දුම්රියෙන් වැටී මිය ගිය දරුවාගේ අම්මා⁣ගෙ විලාපය

 


 

 පුතේ උඹ ඉතින්

නොකියාම අම්මාට
යන්න ගියෙ ඇයි පුතේ

දරාගන්නට බැරි තරමට
කඳුළු පොදි නලියන දෑසේ
ලේ වලට කැලතුන තන කිරි
මොර දී හඬයි පුතුනේ

සිහින තිබුණා අම්මාට
මහ ගොඩක් හිත යට
නුඹ ඔටුණු පළඳින දවස ගැන
මා ඇඟිලි ගැන ගැන හිටියා පුතේ  

පුතා මොරටුව කැම්පස් එකේ
කඩ පිලේදී මං කියන කොට
ආඩම්බර හුස්ම බරටම
තිබුණා පුතේ මගෙ පපුව යට

දේශපාලන තක්කඩියන්
නුඹේ මරණය විහිළුවක් කරගෙන
ඒ පාදඩ බල්ලන්ට මහ මගදි
හෙණ හතම ගහනවා සත්තයි

අම්මාට නැති දුකක්
තියෙන්නට බැහැ පුතේ කාටවත්
අම්මාගෙ ආදරය මයෙ පුතේ
ජාති ජාතිත් එහෙමයි 
 
අනේ උඹ ඉතින්
නොකියාම ගියේ ඇයි
මගේ රත්තරනේ

 

Comments

Popular posts from this blog

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

නලින් හේවගේ සහෝදරයාගෙන් මහ පොළවේ දේශපාලනය ඉගෙන ගන්න අධිකරණ ඇමතිතුමෝ

මිනීමරු රණවීරගේ කෙරුවාව ගැන හිරිකිතයක් අමනාපයක් කෝපයක් ජාතික ජන බලවේගයේ සහෝදරවරුන්ට නැද්ද අප්පා