සමගි ජන බලේ හෙට අනිද්දාට තුන් කුරුදුස් වෙයිද

 


සමගි ජන බලවේගය තුළ බරපතල අර්බුදයක් නිර්මාණය වී ඇති බව වටින් ගොඩින් ලැබෙන තොරතුරු ආරංචි මාර්ග වලින් අනාවරණය වෙමින් පවතී.පසුගියදා සජිත් ප්‍රේමදාස ජනපති රනිල් රාජපක්ෂ සහභාගිවූ උත්සවයකට සහභාගි වීමෙන් පසුව මෙම අර්බුදය විශාල වශයෙන් පැතිරී යන්නට ගත් බව දැන ගැන්මට තිබේ.

පසුගියදා රනිල් රාජපක්ෂ විසින් පාර්ලිමේන්තු සභා කමිටු සඳහා අරගලය⁣ට සම්බන්ධවූ යැයි පැවසෙන තරුණ තරුණියන් පිරිසකට පත්වීම් ලිපි ප්‍රදානය කරන ලදී.පාර්ලිමේන්තුවේ වෙනත් කිසිදු දේශපාලන පක්ෂයක් එම උත්සවය නියෝජනය නොකළ අතර සමගි ජන බලවේගයේ හා විපක්ෂයේ නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මෙම උත්සවයට සහභාගි වීමෙන් නොනැවතී සභා රැස්වීම අමතමින් මින් ඉදිරියට ආණ්ඩුවේ හොඳ වැඩ වලට සහභාගි වෙන බවටද ප්‍රතිඥා දුන්නේය.සමගි ජන බලවේගයට සම්බන්ද බොහෝ ක්‍රියාකාරිකයන් මේ ගැන දැක්වූයේ දැඩි පිළිකුලකි.මේ වාහේට කොන්දක් නෑ . අප ඇමතූ සමගි ජන බලවේගයේ ප්‍රබල පාර්ලිමේන්තු නියෝජනයක් පවසන ලදී.රනිල් රාජපක්ෂ හා යටින් ගනුදෙනු කළ සමගි ජන බලවේගයේ ප්‍රබල නියෝජනයන් ගනනාවක් ආණ්ඩුවට සෘජුවම සම්බන්ධව සහයෝගය දැක්වීමට තීරණය කෙරුවෙි ඉන්පසුවය.මෙයා එක්ක දේශපාලනය කෙරුවොත් අපි කම්මුතුයි.එහිදී ඇතමුන් පැවසු බව අපට ආරංචිය.මේ මනුස්සයා කවරදාවත් හැදෙන්නෑ යැයි සමගි ජන බලවේගයේ බොහෝ ක්‍රියාධරයන් පවසනු අප⁣ට ඇසී තිබේ.සිදුවන්නට යන දේශපාලන පෙරළියේ යටින් සිටින්නේ හරීන් ප්‍රනාන්දු ඇමතිවරයාය. 

සමගි ජන බලවේගය නියෝජනය කරන ඇතැම් දේශපාලඥයන් අප හට ප්‍රකාශ කරන ලද්දේ රනිල් රාජපක්ෂ දැමූ ඇම සජිත් ප්‍රේමදාස ගෙඩි පිටින් ගිල දැමූ බවය.මෙවැනි කට්ට කයිරාටික වැඩ ගැන රනිල් රාජපක්ෂට ඇත්තේ හොඳ දක්ෂතාවකි.අරගලය⁣ට සම්බන්ධ තරුණයන් බව ප්‍රකාශ කරමින් ඔවුන් පාර්ලිමේන්තු සභා කමිටු උපදේශකයන් ලෙස පත් කිරීම හොද රඟපෑමකි.එම උපදේශක කමිටු වලින් කරන්නට පුළුවන් කෙහෙල්මලක් නැත.

පාර්ලමේන්තු කමිටු නියෝජනය කරන දේශපාලන තක්කඩියන් තරුණයන් ගේ උපදෙස් පිළිගනිතැයි සිතන්නේ නම් එය බඩ කොරවෙන විහිළුවකි.රනිල් අගමැතිවරයාව සිටි කාලයකදී අරඹන ලද යොවුන් පාර්ලිමේන්තුව යොවුන් සේනාංකය  වැනි අප්‍රභංශ ව්‍යාපෘති  මෙරට තරුණ සමාජය රැවටීමට දුන් ලොලිපොප් බව තහවුරු කර ගත හැකිය.මේ තරුණ උපදේශක කමිටුද එම  ලොලිපොප් වැඩ සටහන් වල දිගුවක් මිස අර්ථපූර්ණ වැඩසටහනක් නොවේ.එවැනි ලොලි පොප් වැඩ සටහනක් හරිම හොඳ යැයි ප්‍රසිද්ධියේ කියන්නට තර⁣මට සජිත් ප්‍රේමදාස සෙකන්ඩ් වීම ගැන අපට හිතන්නට ඇත්තේ ඔහුගේ දේශපාලන දැනුමේ අවබෝධයේ දිග පලල මෙච්චරය කියා පමණය.එය හරියටම උස නම් සිකුරටි මිටි නම් මුරකරු යැයි කළ ප්‍රකාශය හා සමානය.  

සමගි ජන බලවේගයේ හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙවැනි තොරොම්බල් කරත්ත වලට නැගීම විහිළු සහගතය. රනිල් රාජපක්ෂ ගේ දිරච්ච ලණුව කා ඔහු⁣ට හෙට අනිද්දා වෙන විට දිරවා ගන්නට බැරි වෙන හැටි අපට නම් සහතිකය.⁣ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයේ ඉංග්‍රීසි වචන කිහිපයක් කට පාඩම් කර ගත් පමණින් මහා දේශපාලඥයකු නොවන බව අප සජිත් හාමුට කිව යුතුය.දේශපාලනයේ සිය  ප්‍රතිවාදියා⁣ දාන දාන ඇම කා සවුත්තු වී දේශපාලනය කරන්නටත් බැරිය.

දැන් සජිත් ප්‍රේමදාස ගැන හෙට අනිද්දා වන විට අපට ලියන්නට වෙනු ඇත්තේ  සජිත් මැතිඳු අද තනියම වෙල මැද්දේ කියාය.එසේ නැතිනම් අනේ සොරි බොසා කියාය.


Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්