මහජන උපයෝගිතා කොමිෂමේ සභාපති ජනක රත්නායක ගේ මාධ්‍ය සාකච්ඡාව හෙට
මහජන උපයෝගිතා කොමිෂමේ සභාපති ජනක රත්නායක (18)විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට සැළසුම් කර තිබේ.දෙස් ව්දෙස් මාධ්‍ය සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම මාධ්‍ය සාකච්ඡාවේදී මෙරට විදුලි බල ක්ෂේත්‍රයේ දූෂණ අනාවරණය කිරීමට ජනක රත්නායක සූදානමින් සිටින බව වාර්තා වේ.පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවෙමින් කාංචන විජේසේකර අමාත්‍යවරයා හා හෙංචයින් විසින් ගෙන යන මහා පරිමාණයේ වංචා දූෂණ පිළිබඳව මෙහිදී අනාවරණය කරනු ඇති බව අප හට දැන ගැන්මට ලැබී ඇත.
මේ වන විට මහජන උපයෝගිතා කොමිෂමේ සභාපති තනතුරෙන් ජනක රත්නායක ඉවත් කිරීමට විදුලි බල අමාත්‍ය කාංචන විජේසේකර පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර එය ඉදිරි සතියේදී විවාදයට ගැනීමට නියමිතය.මහජන උපයෝගිතා කොමිෂමේ සභාපතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති එම යෝජනා වල දැක්වෙන්නේ පසුගිය කාලයේ පැවැති අපොස උසස්පෙළ විභාගය පැවැති දිනවල විදුලිය විසන්ධි කිරීමෙන් වැලකී සිටින ලෙසට විදුලි බල මණ්ඩලයට උපදෙස් දීම හා විදුලි බිල වැඩි කිරීමට විරුද්ධ වීම යන කරුනු වේ.
කෙසේ වෙතත් කාංචන විජේසේකර අමාත්‍යවරයා ඉදිරිපත් කර ඇති මෙම යොජනාවට පක්ෂව ඡන්දය නොදීමට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ගනනාවක් තීරණය කර ඇතැයිද වාර්තා වේ.සභානායක ප්‍රසන්න රණතුංග මේ වන විට පොදු ජන පෙරමුනේ මන්ත්‍රීවරුන්ගෙන් යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කරන ලෙසට බැගෑපත් වෙමින් සිටී.
මහජන උපයෝගිතා කොමිෂමේ සභාපති ජනක රත්නායක ඉවත් කිරීම මහින්ද රාජපක්ෂ ජනපතිවරයාගේ කාලයේදී අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ඉවත් කිරීම හා සමාන බව ඇතැම් දේශපාලන විචාරකයන්ගේ අදහසයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ බිඳ වැටීම ඇරඹුනේ එම සිඳුවීමෙන් පසුව බවද ඔවුන් පෙන්වා දෙයි.
Comments
Post a Comment