රනිල් රාජපක්ෂ ජනතාවට සරම උස්සා චන්ඩි පාට් දමයි

 


යම් ජාතියක ප්‍රබලත්වය,එක්සත්කම පිළිඹිඹු කරමින් රටක ජනතාවගේ ස්වාධිපත්‍යය දේශ වාත්සල්‍යය ජාතික අනන්‍යතාව මෙන්ම කිසියම් රටක ජනතාව ප්‍රාණවත් කරන්නාවූද ජාතික සමගිය පෙන්නුම් කරන්නාවූද ප්‍රබල සංකේතය ලෙසට ජාතික කොඩිය ජනතාවගේ ගෞරව බහුමානයට ලක් වේ.

 
ලංකාවේ ජාතික කොඩිය නිර්මාණය වූයේ 1948 වර්ෂයේදී නිදහස්,ලංකාවේ අගමැතිවරයා වූ ඩී.එස්.සේනානායක විසින් පත් කරන ලද කමිටුවේ නිර්දේශ මතය.එම කමිටුව සඳහා  එජාපය නියෝජනය කරමින් එස්.ඩබ්.ආර්.ඩී .බණ්ඩාරනායක කමිටු සභාපති වරයා ලෙසද ,සර් ජෝන් කොතලාවල ,ජේ.ආර්.ජයවර්ධන,සර් ලලිත රාජපක්ෂ,හා ටී.බී.ජයා යන මන්ත්‍රීවරුන්
ඇතුළත් වූ අතර දෙමළ කොන්ග්‍රසය නියෝජනය කරමින් ජී.ජී පොන්නම්බලම් විය.කමි⁣ටුවේ ලේකම් ලෙස පත් කරන ලද්දේ එවකට පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූ සෙනරත් පරණවිතානය.එම කමිටුවේ අවසන් නිර්දේශය 1951 පෙබරවාරි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුන අතර ඒ අනුව නිර්මාණය වුන ජාතික කොඩිය 1951 මාර්තු 2 වනදාා ප්‍රථම වරට ඔසවන ලදී.
 
මෙම ජාතික කොඩිය මෙරට ජනතාව අතරට ගියේ ඉන් පසුවය.මෙරට බොහෝ උත්සව අවස්ථාවන් වලදී මෙරට ජනතාව පෞද්ගලිකවද පොදුවේද ස්වකීය ජාතික අභිමානයේ ප්‍රකාශණයක් ලෙස ජාතික කොඩිය භාවිතා කරමින් සිටී.ප්‍රභාකරන් පරාජයට පත් කළ තිස් වසරක යුද ජයග්‍රහණයෙන් පසුව මෙරට ජනතාව ජාතික ධජය විවිධ අවස්ථාවන්හිදී  ප්‍රදර්ශනය කිරීමට වඩාත් නැඹුරු වූ බවක් පෙනෙන්නට තිබේ.
 
එහෙත් මේ වන විට රනිල් රාජපක්ෂගේ ආණ්ඩුව ජනතාව ජාතික ධජය අතැතිව සිටීම දඬුවම් ලැබිය හැකි හා පොලිස් අත්අඩංගුවට පත් වීමට හැකි වරදක් බවට පත් කර තිබේ.අප එසේ පවසන්නේ ඊයේ (9)දින ජාතික ධජය රැගෙන පාරේ ගමන් කළ නූර් මොරීන් නම් කාන්තාව පොලිස් අත් අඩංගුවට ගත් නිසාය.නූර්⁣ මොරීන් පසුගිය වර්ෂයේ ගාලු මුවදොර අරගලයේ ක්‍රියාකාරිණියක ලෙස කටයුතු කෙරුවාය.ඊයේ ඇය ජාතික ධජය ගෙන පාරේ ගමන් කෙරුවේ පසුගිය වර්ෂයේ ගාලු මුවදොර පැවැති අරගලය පිළිබඳ සමරුවක් ලෙසිනි.
 
⁣දැන් පොලීසියට ජාතික ධජය නයාට අඳු කොල වාගේ යැයි අපට සිතේ.අප එසේ ලියන්නේ පසුගිය වර්ෂයේදී ජාතික ධජය රැගෙන පානදුර සිට කොළඹට පැමිනෙමින් සිටි කාන්තාවන් දෙදෙනෙකුට පොලීසිය අවහිර කරමින් බාධා පැමිණ වූ නිසාය.ඊයේ නූර් මොරීන් පොලිස් අත් අඩංගුවට ගත්තේ කිසිදු චෝදනාවක් නැතුවය.
 
මේ රටේ ව්‍යවස්ථානුකූල නීතිය රනිල් රාජපක්ෂගේ ආණ්ඩුව විසින් බල්ලා මාක් එකට  දමා තිබේ.දැන් මෙරට නීතිය විදියට සැළකෙන්නේ ප්‍රසන්න රණතුංග ,විජේදාස රාජපක්ෂ ,ටිරාන් අලස්,රත්තරං රෝහිත, වැනි දේශපාලන නොසන්ඩාලයන් ගේ සිතුම් පැතුම්ය.එහෙමත් නැතිනම් රනිල් රාජපක්ෂගේ පරිවාර සමලිංගික සගයන් ගේ හීනය.මේ පාදඩ රැළට මෙරට නීතිපති නම් නපුංසකයාද අභියචනාධිකරණයේ විනිසුරු ලෝගුව දාගත් කට්ට කයිරාටික අම්බැට්ටයන් පිරිසක්ද එක් වී සිටී.
 
මෙරට ජනතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1) (අ)වගන්තිය මගින් සහතික කර ඇති භාෂණයේ හා ප්‍රකාශණයේ නිදහස ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ලබා දුන් නඩු තීන්දු ගණනාවකින් ප්‍රකාශයට පත් කර තිබේ.⁣මේ අතරින් අමරතුංගට එරෙහිව සිරිමල් හා තවත් අය විසින් පවරා තිබූ නඩුවේ ඉතා වැදගත්ලෙස සැළකිය හැකිය.මෙය ජන ඝෝෂා නඩුව ලෙසද වාර්තා වේ.මේ නඩු තීන්දුව 1993 Vol 264 හි දැක්වේ.
 
මෙම නඩු තීන්දුවේ ප්‍රකාශය⁣ට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මාක් ප්‍රනාන්දු පවසා ඇත්තේ ප්‍රජාන්ත්‍රවාදී ව්‍යහයකට යටත්ව ආණ්ඩුව ,දේශපාලන පක්ෂ ,ප්‍රතිපත්ති ,වැඩසටහන් වලට ජනතාවට සහාය දැක්වීමට මෙන්ම විවේ⁣චනය කිරීමට  අයිතියක් පවතින බවය.මේ අනුව භාෂණයේ හා ප්‍රකාශණයේ නිදහස බැහැර කළ නොහැකි බවත් එය 14 (1) (අ) වගන්තියේ සඳහන් පරිදි ආණ්ඩුව විවේචනය කිරීමද ඇතුළත් වන බවද විනිසුරුවරයා මෙහිදී සඳහන් කර තිබෙි.මෙම නඩු තීන්දුවේදී තවදුරටත් විනිසුරු වරයා නියෝග කර ඇත්තේ  පුරවැසියන්ගේ මූලික අයිතීන් යටතට ගැනෙන භාෂණයේ හා ප්‍රකාශණයේ නිදහස සහතික කොට ගරු කර ආරක්ෂා කරන ලෙසට පොලිස්පතිවරයා විසින් පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් නිකුත් කළ යුතු බවය.
 
⁣රනිල් රාජපක්ෂ ආණ්ඩුව මානව හිමිකම් ආරක්ෂාකිරීම සම්බන්ධයෙන්   ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී ඇති නඩු තීන්දු වැසිකිලි කඩදාසි ගානට දමා හමාරය.මේ වන විට රනිල් රාජපක්ෂ ආණ්ඩුව විසින් ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු මෙරට අධිකරණ පද්ධතියට සම්බන්ධ විනිසුරුවරුන් සියළුම දෙනාගේම වෘත්තිමය පෞරෂය පිටකොටුවේ ගණිකාවකගේ තත්වයට හෙලා දැමීම ගැනද එම විනිසුරුවරුන් ගේ අවධානයට ලක් විය යුතුය.
 
සුද්දන්ට පස්සා පැත්ත දී ජනතාවට සරම උස්සා චණ්ඩි පාට් දැමීම රනිල් රාජපක්ෂගේ⁣ කෙරුවාවය.2001 අගමැති වූ මේ උන්නැහේ ප්‍රභාකරන් සමග රට පාවා දීමේ ගිවිසුම අත්සන් කරන ලදී.ඉන් අනතුරුව රනිල් රාජපක්ෂගේ නියෝග මත 2002 ජනවාරි 2 අතුරුගිරියේ මිලේනියම් සිටිවල  පිහිටි හමදා බුද්ධි මෙහෙයුම් මධ්‍යස්ථානය වටලන ලදී.මෙහි කෙතරම් බරපතල ජාතික අපරාධයක්ද යන්න සිතා ගත හැක්කේ මිලේනියම් සිටි වැටලීම නිසා අනාවරණය වූ බුද්ධි නිළධාරීන් 35 දෙනෙකු  පසු කාලයකදී  එල්ටීටී ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කිරීම නිසාය. 
 
රනිල් රාජපක්ෂ පිළිබඳව හොඳ රෙකමදාරුවක් කර ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ අලි සහීර් මවුලානාය.ඒ 2021 ජුනි මාසයේදීය.ඒ ඔහු විසින් රනිල් රාජපක්ෂගේ පාහරකම ගැන සිය සමාජ මාධ්‍ය ගිනුම ඔස්සේ සටහනක් තබමිනි.
 
කරුණා අතර එල්ටීටිය අතර මතබේදයක් ඇති වූ බවට දැන ගනිමින් ඔහු සමග සමීප සම්බන්ධතාවක් ගොඩ නගා ගත්තේ අලි සහීර් මවුලානාය.එවකට අලි සහීර් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.කරුණා හා ප්‍රභාකරන් අතර ඇතිව තිබූ මතභේදය පිළිබඳව අලි සහීර් විසින් එවකට අගමැති රනිල් වික්‍රමසිංහ හා එවකට හමුදාපති වරයා දැනුවත් කර තිබේ.ඒ සම්බන්ධයෙන් අලි සහීර් මන්ත්‍රීවරයා හා හමුදාපතිවරයා සමග 2004 ජනවාරි මාසයේ  දිනක අගමැති රනිල් රහස් සාකච්ඡාවක් පවත්වන ලද බවද එහිදී අගමැති රනිල් විසින් ඔහුට කරුණාට දොර විවෘත කරන්න සාම සාකච්ඡා වලට බලපෑම්⁣ නොකිරීමට ඔබ කළ යුතු කරන්න යැයි උපදෙස් දී ඇත.
 
මෙම සැලැස්ම ක්‍රියාත්මක වීම ආරම්භයත් සමගම පැවැති මැතිවරණයෙන් අගමැති රනිල් ප්‍රමුඛ ආණ්ඩුව පරාජයට පත් විය.එහෙත් අලි සහීර්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවස්ථාව ලැබුණි.මෙම මැතිවරණයෙන් දින කිහිපයකට පසුව අලි සහීර් විසින් ආරක්ෂිතව කරුණා කොළඹ කැඳවා ගෙන එන ලදී.
 
මේ සිදුවීම ගැන රනිල් වික්‍රමසිංහට ආරංචි වීමෙන් පසුව ඔහු අලි සහීර් අමතා කරුණා රැගෙන ඒම ගැන කෝපයෙන් බැණ වැදී තිබේ.එහිදී අලි සහීර් පවසා ඇත්තේ සර් මම ඔබේ උපදෙස් අනුව එසේ කළ බවය.එහෙත් එහිදී රනිල් වික්‍රමසිංහ පවසා ඇත්තේ අප දැන් ආණ්ඩුවේ නැහැ.සාම සාකච්ඡා හෝ කරුණා අපට දැන් වැදගත් නෑ යනුවෙනි.දැන් මට පක්ෂය ගැන සිතන්නට අවශ්‍යයයි.ඔබ මන්ත්‍රීකමෙන් ඉල්ලා අස්විය යුතු බවය.
 
ඉන් අනතුරුව එජාපය මාධ්‍ය ප්‍රකාශනයක් කරමින් අලි සහීර් මන්ත්‍රීවරයා ගේ මැදිහත්වීම් වලට පක්ෂයේ කිසිදු සම්බන්ධයක් නැති බවට නිවේදනය කර ඇත.අලි සහීර් මේ ගැන සඳහන් කර ඇත්තේ මාගේ නායකයා මා පාවා දී හුදකලා කර මගේ ජීවිතය අවදානමට හෙලූ බවය.ඔහු ජීවිතාරක්ෂාව සඳහා රටින් පිට වීමට පෙර මන්ත්‍රීකමෙන් ඉල්ලා අස් වී ඇති අතර එදිනම එම හිස් වූ මන්ත්‍රී ධුරය සඳහා   රනිල් වික්‍රමසිංහ දිවුරුම් දී තිබේ.අලි සහීර් එම සටහන අවසන් කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ යනු රට ජාතිය පාවා දෙන්නෙක් ⁣බව සඳහන් කරමිනි.
 
 බඩගින්න සමාජය පුරා පැතිරී ඇති ජනතාවගේ හිඟන කම ප්‍රයෝජනයට ගනිමින් රනිල් රාජපක්ෂගේ ආණ්ඩුව රට පාවා දෙමින් තිබේ.
 
මේ නොසන්ඩාලයාගේ පාවාදීම් වලට එරෙහිව පාරට බැස විරෝධතා දක්වන්නන් අළුගුත්තේරු පොලීසිය⁣ දමා මර්දනය කිරීම රනිල් රාජපක්ෂ ඇතුළු පාදඩ හෙංචයියන්ගේ අළුත්ම සෙල්ලම වී ඇති බව සිදුවෙමින් හා දකින්නට  අසන්නට ලැබෙන තොරතුරු වලින් අපට සිතා ගත හැකිය. 
 
ඔබගේ කාරුණික සහාය නොමතිව ලංකාදවස පුවත්පත පවත්වාගෙන යාමට නොහැකිය
[wpedon id="7467" align="right"]
 

 

 

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්