පොදුජන පෙරමුණේ හයිය පෙන්වන සම්මේලනය ජනතාවගේ විහිළුවට ලක් වෙලා


 

 පොදුජන පෙරමුණේ මහා සම්මේලනය දෙසැම්බර් 15 වන දා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.මෙම සම්මේලනය මෙරට වර්තමාන සමාජ දේශපාලනයේ ඉතා වැදගත් කියවීමක් වන බව නිසැකය.


මේ වන විටත් දිවයිනේ බොහෝ ස්ථාන වල මෙම සම්මේලනය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා පොදු ජන පෙරමුණේ ධජ පතාක  බැනර් හා පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් තිබෙන බව දැක ගත හැකිය.එම ප්‍රදර්ශනාත්මක පූවරු පිළිබඳව ඇතැම් කණ්ඩායම් උපහාසාත්මකව ප්‍රතිචාර දක්වා ඇති බවද වාර්තා වේ.එම කොඩි කණු වල තන කොල මිටි බැඳ ඇති ඡායාරූපයක්ද අන්තර්ජාලයේ දකින්නට තිබේ.මුහුණු පොත පුරාද මෙම සම්මේලනය උපහාසයට ලක් කරමින් බොහෝ පෝස්ටු හා ඡායාරූප පල වෙමින් පවතී. 

⁣පොදු ජන පෙරමුණේ මෙම සම්මේලනයට පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 40 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි නොවන බවට ආරංචි පැතිර යමින් තිබේ.මේ කණ්ඩායම ජනපති රනිල් වික්‍රමසිංහට දේශපාලනිකව සහයෝගය දැක්වීමට තීරණය කර ඇති පිරිස වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා ගේ ප්‍රධානත්වයෙන් සංවිධානය වී ඇති මේ කණ්ඩායමද අභිනව වර්ෂයේ ජනවාරි මාසයේ එම සංධානයේ සමාරම්භක  සමුළුව පැවැත්වීමට සංවිධානය කරමින් සිටින බව අනාවරණය වේ.
ජනපති රනිල් වික්‍රමසිංහට සහයෝගය දක්වන පොදු ජන පෙරමුණට අයත් මේ කණ්ඩායමේ සංවිධායක මණ්ඩල සාමාජිකයන් අතර හිටපු ජනපති මිල්ටෙරි නන්දසේනගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර හා බැසිල් රාජපක්ෂගේ සමීපතමයකු වන සිරිපාල අමරසිංහද සිටී.⁣15 වන දා පැවැත්වීමට නියමිත පොදු ජන පෙරමුණේ පක්ෂ සම්මේලනය⁣ට හිටපු ජනපති මිල්ටෙරි නන්දසේන සහභාගි ⁣වන බවක් මෙතෙක් දැන ගැනීමට නැත.

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්