විශ්‍රාමික හමුදා මේජර් ජනරාල්වරයකු ගේ හෘද සාක්ෂිය


 

හිතවත් අජිත් ධර්මපාල වෙතය;

මා ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික මේජර් ජනරාල් වරයෙකි.තරුණ විය මව්බිම වෙනුවෙන් යුද්ධයට කැප කළ ගෞරවාන්විත අතීතයක් මා හට තිබේ.එහෙත් ඒ අතීතය තුළ තවමත් නෙතට කඳුළු මතුවන සිහිපත් කිරීම් බොහෝය.යුද්ධයේ කුරිරු හා ඛේදජනක අත් දැකීම් අමතක කළ නොහැකි තරමට මා සිත රිදවයි.එහිදී මා සමග සිට යුද්ධයේදී ජීව්තය මග හැරණ මගේ සහෝදර නිළධාරීන් මාගේ අණදීම් යටතේ සිටියදී සටන් පෙරමුණේ  සිට ජීවිතය පූජා කළ වීර සෙබළුන් මගේ සිත තුළ තවම හුස්ම ගනිමින් සිටී.එහෙත් එය මට දරාගන්නට බැරි තරමේ කම්පනයක් ඇති කරවන්නක් බව කිව යුතුය.

සටන් පෙරමු⁣ණේදී වෙඩි වැදුන ඇතැම් වීර සෙබළුන් මා ඉදිරිපිටදී ජීවිතයේ හුස්ම අත හැරියේ සර් අම්මාට මං මැරුණ කියල කියන්න එපා කියමිනි.තවත් සෙබළකු සර් මගේ  සාක්කුවෙ තියෙන පර්ස් එකේ මැණිකෙයි දරුවගෙයි පොටෝ එකක් ඇති ඒක අරගෙන පෙන්වන්නයැයි ඉල්ලූ හැටිත් ඒ සමගම ඔහු නැවත ඇස් හැර නොබැලූ සැටිත් මා මතකය තුළ   තවමත් විඳවන අත්දැකීම්ය.

තව බොහෝ දෙනෙකු තරුණ වියේදීම අත් පා ඇස් අහිමි කර ගන්නා ලද්දේය.ඒ පමණක් නොවේ.හමුදාවට ඒමට පෙර ලෙන්ගතුව වැළඳගෙන සිටි ප්‍රේමයද ඔවුන් ආබාධිතයකු වීමෙන් පසුව මග හැර ගිය අවස්ථා ගැන මට බොහෝ අවස්ථා වලදී අසන්නට ලැබුණි.මා ඔවුන්ගේ වේදනාව අසා සිටියෙමි.ඔවුන් හා මා අතර සමීපත්වයට තරු ඔටුණු බාධාවක් වූ බව සත්‍යය නමුත් මගේ හෘද සාක්ෂියට ඒ තනතුරු අදාල නොවීය.ඇතැම් දිනවල මා තනිවම ඉකිබිඳ හඬා තිබේ.ඒ යුද පෙරමුනේදී අත් දකින්නට සිඳුවූ වේදනාකාරී සමුගැනීම් නිසාය.මම එවකට බ්‍රිගේඩියර් වරයකුව සිටියෙමි.⁣
බ්‍රිගේඩියර්වරයකු ඉකිබිඳ හඬන අවස්ථා ඔබ දැක නොතිබිය හැකිය.එවැන්නක් අසා නොතිබෙන්නටත්  පුළුවන.එහෙත් මා මිනිසෙක් බව ඔබ අමතක කළ යුතු නැත.

අප යුද්ධය වෙනුවෙන් බොහෝ කැප කිරීම් කර තිබේ.මා ඒ දිනවල අපගේ රටේ දේශපාලන නායකත්වය ගැන සිටියේ මහත් ආඩම්බරයෙනි.ඒ ආඩම්බරය  මට මහත් අභිමානයක් පවා  ඇති කර ගන්නට හේතු වී තිබුණි.ඇතැම් අවස්ථාවලදී අපගේ දේශපාලන නායකත්වය පිළිබඳව මාධ්‍ය වලින් සිදු කරන විවේචන පිළිබඳව මා සිටියේ නුරුස්නා හා කේන්තියකිනි.යුද්ධය අවසන් කළ දේශපාලන නායකත්වය අපගේ මවුබිමේ වි⁣ශිෂ්ඨ පරමාදර්ශය බව මගේ සිතීම විය.මහින්ද රාජපක්ෂ ජනපතිවරයාත් ඔහුගේ සහෝදරයා වූ කර්නල් ගෝඨාභය රාජපක්ෂත් එහිදී මගේ වීරයන් ලෙස නිරන්තර ඇගයීමට ලක් වෙමින් තිබුණි.

ආරක්ෂක ලේකම් වරයා වශයෙන් කර්නල් ගෝඨාභය රාජපක්ෂ වෙත මිග් මිසයිල් ගනුදෙනුව පිළිබඳව සිදු කළ චෝදනාවන් මා විසින් කිසිවිටක විශ්වාස නොකිරිණි.ඒ කාල පරාසයේදී පෝද්දල ජයන්ත පැහැර ගෙන ගොස් පහරදීම,සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත මරා දැමීම,එක්නැලිගොඩ පැහැර ගෙන ගොස් මරා දැමීම,කීත් නොයාර් පහර ගෙන යාම ,උපාලි තෙන්නකෝන්ට පහරදීම ,ත්‍රීකුණාමලය නාවුක කඳවුරේ රඳවා  සිටි ශිෂ්‍යයන් ඝාතනය ආදී බොහෝ සිදුවීම් සිදු විය.මේ සෑම සිදුවීමක්ම හමුදාවේ ඡ්‍යෙෂ්ඨ නිළධාරියකු වූ මට රහසක් නො⁣වීය.ඇතැම් අවස්ථාවලදී හමුදා ඡ්‍යෙෂ්ඨයන් අතර පැවැති සුහද හමුවීම් වලදී මේ මේලෙච්ඡ ඝාතන හා පහරදීම් පිළිබඳව සිදු කළ කතා බහ මා හට මහත් විනෝදයක් හා ආස්වාදයක් ගෙන දෙන සිද්ධීන් විය.
 
සැබැවින්ම ඒ වන විට මා හා මා⁣ගේ සමකාලීන හමුදා ඡ්‍යෙෂ්ඨයන් සිටියේ මේ රාජපක්ෂ දෙසොහොයුරන් ගේ කපටි හා ව්‍යාජ රංඟනය තුළ සිරගතවය.මේ දෙදෙනා මගේ හා අනෙකුත් හමුදා ⁣ඡ්‍යෙෂ්ඨයන් අතර මහා වීරයන් බවට පත් වී තිබුණි.ඒ ගැන අපගේ සිතීම අවංකය.එය එසේ වන්නට හේතුවක් තිබුණි.අප කිසිවිටක පවතින දේශපාලනයට කොන්දේසි විරහිතව පක්ෂපාතී වූවා මිස එය කිසි විටක ප්‍රශ්ණ කරන්නට ගියේ නැත.යුද ජයග්‍රහණයේ වැඩි පංගුව මහින්ද රාජපක්ෂ රජය විසින් අයිතිකර ගෙන තිබූ හෙයින් ඔවුන්ගේ දේශපාලනය පිළිබඳව දැඩි විශ්වාසයයක් අප තුළ ජනනය වී තිබුණි.එහෙත් අපට වැරදී තිබුනේ  එතැනය.

මා හ⁣ට හොඳ සිහිය එළඹියේ විශ්‍රාම යාමෙන් පසුවය.මවුබිම වෙනුවෙන් සටන් වැද  වීරත්වයේ පදක්කම් ලාභී මා  විශ්‍රාමිකයකු ලෙස සමාජය සමග ගනුදෙනු කරන්නට අරඹන විට මගේ හෘද සාක්ෂිය අවදි විය.මම මා ප්‍රශ්ණ කෙරුවෙමි.ඒ වන විට සමස්ත සමාජයම වැටී සිටියේ මහා අන්ධකාරයකටය.මට දැක ගත හැකි වූයේ සමාජය පුරා විසිරී ගිය කඳුළුය.
අප ජීවිත පරිත්‍යාගයෙන් දිනා ගත් භූමිය අමු සොහොනක් බවට පත් වී ඇති බව මට වැටහිනි.මේ මහා ව්‍යසනයට වග උත්තරකරුවන් වන්නේ රාජපක්ෂ වරුන් බව මට තේරුම් ගියේය.එය නිරායාසයෙන් වටහා ගැනීමක්ද නොවේ.සමාජයේ කොටස්කරුවකු ලෙස මට එම දුෂ්කර වටපිටාව එසේ තේරුම් ගැනීමට බල කර තිබුණි.මේ වංචනික දූෂිතයන් අපගේ දුවා දරුවන්ගේ හෙට දවස කිසිම හිරිකිතයක් නැතුව උදුරා ගෙන තිබුණි. මට මා ගැනම අනුකම්පාවක් ඇති විය.

මාධ්‍යවේදී පෝද්දල ජයන්ත,සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත ආදීන්  රාජපක්ෂවරුන්ගේ සොරකම් හා මිනීමැරුම් පිළිබඳව දිගින් දිගටම සිදු   කළ සමාජ කතිකාවත පිළිබඳව මා හට නැවත මුල සිට අගට සිතන්නට බල කෙරිණි.මට මා ගැන අනුකම්පාවක් ඇති වූයේ මේ සිතීමේදීය.සැබවින්ම ඒ මිනිසුන් ජීවිත පරිත්‍යාගයෙන් හෙළි කළ සත්‍යය මට දැන් පිළි ගැනිමට සිදු වී තිබේ.හමුදා නිළධාරියකු ලෙස ඔවුන් කෙරෙහි වෛරයෙන් සිටි මගේ ඒ සිතීම වැරදි බව මට දැන් පැහැදිලිය.මට මා ගැන ලැජ්ජාවක් ඇති වී තිබෙි.

හමුදා මේජර් ජනරාල් වරයකු ලෙස මා සතු වත්කම ලෙස ඇත්තේ දහදිය මහන්සියෙන් ගොඩ නගා නිවසත් විශ්‍රාම වැටුපත් පමණි.මගේ බැංකු ගිණුම් තුළ මිලියන ගණන් නැත.එහෙත් මගේ සමීපතමයන් වූ විශ්‍රාමික මේජර් ජනරාල්වරුන් කිහිප දෙනෙකු ගේ අධි සුඛෝපභෝගී ජීවිතය හා ඒ සඳහා  අඩිතාලම වැටී ඇත්තේ කොතැනින්ද යන්න මට වැටහේ.මොවුන් සියළුම දෙනාම රාජපක්ෂ පවුලේ ⁣හිතේෂීන්ය.
ඒ හිතේෂීබව තුළින්ම ඔවුන් ගේ පෞද්ගලික ජීවිතය ගොඩ නගා ගත් බව තහවුරු කරන්නට වෙනත් සාක්ෂි අවශ්‍ය නැත.ඔවුන්ගේ සුඛෝපභෝගී ජීවිත තුළ සැඟව ඇත්තේ පොදු මහජනතාවගෙන් මංකොල්ල කෑ දේපොලය.රාජපක්ෂ වරුන් වෙනුවෙන් අනෙකාගේ ජීවිතය උදුරා අතුරු දහන් කරන්නට පෙළඹී සිටි මොවුන් එම අනීතික වෘත්තීය සහභාගිත්වය තුළ අයුතු උපයා ගැනීම් සිදු කර තිබේ. 

මේ වන විටත් මගේ යටතේ සිටි බොහෝ නිළධාරීන් පිරිසක් හමුදා සක්‍රීය සේවයේ නිරතව සිටී.ඒ අතරේ රාජපක්ෂ වරුන්ගේ හමුදා විශ්‍රාමික හුරතලුන් විසින් හසුරවන්නන් ද වේ.මොවුන් තවමත් සිතා ගෙන සිටින්නේ රාජපක්ෂ වරුන් සදාකාලිකව බලයේ සිටින බවය.
ඒ නිසාම මෙම හමුදා නිළධාරීන් තවමත් පොදු මිනිස් සමාජයට එරෙහිව අනීතික ක්‍රියාවන් මුදා හරිමින් සිටී.
 
සමහර අවස්ථා වලදී ඒවා සිද්ධ වන්නේ රහසිගතවය.විශේෂයෙන් රාජපක්ෂවරුන් හා ඔවුන්ගේ හුරතලුන් වූ විශ්‍රාමික හමුදා ඡ්‍යෙෂ්ඨයන් විසින් මෙම අනීතික මෙහෙයුම් වලට යොදා ගනිමින් සිටින්නේ බුද්ධි බලකායේ තරුණ නිළධාරින්ය.සෙබළුන්ය.මා එම හමුදා නිළධාරීන්ගෙන් හා සෙබළුන් ගෙන් ඉල්ලා සිටින්නේ  මෙවැනි අනීතික  මෙහෙයුම් වලට සම්බන්ධ නොවන ලෙසය.ඒ මන්ද යත් .ඔබ විසින් සිදු කරන සෑම රහස් මෙහෙයුකම තොරතුරු විවෘත එළිමහනට කාන්දු වෙමින් තිබෙන නිසාය.සැබැවින්ම ඒ සෑම තොරතුරක්ම මට පවා ලැබෙමින් තිබේ.ඒ නිසා අඥාන ලෙස රාජකාරි කිරීමෙන් ඇති විය හැකි බරපතල විපාකයන්ට ඉදිරියේදී මුහුණ දීමට ඔබට අනිවාර්යෙන්ම සිදු වන ඇත.රාජපක්ෂ හුරතලුන් වූ හමුදා විශ්‍රාමික ඡ්‍යෙෂ්ඨයන් දැන් සූදානමින් සිටින්නේ ඔබ බිල්ලට දී තමන්ට ආවරණයක් සපයා ගැනීමටය. ඔබ සියළු දෙනා ඒ බව තේරුම් ගත යුතුය.

මා දැනුවත් ආකාරයට මඩකළපුව ත්‍රස්ත නායකයා වූ පිල්ලෙයාන් ගේ සෙබල කණ්ඩායමක් බුද්ධි අංශයට අනුයක්තව සිටී.රාජපක්ෂ වරුන් වෙනුවෙන් ඕනෑම හැඩයේ ලේ වැගිරීමකට පිල්ලෙයාන් සූදානම් බව මම දනිමි.එහෙත් ඒ සඳහා ඔහු වේදිකාව තනා ගන්නේ අපගේ බුද්ධි බලකායේ සෙබළුන් හා සම්පත් යොදා ගනිමිනි.
මේ වන විටත් රාජපක්ෂ රනිල් ආණ්ඩුවේ ආරක්ෂාව සහතික කර ගැනීම සඳහා විවිධ ආකාරයේ අමානුෂික මෙහෙයුම් සැළසුම් කරමින් සිටින බවද මට දැන ගැන්මට ලැබී තිබේ.

හමුදා ඡ්‍යෙෂ්ඨයකු ලෙස සක්‍රීය සේවයේ යෙදී සිටියදී මට වටහාගන්නට නොහැකි වූ ඇතැම් අමානුෂික ක්‍රියාකාරකම් විශ්‍රාමිකයකු ලෙස දැන් ඉතා මැනවින් වටහා ගැනීමට හැකි වී තිබේ.ඒ නිසාම ප්‍රවේශමෙන් රාජකාරි කරන්න දරුවනි යැයි මම ඉල්ලමි.මා එසේ ඉල්ලන්නේ රාජපක්ෂ හුරතලුන් වූ විශ්‍රාමික හමුදා ඡ්‍යෙෂ්ඨයන් වැලිකඩ ජම්පරය අඳින විට ඔබ එහි නොසිටිය යුතු නිසාය.   

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්