වැදගත් විදියට සතුටින් රට යන්න මල්ලි කොටා හරි ගම්පහ මැඩම් හරි හම්බවෙන්න -විදේශ රැකියා කාර්යංශයේ නිවේදනයයි
"ජාවාරම්කරුවන්ට හසුනොවී වැදගත් විදියට වැදගත් විදියට රට යන්න.සතුටින් රට යන්න".මේ විදේශ කටයුතු හා කම්කරු අමාත්‍යංශය යටතේ පවතින විදේශ රැකියා කාර්යංශයෙන් ප්‍රකාශයට පත් කර ඇති බ්‍රෑන්ඩ් නිව් නිවේදනයයි.මෙම අමාත්‍යංශයේ අමාත්‍යවරයා මනූෂ නානායක්කාරය.සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයකු ලෙස පාස්කු ප්‍රහාරය සිදු කරන්නට අත් උදව් සැපයූයේයි මිල්ටෙරි නන්දසේනට හෙණ පාත් වෙන්නට යැයි පාර්ලිමේන්තුවේදී මොරදුන් හාදයාය.
පසුව පාස්කු බෝම්බ
කතා අල්මාරියට දමා වසා රනිල් හාමු ගේ ඔඩොක්කු කුක්කකු බවට පත්වී ඇමතිවරයකු
ලෙස හාස්කම් පෙන්වමින් සිටින පොරය.ලේ හලමින් මෙරට කම්කරුවන් දිනාගත්
අයිතිවාසිකම් කප්පාදුු කරන්නට දත් මිටි කන කෂඩ ප්‍රතිගාමියාය.කම්කරු
අයිතිවාසිකම් කප්පාදුව සඳහා මෙරට ධනපති ව්‍යාපාරික ප්‍රජාව මේ හාදයාට
කිරියෙන් පැණියෙන් සළකනවා කියන එක නම් අපට අවබෝධ වී තිබේ.
මහින්ද
රාජපක්ෂ ජනපතිවරයා ගේ පාලනය කාලයේදී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයකු වූ
මනූෂ නානායක්කාර ජීවත්වූයේ හතර අතට ණය වී විරව පට්ටම් ගහගෙනය.අවසානයේදී
ණය ගෙවා ගන්නට බැරුව බෙල්ලෙ වැල දාගෙන සිය දිවි නසා ගන්නට ගත් තීරණය කර
ඉන්නා විට මොහුට පිහිට වූයේ මිහින් ලංකා සජින් වාස් ගුණවර්ධණය.ඒ ලැබුණ
මුල්‍ය සංතෝෂම නිසා කළකිරුණ හිත හදාගෙන එජාපයේ සිට මහින්ද මහත්තයාගේ
ඔඩොක්කු සුරතලකු වන්නට මනූෂට පුළුවන් විය.
දැන් ඉතින් රනිල් හාමු ගේ ඔඩොක්කුවේ මනූෂ පට්ට ජොකියෙක් වෙලාය.හම්බවුන ඇමතිකම රන් මසුරන් ගොඩ දාන පතලක් කරගෙනය. වැඩේ
කියන්නේ මනූෂ නමි විදේශ රැකියා වැඩි ගානට විකුණා සතයක් හම්බ කර ගන්නේ
නැත.ඒත් මේ එස්අයිඑස් රිපෝට් ගහන වුන් ඊයේ පෙරේදා ජනරාල් සලේට යවා ඇති
ඉන්ට් රිපෝට් එකක ඇත්තේ මනූෂ ඇමතියාගේ මල්ලි කොටා ලක්ෂ දහය පහලොව අරගෙන
ජපානය කොරියාව වගේ රට වලට තරුණයන් යවන බවය.ඒ එක්කම මනූෂගේ ගම්පහ සුන්දර
බබලතියක්ද ඒ බිස්නස් එක ගජරාමෙට කරමින් සිටින බවය.
රනිල්
හාමු මේ ඉන්ට් රිපෝට් ගැන දැනුවත් නොවී ඉන්නට බැරි නැත.හැබැයි රනිල්
හාමුද එයාගෙ මාමා වගේ තමන්ගේ ඔඩොක්කුවෙි ඉඳගෙන ජාවාරම් කරන තක්කඩියන්ගේ
කැරැට්ටු පයිල් එකෙක ඒවා තියාගෙන ඉන්නවාද දන්නේ නැත.එහෙම පයිල් එකක් තියගෙන
ඉන්න විට ගුරුකම් වලින් බැඳගත්තු බහිරවයා වගේ මේ ජාවරම්කාරයන්ට කියා
අවශ්‍ය වුන ටයිම් එකට පස්සා පැත්ත පවා හෝදාගන්නට පූළුවන් බව රනිල් හාමු
අත්දැකීමෙන්ම දනී.හාමුගේ ජනාධිපති කාර්යාලයට රිංගා රෙදි ඇඳගෙන ආපහු එලියට
බහින්ට බැරි දෙතුන් දෙනෙක්ම දැන් එහෙ විරෝපට්ටම් ගහගෙන සිටින බවත්
ආරංචිය.මනූෂ හාදයාද ඒ ලිස්ට් එකේය.
ඒත් මනූෂ
නානායක්කාර දැන් ගොඩේ ගොඩ බව එස්අයිඑස් රිපෝට් එකේ අවසානයේ තිබේ.ඊයේ
පෙරේදා දවසක මනූෂ මිලයට ගත් රේන්ජ් රෝවර් 2023 වර්ෂන් රථයේ මිල රුපියල්
කෝටි හතලිහකට ආසන්නය.මේ රේන්ජ් රෝවර් එක "මල්ලි කොටා" එයාට අරන් දුන්නාද
එහෙමත් නැතිනම් කම්කරු අයිතිවාසිකම් කප්පාදුව කරන්නට දඟලන ෆිට් එකට මෙරට
"ව්‍යාපාරික ප්‍රජාව"සතෙන් සතේ සම්මාදම් කර අරන් දුන්නාදැයි අප හරියටම
දන්නේ නැත.
අප දන්නේ මෙච්චරය.
දැන්
මේ වැදගත් වැඩ ටික කරගෙන සතුටින් රට යන්න කියා ඇඩ් එකක් දමා ඇත්තේ "මල්ලි
කොටා" හරි ගම්පහ "සුන්දරිය" හමුවී සතුටින් රට යන්න කියා වෙන්නත් පුළුවන.
Comments
Post a Comment