තෙල් ඇමති කාංචනගේ කයිවාරු කෝට් බෑය අස්සේ සැඟවී රාජපක්ෂ කල්ලිය පරණ පුරුදු හොරකම් වල නියැලේ
චීන සිනෝෆැක් ඉන්ධන සමාගම පිළිබඳව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පාර්ලිමෙින්තුවෙදී ඇද බෑ කෙල කෝටියක් කයිවාරුවෙන් ආතල් ගන්නට ඇත්තේ රනිල් හාමු ගේ ආන්ඩුවේ ගොට්ටන්ය.ඒ ගොට්ටන් මේ වන විටත් හිතා ගෙන ඇත්තේ කාංචන විජේසේකර යනු එල වැඩ්ඩෙක් බවය.
එහෙත් මේ කාංචන විජේසේකර තවමත් රජපක්ෂලා ගේ පස්ස හෝදන ගෙවල සෙවලයෙක් බව අපට තොරතුරු ලැබී තිබේ.එය අපට තහවුරු වූයේ සිනෝපැක් චීන ඉන්ධන හල් මෙරට පිහිටුවීම සම්බන්ධ ගණුදෙනුවේ ඇතුලාන්තයේ සත්‍ය කතන්දරය ගැන අනාවරණය කරගන්නට හැකි වූ නිසාය.
මාලක චන්ද්‍රසේන කියන්නේ මහින්ද රාජපක්ෂගේ නැගෙනිය වන ප්‍රීති චන්ද්‍රසේන ගේ හා වෛද්‍ය ලලිත් චන්ද්‍රසේන පුත්‍රයාය.
යෝෂිත රාජපක්ෂ නාවුක හමුදාවට බැඳෙන විට ඔහුගේ තනියට නාවුක හමුදාවට බැඳුනේ මේ මස්සිනාය.මිල්ටෙරි නන්දසේන ආරක්ෂක ලේකම් වූ පසුව ඔහුගේ ආරක්ෂක සහකාර වූයේද මේ මාලකය.පසුකාලයකදී නාවුක හමුදාවෙන් ඉවත්වූ මොහු ශැන්ග්‍රිල්ලා හෝටලයේ ආරක්ෂක අධ්‍යක්ෂක විය.පාස්කු ප්‍රහාරය අවස්ථාවේදී ශැන්ග්‍රිල්ලා හෝටලයේ ආරක්ෂක කටයුතු බාරව සිටි මාලක දුරස්ත පාලක මගින් වෙඩි ද්‍රව්‍ය පුපුරවා හැරීමේ පාඨමාලාවක් විදේශ රටකදී හැදෑරු අයෙකි.
එහෙත් පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් ශැන්ග්‍රිල්ලා සිදු වූ අනතුර ගැන මොහුගෙන් මෙතෙක් කට උත්තරයක් පවා ලබා ගෙන නැත.ඒ දිනවල අපගේ නිරීක්ෂණය වූයේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙම මාලකගේ සම්බන්ධයක් පැවති බවටය.
ශැන්ග්‍රිල්ලා හෝටලය හිමිකරු වන සජාත් මවුජාන් මිල්ටෙරි නන්දසේන ගේ අඹ යාළුවාය.සිය හෝටලයේ ආරක්ෂක අධ්‍යක්ෂ වරයා වූ මාලකට සජාත් මුදලාලි මසක වැටුප වශයෙන් රුපියල් ලක්ෂ පහක් ගෙවන ලදී.මාලක යනු රාජපක්ෂ පවුලේ නොම්මර එකේ ඩීල් කාරයාය.මිල්ටෙරි නන්දසේන ජනපතිවරයා වූ විට ඩී.එස්.ගුණසේකර බස් සමාගම හා ලංකා බැංකුව අතර සිදුකළ වංචනික සිගරුට් ගනුදෙනුවේ ඩීල් කාරයා වූයේ මේ මාලකය.මේ ගනුදෙනුවේදී මාලකට ඩී.එස් ගුණසේකර සමාගමේ හිමිකරු මුදිත ගුණසේකර මිලියන 65 ක නිවසක් ලබා දුන් බවට ඒ දිනවල වාර්තා විය.සජාත් මුදලාලි සිදු කළ සීනි බදු වංචාවෙන් ද ලොකු කුට්ටියක් මාලක කඩා ගත්තේය.මිල්ටෙරි නන්දසේන ජනපතිවරයාව සිටින විට සිදු වූ යටිබිම්ගත ගනුදෙනු බොහොමයක අතරමැදියා වී ඇත්තේ මාලකය.හොර ගනුදෙනු වලදී නන්දසේන මාමාට යන කොමිස් කුට්ටියෙන් කාලක් ගත්තේ මේ බෑණාය.අරගලයෙන් පසුව මෙරට ජනතාව හිත හදාගෙන සිට්න්නේ රාජපක්ෂ තක්කඩි පවුලට හොරකම් දූෂණ කරන්නට දේශපාලන හයියක් නෑ කියාය.එහෙත් දැන් සිද්ධ වෙන දේ කවුරුත් දන්නේ නැත.චීන සයිනපෙක් සමාගමේ ඉන්ධන හල් මෙරට ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය ගැන හැම දෙනාම හිතාගෙන ඉන්නේ බලශක්ති ඇමති කාංචන ගේ අප්පට සිරි ව්‍යාපෘතියක් විදියටය.ඒ හැම දෙනා ගැනම අපට කියන්නට ඇත්තේ අනේ පව් බාල්ලා කියලාය.කාංචන විජේසේකර මුළු රටම ගොනාට අන්දා තිබේ.මෙම ගනුදෙනුව අස්සේ ඉන්නේ තක්කඩි රාජපක්ෂ පවුලය.
කවුරුත් නොදන්නවා වුනාට චීන සිනෝෆෙක් සමාගමේ මෙරට ප්‍රධාන විධායකයා මහින්ද රාජපක්ෂගේ බෑනාය.මාලක චන්ද්‍රසේනය.සිනෝෆැක් ගනුදෙනුව වෙන්නට පෙර මාලක පදිංචිව සිටියේ කටුනායක ගුවන් තොටුපොල ආසන්නයේ කුලී නිවසකය.එහි මාසික බදු මුදල රුපියල් අසූදාහක් විය.මේ ඉන්ධන ගණුදෙනුව සිදුවීමෙන් පසුව මාලක නුගේගොඩ දුම්රිය පොළ පාරෙන් මිලයට ගත් නිවසේ වටිනාකම කෝටි විස්සකි.චීන දෙවියා ඔහුට අත දිග හැර සළකා තිබෙන බව ඒ නිවසේ වටිනාකමෙන් සිතා ගත හැකිය.වැඩේ කියන්නේ මාලක ගේ නිවසේ තවමත් බැලමෙහෙවර කමට යොදා ගෙන
ඇත්තේ නාවුක හමුදා සෙබළ සෙබළියන්ය.මේ කණ්ඩායමේ නාවුක හමුදා සෙබළියන් දෙදෙනෙකු සිටින බව වාර්තා විය.මාලක සතුව තවමත් පවතින ජානගත දේශපාලනික බලය ඉන් වටහාගත හැකිය.චීන සයිනෆෙක් ඉන්ධන හල් මෙරට ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය ඉදිරියේදී සිදු කරන්නට යන පාදඩ තක්කඩි වැඩක් ගැන මාලක සිය හිතවතෙකුට පවසා තිබේ.ඒ මෙරට දේශීය ඉන්ධන පිරහුම් හල් ටික සබටාජ් කිරීමය.නැති භංගස්ථාන කිරීමය.මෙරට ඉන්ධන වැඩියෙන් අලෙවිවන ඉන්ධන හල් ගැන මේ වන සයිනෆෙක් සමාගම විමර්ෂණයක නිරතව සිටී.මෙම ඉන්ධන හල් වල ධාරිතාවයට අඩු ඉන්ධන ප්‍රමාණයක් මේවාට නිකුත් කර ගැනුම්කාර ප්‍රදේශවාසීන් අතර එම ඉන්ධන හල පිළිබදව අප්‍රසාදයක් ඇති කිරීම එහි ඊළඟ පියවරය.
ඉන්පසුව එම ඉන්ධන බලපත්‍ර අහෝසිකර ඒවා චීන සිනෝෆැක් සමාගමට ලබා දීමට කාංචන ඇමති හා මාලක අතර ගිවිසුමක් ඇති වී තිබේ.මේ වන විටත් දේශීය ඉන්ධන හල් කිහිපයකම බලපත්‍ර අහෝසිකර ඇති බව අපට සොයා ගෙන තිබේ.මාලක හා කාංචන ඇමති අතර ඇතිවී තිබෙන මෙම දුෂිත ගනුදෙනුවට අනුව චීනයේ සිට මෙරටට ඉන්ධන ගෙන ඒමේ කොන්ත්‍රාතුව දී ඇත්තේ කාංචන ඇමතිගේ මාමණ්ඩියගේ ඉන්ධන ප්‍රවාහන නැව් වලටය.
රනිල් හාමු ගේ ආණ්ඩුව යටතේ රාජපක්ෂ තක්කඩියන්ට පුරුදු හොරකම් කරන්නට බැරි යැයි සිතා ගෙන සිටින සෑම පින්වතෙකුටම අපට කියන්නට ඇත්තේ මේ හොර කල්ලිය තමන්ගේ හොරකම් පුරුදු විදියටම කරගෙන යන බවටය.මේ අනාවරණය කරන්නේ ඒ ගැන ඇත්ත සාක්ෂිය.
Comments
Post a Comment