අසංවේදී සෞඛ්‍ය ඇමති ජඩයා වහා පන්නනු
මෙරට රෝහල් පද්ධතිය ඉතා බරපතල ආකාරයෙන් බිඳ වැටෙමින් පවතින බව වාර්තා වේ.එහිදී රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් පවතින බව මෙන්ම රජයේ රෝහල් වලට ගෙන්වන ලද ඖෂධ බාල හා ගුනාත්මක බවින් අඩු ඒවා බවද අනාවරණය වී තිබේ.
එපමනක්ද නොවේ.රජයේ රෝහල් පද්ධතිය සතුව තිබෙන බොහොමයක් රෝගී ප්රතිකාරික යන්ත්‍ර සූත්‍රද බිඳවැටෙමින් පවතී.
රවි
කුමුදේශ් අප වෙත ලබා දුන් තොරතුරු අනුව මෙරට රෝහල් පද්ධතියේ තිබෙන සිටී
ස්කෑන් යන්ත්‍ර 44 න් 12 ක්ද,MRI යන්ත්‍ර 13 න් 3 ක්ද,CATH LAB 14 න් 2 ක්ද
,ලිනියර් ඇක්සලේටර් 10 න් 3ක්ද ,පෙට් ස්කෑනර් 2 න් 1 ක්ද අක්‍රියවී තිබේ.
මේ
වන විට රෝගී ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල් වලට ගිය රෝගීන් කිහිප දෙනෙකු
ශල්‍ය සැත්කම් වලදී ලබා දුන් නිර්වින්දන ඖෂධ විෂ වීමෙන් මිය ගොස් ඇති අතර
කුඩා දරුවෙකුගේ ඇස් අන්ධවීමක් පිළබඳවද වාර්තා වේ.නිර්වින්දන ඖෂධය විස වීම
නිසා පේරාදෙණිය රෝහළෙහි මිය ගිය රෝගීන් සංඛ්‍යාව හතරකි.එසේ මිය ගිය අය අතර
අවසානයට වාර්තා වූයේ අවුරුදු විසි එකක තරුණියකට එන්නත් ලබා දීමෙන් පසුව
ශරීරය දම් පැහැ ගැන්වී අවසනාවන්ත ලෙස මිය ගිය බවය.
මෙවැනි
ඛේදජනක හා අවාසනාවන්ත වටපිටාවක් රජයේ රෝහල්වල නිර්මාණය වෙමින් තිබියදී
සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල නම් පාහරයා කිසිම සංවේදී කමක් නොමැති
ආකාරයට මදාවි ප්‍රකාශ නිකුත් කරමින් යෙහෙමින් සැප ගනිමින් සිටී.කෙහෙළිය
රඹුක්වැල්ල යනු ඇමතිකම සිය බඩ ජාරී පැවැත්ම සදහා යොදා ගන්නා
නොසන්ඩාලයකි.මොහුගේ දේශපාලන ඉතිහාසය පුරාම ඇත්තේ සුරූපී ගෑණුන් ගේ තුරුල්ලේ
නැළවුන හා තක්කඩි කමෙන් මහජන දේපොල ගසා කන කතන්දර මිස වෙනත් ඒවා නොවේ.
විදේශ
සංචාරයකට ගොස් උඩුමහලක කොටු පනින්නට ගොස් ගාත්රා දෙකම කඩා ගත් මේ වනචරයා ඒ
කැඩුම් බිඳුම් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට කෝටි තුනක මුදලක් ලබා ගත්තේ
ජනපති අරමුලිනි.එහෙත් වැඩේ නෝන්ඩි වූ විට මේ පාහරයා එම මුදල් ආපසු ගෙවා
දැම්මේ සීලවන්තයකු විදියටය.
ඇත්තටම සඳහන් කරනවා
නම් මේ පාහරයා පාර්ලිමේන්තුවේ තියා වැලිකඩ හිරගෙදරවත් තියාගෙන කන්න බොන්න
දිය යුතු ජාතියේ එකෙක් නොවේ.මේ පාහරයාට බල්ලා කියා ලියන්නටත් බැරිය.ඒ මන්ද
යත් එහෙම ලිව්වොත් බල්ලාට අසාධාරණයක් වෙන නිසාය.මෙරට අසරණ රෝගීන් මරු
තුරුල්ලට යවමින් මේ තිරිසනා මාධ්‍ය වෙත වොයිස් කට් දෙන්නේ බබා පාට් එකෙනි.
කවුරුත් නොදන්නවා වුනාට මෙරටට බාල ඖෂධ ගෙන්වන ලද්දේ කෙහෙළිය ඇමති ගේ දියණියගේ මිනිහාය. ඇමතිගේ
බෑණාය.මේ ඇමති බෑණා අඩුම තරමේ ඖෂධ ගැන දන්නා සෙල්ස් රෙෆෙක්වත් නොවේ.මේ
අප්පලා දූලා සහ මේ බෑනලාට බෙහෙත් වල උසස් බව අදාල නැත.මුළු රට තුළම මිනී
කඳු ගොඩ ගැහුනත් කමක් නැත.මුන් අනුකම්පාවක් ඇති එවුන් නොවේ.මුන්ට ඕනෑ ඇති තරම් හම්බකර ගන්ටය.
සෞඛ්‍ය
ක්ෂේත්රය තුළ උද්ගත වී ඇති මේ අවාසනාවන්ත ඉරණම පිළිබඳව ජනපති කාර්ය මණ්ඩල
ප්‍රධානී සාගල රත්නායක විසින් කෙහෙළිය පාහර ඇමැත්තා ගෙන්වා අද දින
සාකච්චාවක් පැවැත්වූ බවද අපට දැනගැන්මට ලැබුණි.රට පුරා පවතින මෙම ඛේදජනක
වටපිටාව ගැන ජනපතිගේ කිසිදු අවධානයක් නැති බවට මේ වන විට ජනතාව අතර අදහසක්
පැතිරී යමින් පවතී.කෙහෙළිය හා ඒකාගේ පවුලේ නොසන්ඩාලයන්ට කිරි පැණි කන්නට ඉඩ
හසර ලැබී තිබෙන්නේ ජනපතිවරයා මේ ගැන ඇහැක් ඇර බලන්නේ නැති නිසාය
පසුගියදා
හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සයිබරයේ සාකච්ඡාවකදී මෙරට සෞඛ්‍ය
ක්ෂේත්රයේ බිඳ වැටීමට හේතුව පැහැදිලි කරනු අසන්නට ලැබුණි.ඔහු පවසන ආකාරයට
මෙරට ඖෂධ ජාවාරම ඉතා බරපතල ආකාරයෙන් වර්ධනය වී තිබේ.මේ අප අත්දකිමින්
සිටින්නේ එම සාහසික හා අමානුෂික ජාවාරමේ ප්රතිඵළයයි.
දැන් ජනපතිවරයා පළමුවෙන් කළ යුත්තේ අසංවේදී සෞඛ්‍ය ඇමත්තාට පුකට පයින් දෙකක් ගසා කනෙන් අල්ලා කැබිනෙට්ටවෙන් එළියට දැමීමය.
ඉන්පසුව
මේ පාහරයා සෞඛ්‍ය ඇමතිවරයා විදියට සිටිය කාලය තුලදී මේකාගේ බෑණා බාල
බෙහෙත් ගෙන්වා සිදු කළ පාතාල ජාවාරම ගැන සීඅයිඩීයට පැමිණිලි කරන එකය.එහෙම
නැතුව තව දුරටත් මේ ඇමැත්තා හුරතල් කරන්නට ගියහොත් නම් ආන්ඩුවට කෙල වෙන
කෙලවිල්ල ගනන් හදාගන්ටවත් බැරිවෙනු ඇත.
බෙහෙත්
නැතුව මැරෙන්නේ සත්තු නොවේ.අපේම මිනිසුන්ය.නමුත් බෙහෙත් නැතුව හා විෂ
වීමෙන් මිය යන අපේ මිනිසුුුන් ගැන තවම සමාජය හරි විදියට කම්පනය වී නැත.ඒ
එම සිදුවීම් හුදකලා ඒවා නිසාය. මේ අසරණ මිනිසුන් ගේ ජීවිතය අහිමිවීම් ගැන
ආණ්ඩුවද කිසිත් කතාවක් නැත.ඒ තක්කඩිකමටය.
Comments
Post a Comment