍ය සොයා ගැනීම රහසේ තබා ගන්නා ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ⁣නියෝජ්‍ය පොලිස්පතිනි මුතුමාලි එහි නිළධාරීන් කැඳවා  උපදෙස් දී ඇති බව වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානින් මේ වන විටත් හැසිරෙන්නේ ජාජබ ආණ්ඩුව අපහසුතාවට පත් වන ආකාරයට බව ආණ්ඩුවට හිතවත්ව එහි රාජකාරන නිළධාරීන් පවසා සිටී.මේ චෝදනාව සුළුවෙන් ප්‍රතික්ෂේප කළ හැකි චෝදනාවක් නොවන බව වටහා ගත හැක්කේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකිව යුතු තනතුරු සඳහා පත් කර ඇති ඡ්‍යෙෂ්‍ඨ නිළධාරීන්ගේ වෘත්තිය පැටිකිරිය හාරා අවුස්සා බලන විටය.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර දී ඇති ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති වරයා වන කරවිට හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව බාරව දීර්ඝ කාලයක් රාජකාරි කළ අයෙකි.නියෝජ්‍ය පොලිස්පතිනි මුතුමාලි රාජපක්ෂ කඳවුර නියෝජනය කරන්නියකි.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති සේනාරත්නට එරෙහිව බරපතල චෝදනා තිබේ.ඒ අතරේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ⁣තල්දූවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර සිටී.ඔහුගේ බිරිඳ පොදුජන පෙරමුණේ නීති උපදේශිකාවයි.

මේ සැමගේ වෘත්තීය පැටිකිරිය ගැට ගැසී පවතින්නේ රාජපක්ෂවරුන් හා රනිල් වික්‍රමසිංහගේ සමීපතමයන් සමගය.
මෙහිදී අනාවරණය වන වැදගත්ම කාරණය වන්නේ මෙම නිළධාරීන් සියළුම දෙනා හටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකීම් බාර දී ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශක රණවීර වීමය.මහජන ආරක්ෂක අමාත්‍යංශයේ මෙම නල්ල මලේ උපදේශක ගේ කෙරුවාව පිළිබඳව පොලිස් දෙපාර්තමේන්තුවෙි ජාජබයට හිතවත් නිළධාරීන් තුළ පවතින්නේ බරපතල සැකයකි.

කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරි කටයුතු කඩාකප්පල් කිරීමේ අරමුණින් ආණ්ඩුවට එරෙහි යම් පිරිසක් යටි බිම් ගතව කුමන්ත්‍රණකාරීව ක්‍රියා කරන බව පැහැදිලිය.අප දිගින් දිගටම ඒ පිළිබඳව අනාවරණය කර තිබේ.ජාජබ ආණ්ඩුව ආරක්ෂා කර ගැනීම අපගේ යුතුකම සහ වගකීමක් ලෙස සළකා එම තොරතුරු අනාවරණය කෙරුවෙමු.

මෙහිදී අපට දැන ගැන්මට ලැබී ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ඡ්‍යෙෂ්ඨයකු ජනාධිපති අනුර කුමාර සහෝදරයාට අප පිළිබඳව සාවද්‍ය තොරතුරු සපයා ඇති බවය.ඒ අප එක්සත් ජාතික පාක්ෂියන් ලෙස හඳුන්වා දීමෙනි.ජනපති අනුර දිසානායක සහෝදරයාට අප පිළිබඳව වැරදි තොරතුරු ලබා දුන් ⁣ඒ ඡ්‍යෙෂ්ඨයාම බොහෝ අවස්ථාවල අප අමතමින් නිළධාරීන්ට එරෙහිව තොරතුරු ලබා දී තිබේ.අප ජනපති අනුර දිසානායක සහෝදරයාගෙන් ඉල්ලා සිටින්නේ මේ දෙපැත් නයින් ගෙන් ප්‍රවේශම් වන ලෙසය.

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්