පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නට සේවා දිගුවක් හිමිවේ
පොලිස්පති සී.ඩී .වික්‍රමරත්නට වසරක සේවා දිගුවක් ලැබී ඇතැයි වාර්තා වේ.
පොලිස්පතිවරයාට ලැබුණ එම සේවා දිගුව පිළිබඳව අපි අතිශයින් සතුටු වෙමු.
එය අපට සතුටුවීමට හැකි කාරණයක් වන්නේ පසුගිය දින වල පාදඩ පාතාලයකු පොලිස්පතිවරයා ලෙස පත්කරලීම සඳහා දියත් වූ යටි බිම් ගත සැළසුම සාර්ථක වූයේ නම් දීර්ඝ ඉතිහාසයක් හා බැඳී පැවතුන කීර්තිමත් පෞරෂවයකට හිමිකම් කියන ලද පොලිස් දෙපාර්තමේන්තුවේ මලගම ඉන් සටහන් වෙන සොහොන් ලකුණු පහල වෙමින් තිබුණ නිසාය.
පොලිස්පති සී.ඩී වික්‍රමරත්නට සේවා දිගුවක් ලැබීම පිළිබඳව සතුටු වන්නේ අප පමණක් නොවන බවද අපි දනිමු. පාතාල පාදඩයකු පොලිස්පති කරවීම සඳහා පැවැති සියළු කුමන්ත්රණවලට එරෙහිව පෙනී සිටි නීතිඥ සංගමය විශ්ව විද්‍යාල ආචාර්යවරු ,සිවිල් සමාජ ක්රියාකාරිකයන්,හා සාධාරණ සමාජයක් උදෙසා පෙනී සිටින දේශපාලඥයන් පංගු බේරුවකින් තොරව ඒ සතුට භුක්ති විඳින බව සහතිකය.
විශේෂයෙන්එම පාදඩ පොලිස්කාරයාගේ දොළ පිදේනි වලට යටවී කඩමාලු පත්තරවල ලියන්නන් ගෙන ගිය සාවද්‍ය ප්රචාරාත්මක වැඩ පිළිවෙලට එරෙහි උඩු ගං බලා පිහිනමින් සැබෑ මාධ්‍ය අනාවරණයක නියැළුන අපගේ මාධ්‍ය සහෝදරයන්ද අපි මේ හෝරාවේ ඉතා ගෞරවයෙන් සිහිපත් කරමු.
පාතාල ජාවාරම්කාරයෙකු අතට පත් වී කැඩී බිඳී විසිරී යන්නට ඉඩ පැවැති පොලිස් දෙපාර්තමේන්තුව යම් තරමකට හෝ ආරක්ෂා වූයේ යැයි අපට දැන් සැනසුම් සුසුමක් හෙළිය හැකිය.
".....ඔබට අධර්මිෂ්ඨයන්ගෙන් ධර්මිෂ්ඨයන් වෙන් කළ නොහැකිය. දුෂ්ටයන් ගෙන් යහපත් තැනැත්තන් වෙන් කළ නොහැකි නිසාය.
මක්නිසාද කිව හොත් කළු නූල් සුදු නූල් එක්කොට වියුවාක් මෙන් ඔවුන් ඉර අභිමුවෙහි එකට එක්ව නැගී සිටින බැවිනි.
කළු නූල කැඩී යන විට මුළු රෙද්ද ගැනම අවධානය යොමු කළ යුතු වෙයි.ඔහු වියන යන්ත්‍රයද පරීක්ෂා කළ යුතු වෙයි.
(ඛලීල් ජිබ්රාන්)
මේ ලංකා දවසේ සුබපැතුම් පොලිස්පති තුමණි...........
Comments
Post a Comment