ජනපතිතුමණි ,මේ පිස්සු තිරිසණා බැඳ දමනු
ගම්පහ උඩුගම්පොල ජීවත් වූ ජේමිස් රජ්ජුරුවන්ගේ පැටිකිරිය ගම්පහ ජීවත්වන පැරැන්නන්ට තවමත් මතකය.මේ ජේමිස් රජ්ජුරුවන් වූයේ සූදු කප්පිත්තෙක් වූ නිසාය.බූරුවා ගැස්සවීම ,හොර සුරා නිෂ්පාදනය, කුකුළන් කෙටවීම ආදී සමාජ විරෝධී කටයුතු වෘත්තිය කරගත් ජේමිසා රජෙකු ලෙස ප්‍රදේශවාසීන් අතර ප්‍රසිද්ධ වූයේ එම ප්‍රදේශයේ සිදු කළ සියළු දුරාචාරයන් ඔහුගේ නායකත්වය යටතේ සිදු කළ නිසාය.ජේමිස් රජා ගේ සූදු පොළෙහි බූරුවා ගසා ජයග්‍රහණය කර මුදල් රැගෙන ගෙදර යන්නට කිසිවෙකුට ඉඩක් නොතිබුණි.ඒ සූදුවෙන් ජයග්‍රහණය කර නිවසට යන අතරමගදී සූදු කාරයන් මංකොල්ල කා එම මුදල් පැහැර ගැනීමට ජේමිස් රජා සිය හෙංචයින් යොදවා තිබුන බැවිනි.
මේ ජේමිස් රජා නම් ලුම්පන් පාදඩයා වෙනින් කවුරුවත් නොවේ.මොහු වර්තමාන නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග ගේ සීයාය.ඒ කියන්නේ රෙජී රණතුංග ගේ පියාය.අපරාදේ කියන්නට බැරිය.ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාට තම සීයා තුළ පැවැති "පාදඩ ජාන" අඩුවක් නැතුව පවතින බව ඔහුගේ කියුම් කෙරුම් වලින් තහවුරු වී තිබේ.ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා පාර්ලිමේන්තුව හතර මායිමට ඇතුල්වීමට ඉඩ නොදිය යුතු අයිආර්සී කාර නොසන්ඩාලයෙකි.එහෙත් ලංකාවේ දූෂිත දේශපාලනයේ තරම තහවුරු කරමින් මේ නොසන්ඩාල පාදඩයා ඇමතිවරයකු ලෙස පමණක් නොව ආණ්ඩු පක්ෂයේ සභා නායක වරයා ලෙසද කටයුතු කරයි.මෙරට දේශපාලනයේ මිස්ට ක්ලීන් ලෙස කාලයකදී හැඳින්වූ ජනපති රනිල් රාජපක්ෂට ප්‍රසන්න රණතුංග ගේ නොසන්ඩාල පාදඩ කම ගැන අදහසක් නැත්තේ මක් නිසාද යන්න පැහැදිලි නැත.ප්‍රසන්න රණතුංග පාදඩයාට පසුගියදා අධිකරනය මගින් දන්ඩ නීති සංග්‍රහයේ බලෙන් ලබා ගැනීමේ වරදට දඬුවම් කරන ලදී.ව්‍යාපාරිකයෙකුට තර්ජනය කරමින් රුපියල් මිලියන 64 ක මුදලක් ලබා ගත්තේ යැයි මේ ලුම්පන් පාදඩයාට අවුරුදු 2ක් බරපතල වැඩ සහිතව සිර දඬුවමක් නියම කර එය අවුරුදු 5 කට අත්හිටුවන ලදී.මෙම දඬුවම නියම කරන ලද්දේ 2022 ජුනි මස 6 වනදා කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසිනි.මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් ප්‍රසන්න රණතුංග නම් කප්පම් කාරයාට දුන් මේ දඬුවම අධිකරණ ක්ෂේත්‍රයේ නීති විශාරදයන්ගේ බරපතල විමතියට හේතුවක් විය.අධිකරණය මගින් කප්පම් කාරයෙකුට අත් හිටවූ සිර දඬුවමක් ලබා දුන් ප්‍රථම අවස්ථාවද මෙය වේ.මංජුල තිලකරත්න යනු මෙරට අධිකරණ ක්ෂේත්‍රයේ ත්‍රාඩ දූෂිතයෙකි.මොහුට පවා ප්‍රසන්න රණතුංග මෙම චෝදනා වලින් නිදහස් කිරීමට නොහැකි වූයේ අධිකරණයට ඉදිරිපත් වූ සාක්ෂි වල නිවැරිදි හා ප්‍රබල බව නිසා බව පැහැදිලිය.මෙම නඩුවේදී පළමු විත්තිකාරයා වූ රණතුංඟ පාදඩයා වෙනුවෙන් පෙනී සිටි ජනපති නීතිඥ අනිල් ද සිල්වා අධිකරණයට කරුණු දක්වමින් පවසා ඇත්තේ තම සේවාදායකයගේ නමට එරෙහිව පූර්ව චෝදනා නොමැති බවත් අරගලය සමයේදී ඔහුගේ නිවස ගිණි තබා ඔහු දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බව හා තම සේවාදායකයා බොහෝ දුෂ්කරතා මැද පිහිටුවූ ආණ්ඩුවක ඇමතිවරයකු බැවින් ඔහුට දැඩි දඬුවම් ලැබුණහොත් මේ රජය කෙරෙහි ජනතා විශ්වාසය නැති විය හැකි බවය.විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනපති නීතිඥවරයා ගේ මේ ඉල්ලීම ගැන අපට ඇත්තේ බරපතල විහිළුකාර අදහසකි.එහෙත් එම ඉල්ලීම පිළිගෙන වැලිකඩ ජම්පරය අන්දා සිර කළ යුතු පාහර මැරයෙකුට අධිකරණය ලබා දුන් තීන්දුව ගැන අපට දැනෙන්නේ අමු හිරිකිතයකි.මෙවැනි කප්පමිකාරයන් සිටින හා උන් ආරක්ෂා කරන ආණ්ඩුවක යටතේ ජාත්‍යන්තර ආයෝජකයන් මෙරටට පැමිණෙන්නේ යැයි සිතීම පවා සිහිනයකි.එසේ එන්නේ නම් ඒ එන්නේ ඇහින්දාස් වර්ගයේ දෙපිටකාට්ටු ආයෝජකයන්ය.මේ වන විට මේ පාදඩයා පාර්ලිමේන්තු වරප්‍රසාද වලින් ආරක්ෂා වී මෙරට පුරවැසියන් හට අප්‍රසන්නතාවයක් ඇතිවන ආකාරයට නින්දා කොට සාපරාධී බිය ගැන්වීම කරමින් සිටී.පාතාල මැරයකු ලෙස විරුද්ධ පාක්ෂිකයන් හට මරණීය තර්ජනය කරයි.මේ කාලක්නියාගේ තර්ජන වලට බය තිගැස්සෙන තරුණ පරම්පරාවක් දැන් මේ රටේ නැත.එබැවින් මේ තිරිසන් කාලකණ්නියා පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වී සිඳුකරන උඩු බිරිල්ල වහාම නැවැත්වීමට පොදු ජන පෙරමුන තුළ තවමත් සිටින නීති ගරුක බුද්ධිමත් උගත් මන්ත්‍රීවරුන් මැදිහත් විය යුතුය.එසේ නැති නම් මේ තිරිසනා ගේ වාචාල කයිවාරුවට සමාජයෙන් ලියවෙන පිළිතුරු බිල ඉදිරියේදී මුළු පොදුජන පෙරමුණටම ලියවෙන්නටම ඉඩ තිබේ.අප ඒ ගැන සියල්ලන්ටම අනතුරු අඟවමු.පරම්පරාගත පාදඩ ලුම්පන් ජාන ඉතා සාහසික ආකාරයෙන් මොහු ප්‍රකාශයට පත් කරමින් සිටින බව පාර්ලිමේන්තුව තුළදී මොහුගේ කතා අසන්නෙකුට සිතා ගත හැකිය.ජුලි 9 දා මෙරට මහා ඛේදවාචකයට මුල් වූයේද පොදු ජන පෙරමුණේ මෙවැනි දාමරිකයන් නිසා බව මුළු රටම දනී.ඒ ඉල්ලං කෑමකි.එදින තමන් ගේ නිවාස ගිණිබත් කළ බවට පොහොට්ටුන් දැන් නාහෙන් ඇඬුවාට එම මැර ක්‍රියා සඳහා පදනම දැම්මේ අරලිය ගහ මන්දිරයේ සිටි රාජපක්ෂ බබාලා බව කවුරුත් නොදැන සිටියාට අපි දනිමු.යෝෂිත බබා ඒ සාහසික ක්‍රියාව සැළසුම් කර සිය හෙංචයින්යින් හට ඉදිරි කෙරුවාව පවරා හිමිදිරියේම වෙස් වලාගෙන බබා පාට් එකෙන් ඕස්ට්‍රෙිලියාවට ගිය හැටි අපට මතකය.ප්‍රසන්න රණතුංඟ නම් පාදඩයා ගේ මොනිටසෝරි තර්ජන වලට යම් ඉදිරි දිනයකදී මෙරට සමාජයෙන් ලැබිය හැකි "දන්සැල් දානය" ගැන අප ලිව්වේ අනාවැකියකි.ඒ අනාවැකිය වටහා ගත නොහැකි කිසිවෙකු වෙත් නම් උතුරේ අවුරුදු තිහක් තිස්සේ ඇතිවුන සන්නද්ධ අරගලයේ මුල් අධියර අධ්‍යයනය කළ යුතුය.එහිදී යාපනයේ තිබූ විශ්ව කෝෂයක් බඳු පුස්තකාලය ගිණි තැබීම සිහිපත් කළ යුතුය.එම පුස්තකාලය ගිණි තැබූ අපරාධ කාරයකු තවමත් පාර්ලිමේන්තුව නියෝජනය කරයි.ඒ ගාමිණි ලොකුගේය.අප පුදුම විය යුතු වන්නේ මෙවැනි හිතක් පපුවක් නැති සාහසිකයෙකුට අවු නැති හෙණයක් වත් පාත් වෙන්නේ නැති එක ගැනය.කෙසේ වෙතත් අප ජනපති රනිල් රජපක්ෂගෙන් ඉල්ලා සිටින්නේ ප්‍රසන්න රණතුංග නම් පාදඩ තිරිසනා අල්ලා බැඳ දමන ලෙසය.
Comments
Post a Comment