හල්ඔළුවට වෙඩි තියලා

 


හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ තුසිත හල්ලොඔළුව ගේ ගමන් ගත් වාහනයට වෙඩි තබා ඔහුට පහර දී ඇතැයි වාර්තා වේ.තුසිත හල්ඔළුව ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න හමුවී  ආපසු පැමිණමින් සිටියදී නාරාහේන්පිට කින්ස් රෝහල ආසන්නයේදී අවි ගත් දෙ⁣දෙනෙකු වාහනය නවතා අහසට හා වාහනයට වෙඩි තබා ඔහුට පහරදී ඔහු සන්තකයේ තිබූ ලිපි ගොණුවක් පැහැර ගෙන ගිය බවද දැන ගැන්මට තිබේ.මේ වාහනයේ නීතිඥ දිනේශ් දොඩංගොඩ සිටි බවද ⁣ඔහුටද සුළු තුවාල සිදු වී ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.


ජනපති අනුර කුමාර දිසානායක සතුව බිලියන 400ක වත්කමක් විදේශයක සඟවා ඇතැයි තුසිත හල්ඔළුව විසින් සිඳු කරන ලද චෝදනාවකට පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කට උත්තර ලබා ගන්නා ලදී.

තුසිත හල්ඔළුව දේශපාලනික කුමන්ත්‍රණ කරුවෙක් ලෙස ප්‍රසිද්ධ පුද්ගලයෙකි.කෙසේ වෙතත් ජාජබ ආණ්ඩුවට ⁣මොහුට පහර දීමට කිසිදු අවශ්‍යතාවක් නැති බවද පැහැදිලිය.
මෙරට දේශපාලනය තුළ ජාජබයේ  විනයානුකූලව හැසිරීම ගැන සළකා බලන විට මේ සිදුවීම තුසිත හල්ඔළු⁣වගේ අතේ රෝලක් බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත.

Comments

Popular posts from this blog

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

නලින් හේවගේ සහෝදරයාගෙන් මහ පොළවේ දේශපාලනය ඉගෙන ගන්න අධිකරණ ඇමතිතුමෝ

මිනීමරු රණවීරගේ කෙරුවාව ගැන හිරිකිතයක් අමනාපයක් කෝපයක් ජාතික ජන බලවේගයේ සහෝදරවරුන්ට නැද්ද අප්පා