පාස්කු බෝම්බයේ අප දකින බිහිසුණු යථාර්තය.

 


දේශපාලන අපරාධ පිටුපස.........

පාස්කු ඛේදවාචකය සිදුවී වසර හතරක් ගෙවී ගොසිනි.එහෙත් එම අපරාධයට වග කිවයුතු අදෘශ්‍යමාන හස්තය තවමත් නිදැල්ලේය.එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී වජිර අබේවර්දන පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කරන ලද්දේ සැඟවුන මූලාශ්‍රය ගැන සෙවීම පලක් නැති බවය.

ඔහු එහිදී මෙරට ⁣සිඳුවුන බොහෝ දේශපාලන අපරාධ වල මූලාශ්‍රය ⁣සොයා ගන්නට නොහැකි වූ බවද කීවේය.ඔහුගේ එම ප්‍රකාශයෙන් තහවුරු වෙන එක කාරණයක් තිබේ.ඒ මෙරට සිඳුවුන බොහෝ දේශපාලන අපරාධ පිටුපස සැඟවුන මිනීමරු හස්තයක් ඇති බවය.පාස්කු සිද්ධියටද එය අදාලය.

පාස්කු බෝම්බ ප්‍රහාරයේ අල ගිය මුල ගිය තැන් නැවත නැවත ලිවීම පලක් නැත.එම බිහිසුණු අපරාධයේ නොවිසිඳුන හා සැක සංකා මතුවන සාක්ෂි පිළිබඳව විමර්ශනය කරන්නට ආණ්ඩුව මැලි කමක් දක්වයි.අපට ප්‍රශ්ණය වී ඇත්තේ ආණ්ඩුවේ එම උදාසීන බවය.මෙය හුදෙක් අන්තවාදී ආගමික කල්ලියක සිදුවීමක් ලෙස හඟවා සියල්ල සැඟවීමට දරණ ප්‍රයත්නය තුළ පවතින්නේද කිසියම් දේශපාලනික අවශ්‍යතාවක් බව පැහැදිලිය.

ඉන්දියාවේ රෝ සංවිධානය

කෙසේ වෙතත් මෙම පාස්කු බෝම්බ මෙහෙයුම ආරම්භ කරන ලද්දේ ඉන්දියාවේ රෝ සංවිධානය බවත් එය ඉන්දියානු භූ දේශපාලනික අවශ්‍යතාව මත අරඹන ලද්දක් බව පැහැදිලිය.
රෝ සංවිධානය මෙරට එම වැඩ පිළිවෙල සම්බන්ධීකරණය සඳහා සාරා ජෙස්මින් යොදවා ගත් බව සැක කළ හැකිය.එහෙත් රෝ සංවිධානය ආරම්භ කළ එම ක්‍රියාන්විතය අවසානය වන විට ඔවුන්ගේ පාලනයෙන් මිදී වෙන ඉසව්වකට ඇදී යන්නට විය.

ඒ නිසාම රෝ සංවිධානය විසින් පාස්කු දින මෙරට කතෝලික ආගමික සිද්ධස්ථාන කේන්ද්‍රීය කරගනිමින් ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ලවීමට හැකි බවට අනතුරු ඇඟවීමක් කෙරිණි.එහෙත් මෙරට ආණ්ඩුවේ දේශපාලන නායකයන් බුද්ධි අංශ ප්‍රධානීන් හා වගකිව යුතු ආරක්ෂක අංශ ඒ ⁣අනතුරු ඇඟවීම ගැන එතරම් ඕනෑ කමක් දැක්වූයේ නැත.සැබවින්ම ඔවුන් මේ පිපිරවීම අපේක්ෂාවෙන් සිටියහ.රෝ සංවිධානය හා සම්බන්ධව සිටි සහරාන් ඇතුළු කණ්ඩායම දෙබිඩ්ඩන් වූහ.ඔවුන් රෝ සංවිධානයේ උපදෙස් ලබා ගනිමින් ක්‍රියාත්මක ⁣වන බව අඟවමින් මෙරට හමුදා බුද්ධි අංශය සමග සමීප සම්බන්ධතා පවත්වාගෙන ගියහ. හමුදා බුද්ධි අංශ වල ඉත්තන් වූ සහරාන් ඇතුළු පිරිස බිලි බෝයිලා වූ බව ඇත්තම කතාවය.

මෙරට හමුදා බුද්ධි අංශය.........

පාස්කු බෝම්බ ප්‍රහාරයේ මුල්ම අත්හදා බැලීම සිඳු කර ඇත්තේ 2019/04/16 වන දින කාතන්කුඩිය පලමුනෙහි ආසන්නයේ යතුරු පැදියක පැදියක බෝම්බයක් තබා දුරස්ථ පාලකයකින් පුපුරවා හැරීමෙනි.මේ බෝම්බය දුරස්ථ පාලකයකින් පුපුරවා හැරීම ගැන සිතන විට සිද්ධියට සම්බන්ධ ක්‍රියාකාරිකයන් ගේ ඉදිරි සැලසුම ගැන අදහසක් ගන්නට පුළුවන.ඒ සිය ඉලක්ක පථ වල බෝම්බ තබා දුර සිට පුපුරවා හැරීමේ සැළසුමක් සකස් වෙමින් පැවතුන බවය.

මොහිදින් හමුදා ඔත්තුකරුවකු...........

මෙම බෝම්බ පුපුරවා හැරීමේ අත් හදා බැලීම ආමි මොහිදින් සම්බන්ධ විය.ඔහු
2017 ජුනි මාසයේ මඩකළපුව ⁣මහේස්ත්‍රාත්වරයා විසින් අත් අඩංගුවට ගැනීමේ නියෝග කළ වරෙන්තු කරුවෙකු විය.පාස්කු ප්‍රහාරයත් සමගම ආමි මොහිදින් අත් අඩංගුවට ගැනීමෙන් පෙනී යන්නේ ඔහු යන එන තැන් පොලීසිය දැන සිටි බවය.
මොහිදින් හමුදා ඔත්තුකරුවකු බව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී අනාවරණය වී තිබේ.එය එසේ වන්නේ නම් හමුදා බුද්ධි අංශ සමග පැවති සම්බන්ධතා මත ඔහුට ස්වාධීනව වැඩ කළ නොහැකි බව හා හමුදාවේ අවශ්‍යතාවන් ඉක්මවා යා නොහැකි බවත් වටහා ගත යුතුය. තමන් වැඩ කරන්⁣නේ හමුදාව සමග බව මොහිදින් තේරුම් ගෙන නොසිටියා නම් එය පුදුමයකි.ඔහුට රහසිගතව බෝම්බ තැනීම හා පිපිරවීම⁣ හමුදාවේ අනුමැතිය නැතුව කළ හැකි දෙයක් නොවේ.ආමි මොහිදින් පාස්කු ප්‍රහාරය සිඳු කරන තෙක් සහරාන් සමග සමීප සම්බන්ධතාවක් පවත්වා ගෙන ගොස් තිබේ.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධවූ බෝම්බ කරුවන්.......

පාස්කු ප්‍රහාරයට සම්බන්ධවූ බෝම්බ කරුවන් වැඩි දෙනෙකු කෝටිපතියන් වූහ.කොළඹ ශැන්ග්‍රිල්ලා හෝටලය පුපුරවා හැරියේ දෙමටගොඩ මොහොමඩ් ඊබ්‍රාහිම් ගේ පුත්‍රයා වන ඉල්ෂාම් සීලවන්ය.ඔහුගේ වත්කම පමනක් ඩොලර් මිලියන 40 ක් බව අනාවරණය වී තිබේ සැම්බියාව ජපානය වැනි රටවල පවා ඔහුගේ ව්‍යාපාර ඇත.කිංස්බරි හෝටලය පුපුරවා හැරීමට සම්බන්ධ වූයේ ඔහුගේ මල්ලී වන ඉල්හාම්ය.සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය තුළ පිපිරවීම සිඳු කරන ලද්දේ ඔහුගේ මස්සිනාය.මොවුන් විදෙස් රටවල අධ්‍යාපනය හැදෑරූ අයවළුන් විය.මිල මුදලින් අඩු පාඩුවක් ඇත්තන්ද නොවීය.

 

මරා ගෙන මැරෙන්නට තරම් කිසිදු ප්‍රශ්නයක් ද තිබුණු බවක්ද වාර්තා නොවේ.කොච්චිකඩේ දේවස්ථානයට ප්‍රහාරය එල්ල කරන ලද්දේ මට්ටක්කුලිය බ්ලූමැන්ඩල් පාරේ පදිංචිව සිටි මොහොමඩ් දාවුද් නම් අය වේ.ඔහුගේ පියාද මෙරට ප්ලාස්ටික් බඩු නිෂ්පාදනය කරන කෝටිපති ව්‍යාපාරිකයෙකි.දාවුද් එල්එල්බී උපාධිය හදාරා නීති විද්‍යාලයට යාමට සුදුසුකම් සපුරා සිටි අයෙකි.

ඡ්‍යෙෂ්‍ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු ගේ නියෝගයක්.........

ප්‍රහාරයට සම්බන්ධ බෝම්බ නිෂ්පාදන කරන ලද ස්ථානය ලෙස ආරක්ෂක අංශ හඳුනා ගත්තේ පානදුර කෙසෙල්වත්ත පරත්ත පාරේ ෂෙරීප් මාවතේ පිහිටි නිවසකි.මෙම නිවසේ තිබී අත් අඩංගුවට ගන්නා ලද ලොරිය ඊට සති ගනනකට පෙර බණ්ඩාරගම අධිවේගී පිවිසුමේදී පොලීසියේ නිළධාරියකු විසින් නවතා පරීක්ෂා කරන්නට උත්සාහ කරද්දී ඡ්‍යෙෂ්‍ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු ගේ නියෝගයක් මත මුදා හැර තිබේ.එම ලොරිය පදවා ගෙන ආ තැනැත්තන් ප්‍රකාශ කර ඇත්තේ ඇවන්ගාඩ් ආයතනයට සම්බන්ධව විදේශයෙන් ගෙන්වන විසිතුරු මසුන් එම ලොරිය තුල ගබඩා කර ඇති බවය.

ඇසිටෝන් පැරසයිට් හා හයිඩ්‍රජන් පැරසයිට්...........
පාස්කු බෝම්බ ප්‍රහාරයේදී පිපිරුණ බෝම්බ නිෂ්පාදනය සදහා යොදා ගෙන තිබුණේ ටී.ඒ.ටී.පී පුපුරණ ද්‍රව්‍ය බව හෙළිවී ඇත.ඇසිටෝන් පැරසයිට් හා හයිඩ්‍රජන් පැරසයිට් එකතුව නිෂ්පාදනය කෙරෙන මෙය දියර හා කුඩු වර්ග ලෙසද භාවිතා වේ.මෙම රසායන ද්‍රව්‍ය මෙරටට ගෙන්වන එක සමාගමක් වන්නේ ඇවන්ගාඩ් සමාගම බව කියවෙි.නිෂ්පාදනය කෙරෙන බෝම්බ බහලුම් ලෙස භාවිතා කර ඇත්තේ බත්තරමුල්ල සුපිරි වෙළඳසලකින් මිලදී ගත් ගමන් මලුය.ඒවා කරේ එල්ලා ගෙන යන ගමන් මලුය.

පිටතින් පැමිණි දුරකථන ඇමතුමක්......

ඊළගට අපගේ අවධානයට යොමු වන්නේ කොළඹ ටාජ් හෝටලය පුපුරවා හැරීමට ගිය අබ්දුල් ලතීෆ් ජමීල් ගැනය.ටාජ් හෝටලය තුල ගමන් මල්ල තබා පිට වීමට උත්සාහ කළද එහි සිටි ආරක්ෂක නිළධාරියෙකු නිසා හා පිටතින් පැමිණි දුරකථන ඇමතුමක් නිසා යලි ඔහු බෑගය රැගෙන තුන් රෝද රථයකින් වැල්ලවත්තට පැමිණ ඇත.පසුව ඔහු දෙහිවල ට්‍රොපිකල් ඉන් නම් හෝටලයට ගොස් එහි කාමරයක බෝම්බ බෑගය තබා දෙහිවල පිහිටි මුස්ලිම් පල්ලියක යාඥාවට සහභාගි වී තිබේ.එහිදී එහි සිටි ආරක්ෂක නිළධාරියකුට මතුවූ සැකයක් හේතුවෙන් ඔහුගෙන් ප්‍රශ්ණ කළ බව කියවේ ජමීල් එහිදී පවසා ඇත්තේ බිරිඳ සමග ආරවුලක් නිසා තමා නිවසින් පිටව ආ බවය.ආරක්ෂක නිළධාරියා විසින් ජමීල් ගේ බිරිඳගෙන් ඒ ගැන විමසා එය තහවුරු කරගෙන ඇත.ඊට සුළු මොහොතකට පසුව හමුදා බුද්ධි අංශයෙන් බව පවසා ජමීල්ගේ දුරකථනයෙන් පල්ලියේ ආරක්ෂක නිළධාරියා වෙත ඇමතුමක් ලැබී තිබේ.එහිදී හමුදා බුද්ධි අංශ නිළධාරීන් එම ආරක්ෂක නිළධාරියාගෙන් ඉල්ලා ඇත්තේ ජමීල් රඳවාගෙන සිටින ලෙසය.එහෙත් ආරක්ෂක නිළධාරියා එය ප්‍රතික්ශේප කර ඇත.

ජමීල් පල්ලියෙන් පිටවී නැවත ටොපිකල් ඉන් හෝටලයට යන්නේ හා එහිදී පිපිරීමට ගොදුරුවන්නේ මේ පසුබිම තුළය.ඉන් අපට සිතා ගත හැක්කේ ජමීල් පිළිබඳව හා ඔහු සිටින යන එන එන තැන් ගැන හමුදා බුද්ධි අංශ අවධානයෙන් හා පූර්ව දැනුමකින් සිටි බවය.

ඇමරිකන් පෙඬරල් බියුරෝ හෙවත් එෆ්බීඅයි..........

පාස්කු ප්‍රහාරයෙන් පසුව ඇමරිකන් පෙඬරල් බියුරෝ හෙවත් එෆ්බීඅයි හරහා සහරාන් සමග නිතර සන්නිවේදනය කළ පුද්ගලයෙකුගේ ඉන්ටනේට් ප්‍රොටෝකෝල් හෙවත් අයිපී ලිපිනයක් ගැන දැන ගැනීමට සීඅයිඩීයට හැකි විය.එම පුද්ගලයා ප්‍රශ්ණ කිරීමේදී
සහරාන් හා ඔහුගේ සම්බන්ධය ගැන කිසිම තොරතුරක් ලබා දීම ප්‍රතික්ෂේප කෙරිණි.

අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චූලා කොඩිතුවක්කු.........

ඉන්පසු ඩීඑම්අයි අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චූලා කොඩිතුවක්කු හරහා ආරක්ෂක අමාත්‍යංශය එම පුද්ගලයා සීඅයිඩීයෙන් ප්‍රශ්ණ කිරීම වලක්වා ලන ලද්දේ එම පුද්ගලයාගේ මැදිහත්වීම ජාතික ආරක්ෂක හේතු මත කල රහස් හමුදා බුද්ධි මෙහෙයුමක කොටසක් බව ප්‍රකාශ කරමිනි.ඉන්පසුව සීඅයිඩීයට මාතලේ වාසය කළ සහරාන් සමග සම්බන්ධයක් තිබුණ පොඩි සහරාන් හෙවත් මාතලේ සහරාන් නැමති අයකු සොයාගන්නට හැකි විය.ඔහු සීඅයිඩී අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කරන විට සොනික්⁣ සොනික් නම් පුද්ගලයකු ගැන අනාවරණය විය.

සොනික් සොනික්........

පසුව සොනික් සොනික් නම් තැනැත්තාගේ අනන්‍යතාවය හෙළිදරව් කර ගන්නට සීඅයිඩීයට හැකිවිය.එම අනවර්ථ නමින් හැඳින්වූයේ එස්අයිඑස් වෙත අනුයුක්තව සිටි උප පොලිස් පරීක්ෂක බණ්ඩාර බව සීඅයිඩීය දැනුවත් වීමෙන් පසුව ඔහුගෙන් ප්‍රශ්ණ කිරීම ඇරඹිනි.මෙහිදී එස්අයිඑස් බාර නියෝජ්‍ය පොලිස්පති සම්පත් ලියනගේ එම ප්‍රශ්ණ කිරීමේදී සීඅයිඩීයට බාධා කරන ලද්දේ මෙය ජාතික ආරක්ෂක මෙහෙයුමක් බව සඳහන් කරමිනි.

සහරාන් ගේ බිරිඳගේ සාක්ෂි..........

ඊළගට අපට ලියන්නට ඇත්තේ පාස්කු බෝම්බ ප්‍රහාරයට පසුව සාරා ජෙස්මින් ගේ ජවනිකාව ගැනය.කාතන්කුඩි පිපිරීමෙන් පසුව නිවස තුළ සාරා ජෙස්මින් සිටි බවට සහරාන් ගේ බිරිඳගේ සාක්ෂියෙන් තහවුරු වේ.එය තවදුරටත් පොලිස් පරීක්ෂක අබු බකර් ගේ සාක්ෂියකින්ද සාරා ජෙස්මින් ගේ මව ගේ සාක්ෂියකින්ද අනාවරණය වේ.

හැඳුනුම්පතක් හා ටී පනස් හය.........

කාතන්කුඩි පිපිරීමෙන් පසුව හමුදාවෙන් එම ස්ථානයට පොලීසියට විමර්ශනය සඳහා ඇතුළුවීමට ඉඩ නොදුන් බව වාර්තාවේ.බෝම්බ පිපිරීමකට ලක් නොවූ ආකාරයේ හැඳුනුම්පතක් හා ටී පනස් හය වර්ගයේ ගිණි අවියක් එහිදී පොලීසියට හමුවිය.පසුව සාරා සම්බන්ධයෙන් කළ ඩීඑන්ඒ පරීක්ෂණ දෙකකින් තහවුරු වූයේ ඇයගේ ශරීර කොටස් එහි නැති බවය.එහෙත් මෑතකදී නැවත සිදු කළ ඩීඑන්ඒ පරීක්ෂණයකදී සාරා ගේ බව පොලිසියේ මාධ්‍ය ප්‍රකාශක වරයා විසින් නිවේදනය කෙරුවේය.කිසිදු අධිකරණ නියෝගයක් නොමැතිව සිදු කළ එම ඩීඑන් ඒ පරීක්ෂණය කාගේ වුවමනාවකට සිදු කළ එකක්ද යන්න සැක සහිතය.

දුරස්ථ පාලක.......

පාස්කු බෝම්බ ප්‍රහාරයේ අප ගේ අදහස ඉදිරිපත් කරන්නේ ඉහත ජවනිකා ඇතුළත් වේදිකාව මත සිටය.සැබැවින්ම අපට මේ සිදුවීම එකින් එක ගෙන විමසන විට තහවුරු වී ඇත්තේ මෙම බෝම්බ පිපිරවීම දෙවන පාර්ශවයක් පිටත සිට දුරස්ථ පාලක මගින් සිඳු කළ බවය.සිද්ධියෙන් මරණයට පත් බෝම්බ ගෙන ගිය තැනැත්තන්ට සැලසුම දී තිබුණේ බෝම්බ බහාලූ ගමන් මලු ඒ ස්ථාන වල තබා පිටව යන ලෙස බව පැහැදිලිය.

බළළුන් ලවා කොස් ඇට බාවා ගැනීම

විශේෂයෙන් මෙම සංවිධානයේ නායකයා වූ සහරාන් එම සිද්ධියේදී මැදිහත් වීම කිසි දිනක මෙය මරා ගෙන මැරෙන කුමන්ත්‍රණයක් නොවූ බවට තහවුරු වන සිදුවීමකි. පාස්කු බෝම්බ ප්‍රහාරය අදෘශ්‍යමාන ප්‍රහාරකයකු විසින් සිදු කළ බළළුන් ලවා කොස් ඇට බාවා ගැනීමක් බව අප දිගින් දිගටම කියන්නේ මේ වටහා ගැනීම තුළය.පාස්කු වේ සැබෑ මිනීමරුවන් තවමත් නිදැල්ලේය.

එය දේශපාලනික ඕනෑ කමකට සිදු කළ මහා මිනිස් ඝාතනයකි.

ඔබගේ පරිත්‍යාගයන් තොරව ලංකා දවස පවත්වා ගෙනයාමට නොහැක.

[wpedon id="7467" align="right"]

Comments

Popular posts from this blog

පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන විමර්ෂකයන් වු රවි හා ශානි ඝාතනයකට රාජ්‍ය බුද්ධි අංශය සුදානම් වෙන බවට තොරතුරක්

අනියම් විවාහ මංඟල උත්සවය දැනුම් දීමයි

ඒඇස්පී ළමාහේවා ගේ තක්කඩි ගේමක් අනාවරණය වේ