අධිකරණයේ බී වාර්තා දෙකක් ඇතිඅපරාධකරුවෙකු වු දේශබන්දුව පොලිස්පති කලහොත් විශාල ලේ වැගිරීමක් අහිමිවන ජීවිතවලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව වගකිව යුතුයි

 


අද දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින්, පොලිස්පති සී.ඩී වික්‍රමරත්න ට සේවා දිගුවක් ලබා නොදුනහොත් 25වන දින පොලිස්පති වරයා පත්කිරීමට නියමිතය.

මේ සඳහා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන නිලධාරීන් තිදෙනා ගේ නම් ව්‍යවස්ථාදායක සභාව ට ඉදිරිපත් කිරීමට නියමිත බව ජනාධිපති කාර්යාලයේ අතිශය විශ්වාසදායී ආරංචි මාර්ග සඳහන් කරයි.අධිකරණයේ බී වාර්තා දෙකක් ඇති  අපරාධකරුවෙකු වු දේශබන්දුව පොලිස්පති කලහොත් විශාල ලේ වැගිරීමක්  සිදුවන අතර , අහිමිවන ජීවිතවලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව වගකිව යුතුයි.

ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින් වන්නේ  සභාපති, කතානායක මහින්ද යාපා අබේවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජනාධිපතිවරයාගේ නියෝජිත නිමල් සිරිපාල ද සිල්වා, විපක්ෂයේ නියෝජිතයා වශයෙන් කබීර් හෂීම්, ආණ්ඩු පක්ෂයේ නියෝජිතයා ලෙස  සාගර කාරියවසම් යන අය වේ.

ආචාර්ය රමනුජන් හිටපු අමාත්‍යාංශ ලේකම් වරයෙකි. මහාචාර්ය අනුලා විජේසුන්දර වෛද්‍ය සංගමයේ සභාපතිනි ලෙස කටයුතු කර ඇති අතර ඇය වෛද්‍ය ක්ෂේත්‍රයේේ දීප්තිමත් වෛද්‍යවරියක් වගේම මහාචාර්යවරියකි. ඇය නීතිය සාධාරණ ව හා අකුරටම ඉටුකරන අයෙකු ලෙස මුලු වෛද්‍ය ක්ෂේත්‍රයේ ම නමක් දිනා සිටින්නීය.

දිනේෂා සමරරත්න, නීතිය පිළිබඳ විශාරදයෙකු වන අතර ඇය ව්‍යවස්ථාදායක නීතිය සම්බන්ධයෙන් ප්‍රවීණයකු වේ.එසේම විදේශ විශ්ව විද්‍යාල කීපයකම ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් දේශණ සපයන දක්ෂ කථිකාචාර්යවරියෙකි.

ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා, මහින්ද රාජපක්ෂ කියන ඕනෑම දෙයක් සිදු කිරීමට සැදී පැහැදී සිටින බැවින් ඔහු නිසැකවම දේශබන්දු තෙන්නකෝන් ගේ නම අනුමත කරනු ඇත.
යම් හෝ සැනසීමක් ඇත්තේ විපක්ෂය නියෝජනය කරන කබීර් හෂීම් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යි. නමුත් සිවිල් නියෝජිතයන් දෙදෙනා ගේ අදහස දෙවියෝ දනිති.

එහෙත් මේ මොහොත වන විටත් රජයේ නීතිඥ සංගමය විසින් මෙම සියළුම නියෝජිතයන් වෙත දේශබන්දු තෙන්නකෝන් ගේ පැටිකිරිය යවා ඇත. එනිසා මේ වන විටත් ආණ්ඩුව, විපක්ෂ නියෝජිතයන්, ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිතයන් මේ සියල්ල හොදින් දන්නා අතර ගවේෂනාත්මක මාධ්‍යවේදීන් වශයෙන් ව්‍යවස්ථාදායක සභාවේ දේශබන්දු තෙන්නකෝන්ට පක්ෂ වන සියලුම නියෝජිතයන් පිළිබඳ ව අප ගේ උකුසු ඇස් යොමු වී ඇති බව දැනගත යුතුය.

දේශබන්දු තෙන්නකෝන් විසින් තම හිතවත් විශේශඥ වෛද්‍ය වරුන්ට, විශ්ව විද්‍යාල මහාචාර්ය වරුන්ට සහ පොදුජන එක්සත් පෙරමුණේ බැසිල් රාජපක්ෂ සමගත්, එමෙන්ම ඔහුට හිතවත් සමගි ජන බලවේගයේ කාලකන්නි දේශපාලකයින් සමගත් මෙ මොහොත වන විටත් තමන් පොලිස්පති වරයා ලෙස පත්කරගැනීම සඳහා දොල පිදේනි ලබාදීමට සියල්ල සකසා අවසන්ය.

ස්වාධීන යැයි කියා ගන්නා වූ කොමිෂන් සභාවේ ස්වාධීනත්වය දොල පිදේනි වලට යටත් වන්නේ දැයි බලා ගැනීමට මෙය කදිම අවස්තාවකි.

නීතිපති දෙපාර්තමේන්තුවේ දක්ෂ නීතිඥ වරයකු පවසන්නේ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති වරයා වුවහොත් පොලිස්පති ධූරයේ සිට, වැලිකඩ මහ උළු ගෙදර ට යාම කිසිසේත් වැලැක්විය නොහැකි බවයි. ඔහු ගැන බොහෝ දේ කීමට ඇත.

පෙරේදා රාත්‍රීයේ දේශබන්දු තෙන්නකෝන් ටිරාන් සහ තවත් කිහිප දෙනෙකු සමග සාකච්ඡා පවත්වමින් ප්‍රකාශ කර ඇත්තේ ව්‍යවස්ථාදායක සභාවේ සියළුම සාමාජිකයින් ට හැකි පමණින් බලපෑම් කිරීම සඳහා ඵම පුද්ගලයන් තමන් තෝරාගෙන ඇති බවත් ඵම
ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින් ගේ ලගම ඥාතීන්, ස්වාමිපුරුෂයන්, බිරින්දෑවරුන් මෙන්ම හිතමිතුරන් ද තමන් මේ මොහොත වන විටත් අඳුනගෙන ඇති බවත්, ඔවුන් ට පනිවිඩ යැවූ බවත්, ඔවුන් ට දොල පිදේනි දී කෙසේ හෝ තමන් පොලිස්පති වන බවත්, පොලිස්පති වීමෙන් පසුව, තමන් ට එරෙහි වූ සියළුම දෙනා හට තමන් සිදු කරන දේ නුදුරු අනාගතයේදී දැකගත හැකි බවත් ය.ඒ සියළු තොරතුරු අපිට ලැබී තිබේ

දේශබන්දු පිලිබදව රාජ්‍ය බුද්ධි අංශය ජනාධිපතිට රහසිගත වාර්තාවක් ලබාදෙමින් මොහු දුෂිතයකු බවට කියා ඇත.

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්