ඇමති විජේදාසගේ කුහක බණ ජාතියටම කරුමයකි

 


පසුගිය දෙසැම්බර් 02වනදා පාර්ලිමේන්තුවේදී කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳව අදහස් දක්වන ලද්දේ අධිකරණ අමාත්‍යංශයේ වැය ශීර්ෂය විවාදයට ගත් විටදීය.මේ අවස්ථාවේ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ඊට ප්‍රතිචාර දැක්වූයේ එම තොරතුරු දැනගෙන වසන් කිරීම අපරාධ වරදක් බැවින් එම තොරතුරු පොලීසියට ලබා දෙන ලෙසය.එහිදී කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා ප්‍රකාශ කෙරුවේ තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ කාදිනල් මැල්කම් රංජිත් ඇතුළු රදගුරුවරුන්ද ප්‍රකට නීතිඥයන්ද අත්සන් කර ජනපතිවරයාට යැවූ ලිපියක තොරතුරු බවත් එම කරුනු පාස්කු ඉරු දින ප්‍රහාරය ගැන පත් කළ ජනපති කොමිෂන් සභා වාර්තාවේ ඇති බවත්ය.


කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී අනාවරණය කරන ලද කරුණු මේ වන විටත් සමාජයේ ප්‍රශ්ණ කරමින් පවතින ඒවාය.ඒ අතර දෙහිවල ට්‍රොපිකල් ඉන් හෝටලයේ බෝම්බය පුපරවා ගත් ජමීල්ගේ ගෙදරට ගිය බුද්ධි අංශ සාමාජිකයන් ප්‍රශ්ණ කිරීම හමුදා බුද්ධි අංශයේ බ්‍රිගේඩියර් චූලා කොඩිතුවක්කු විසින් වැලැක්වීම,මාතලේ පොඩි සහරාන් සමග සම්බන්ධකම් පැවැත්වූ සොනික් සොනික් යැයි හැඳින්වූ රාජ්‍ය බුද්ධි අංශයේ බණ්ඩාර ප්‍රශ්ණ කිරීම වැලැක්වීම,සහරාන් සමඟ ගනුදෙනු කළ අබු හින්ද් ගැන පරීක්ෂණ නොපවැත්වීම,විදේශ පරීක්ෂකයන් විසින් සොයාදුන් අන්තර්ජාල ලිපිනයන් පිළිබඳව පරීක්ෂණ නොපැවැත්වීම ආදී සමාජය තුළ මේ වන විටත් ප්‍රචලිත ඒවාය.

විජේදාස රාජපක්ෂ ඇමතිවරයා ප්‍රකාශ කරන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තව දුරටත් සොයන්නට කිසිවකු නැති බව හා එහි මහ මොළ කරුවන් ඇතුළු සියල්ලන්ටම නඩු දමා ඇති බවය. පාස්කු ප්‍රහාරය පිළිබඳව මේ වන විට පවරා ඇති නඩු සංඛ්‍යාව 42කි.චුදිත සංඛ්‍යාව 80ක් වන අතර ත්‍රිපුද්ල මහාධිකරණයේ චෝදනා ලද චුදිතයන් 25 දෙනෙකි.එහෙත් මේ චුදිතයන් ඇහින්දාස් සැකකරුවන් මිස සිද්ධියට සම්බන්ධ සැබෑ ඝාතකයන් නොවන බව සීයට සීයක් තහවුරු වී තිබේ.ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වී පැය විසි හතරක් යාමට පෙර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ කළ ශානි අබේසේකර ඇතුළු පොලිස් නිළධාරීන් සී සීකඩ මාරු කර යවන ලදී.  

තවමත් අපගේ ස්ථාවරය සහරාන් ඇතුළු කණ්ඩායම මරාගෙන මැරෙන ඝාතක කණ්ඩායමක් නොවන බවය.ඔවුන්ට පුහුණුව ලැබී තිබුණේ හා උපදෙස් ලැබී ති⁣බුණේ එම බෝම්බ ස්ථාන ගත කිරීමටය.එහෙත් ඒ ආසන්නයේ සැඟවුන ප්‍රහාරකයා අත එම බෝම්බ පිපිරවීමේ දුරස්ථ පාලක තිබුණි.සහරාන්ට කිසි විටක මරාගෙන මැරෙන අදහසක් නොතිබුන බව ඔහුගේ සමීප කාතන්කුඩි මිතුරන් පවා පවසා තිබේ.මේ වන විටත් අපට ලැබී ඇති තොරතුරු අනුව මේ පාස්කු ප්‍රහාරයේ බෝම්බ සකස් කිරීමේ හා පිපිරවීමේ සියළු කාර්යයන් කර ඇත්තේ හමුදා බුද්ධි අංශය හා සම්බන්ධව සිටි පිල්ලෙයාන් ඇතුළු කණ්ඩායමයි.
පිල්ලෙයාන්ගේ ප්‍රහාරක කණ්ඩායම්  හමුදා බුද්ධි අංශය සමග මේ වන විටත් කොළඹ ඇතැම් ස්ථාන වල ස්ථාන ගතව සිටී.මෑතකදී එම කණ්ඩායම ලවා යම් යම් ස්ථාන වල බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සැළසුම් කෙරුණද එය මාධ්‍යයට අනාවරණය වීම නිසා වැලකිණි.
ආගමික අන්තවාදයක් රට පුරා පැතිර වීම එම සැලසුමේ අපේක්ෂාව විය.ඒ සඳහා   පදනම ඒ වන විටත් දිවුලපතාන හා මඩකලපුව මංඟලාරාමයෙන් අරඹා තිබුණි.ගෝඨාභයට සහාය දක්වන පාර්ලිමේන්තුවක් වෙනුවෙන් ඡන්දය භාවිතා කිරීම මරණ මංචකයේදී පවා සතුටු විය හැකි ක්‍රියාවක් බවට ඒ දිනවලදී ප්‍රකාශ කළ අභයතිස්ස නම් චීවරධාරියා දිවුලපතාන ගම්මානයට මෑතකදී ගොස් සිංහලයන් උපන් බිමේ අනාථයන් වී ඇතැයී කීවේ එම සැළසුමේ පළමු පියවර ලෙසටය.මේ චීවරධාරියා සිතන්නට ඇත්තේ වෙනදා මෙන් රටේ ජනතාව හායි හූයි අනේ හපොයි කියා ජාතිවාදීව ඒකරාශී වනු ඇති බවටය.එසේ එකතු වූයේ නම් පිල්ලෙයාන් කණ්ඩායම සිටියේ කොළඹ හෝ ඉන් පිටත සිංහල බෞද්ධ නිල කිහිපයක බෝම්බ පිපිර
වීමටය.එහෙත් ජාතියේ වාසනාවට එම සැළසුම හකුලාගන්නට ඝාතකයන්ට සිඳු විය.


දැන් ජනතාව සිටින්නේ රටේ ආර්ථිකය කුජීත කාබාසිනියා කළ හැතිකරය සමග මාරාන්තික වෛරයෙනි.⁣ඒ වෛරයට බඳුන් වී ඇත්තේ රාජපක්ෂ වරුන් පමණක් යැයි රනිල් රාජපක්ෂගේ හා සජිත් ප්‍රේමදාසගේ සනුහරය උදම් අනමින් සිටින ⁣බව පෙනෙන්ට තිබේ.එහෙත් ජනතාව සිටින්නේ මේ හැම දෙනාම ඔක්කොම එකම මිටකට ගෙන පර සක්වල ගහන්ට තරමේ කේන්තියකිනි.සැබැවින්ම සමාජයේ සෑම තරාතිරකම අයවළුන්ම දැන් බඩු මිල ඉහළ යාම විදුලි බිල වතුර බිල  ඉහළ යාම ආදී ආර්ථික පීඩාවන් ප්‍රශ්ණ නොකරන තැනට පත් වී තිබේ.හැම කෙනෙකුම සි⁣ටින්නේ ආර්ථික අර්බුදයට වග කිවයුතු හැම උන්දෑටම ජම්පරය අන්දා වැලිකඩට දැක්කිය යුතුය යන තීරණයේය.ටයි කෝට් ඇඳගෙන පාර්ලිමේන්තුවේ රනිල් හාමු ගේ කෙරුවාවේ බණ කියන සේමසිංහ මනූෂ,හරීන් ,ලන්සා ,කාංචන ,වජිර ආදීන් ගේ නම් ඒ ලැයිස්තුවේ උඩින්ම ලියා සඳහන්ව ඇති බව හෙළි කර ගත හැක්කේ ගමේ කඩ මණ්ඩියේ සිද්ධ වන කතා බහ වලදීය.පොදුජන පෙරමුණේ රාජපක්ෂවරුන් සිදු කළ සෑම අසික්කිත පජාත කුජීත පාදඩ වැඩකටම එහෙයින්ව සිට මේ වන විට එළියට බැස ස්වාධීන වෙන්නට දඟලන විමල් වීරවංශද ගම්මපින්පිල ආදී එකී නොකී මෙකී උපාසක මහත්වරුන් ගේ දේශපාලන කෙරුම්කාරකම් ගැනද සමාජය වර්තමානයේ සිටින්නේ අවබෝධයෙනි.එළඹි සිහියෙනි.සමාජය ඇඟිලි ගනිමින් සිටින්නේ නැකත උදාවෙන තුරුය.මේ වතාවේ සිල් රෙදි, ටකරම් ,වැසිකිලි පෝච්චි වච්ච බව නම් සහ සුද්දෙන් ලියා තැබිය හැකිය.

මෙහිදී විජේදාස රාජපක්ෂ ඇමතියා පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටදීත්  රඟපාන්නේ මං සුදනා පාට් එකය.

විජේදාස රාජපක්ෂ ඇමතියා ගේ කෙරුවාව ගැන කතා කරන විට අපට සිහිපත් වන්නේ පුංචි කංකුනාවේ හාමුදුරුවන් ගැනය.සියක් නමක් සඳහා පැවැති දානයකට වැඩම කළ කංකුනාවේ හිමියන් එහිදී පිළිගැන්වුන බිත්තර අනෙකුත් ස්වාමීන්වහන්සේලා විසින් ප්‍රතික්ෂේප කරනු බලා සිටියේය.කංකුනාවේ හිමියන් ඒ ස්වාමින් වහන්සේලා අතර උපසපන් බාලම හිමි නමද විය.ඒ බිත්තර පිළිගන්වන දායකයා තමන් සමීපයට ආ විට කංකුනාවේ හිමි ඇසුවේ අනෙකුත් ස්වාමින් වහන්සේලා එම දායකයාගෙන් ඇසූ ප්‍රශ්ණයමය.

ඒ උපාසක මහත්තයෝ මේ බිත්තර අප සඳහාම පිළියෙල කර ඒවාද යන්නය.

එහෙයි හාමුදුරුවනේ යැයි දායකයා පිළිතුර විය.

අප සදහාම බිත්තර කීයක් සකස් කළාද යැයි කංකුනාවේ හිමියන් විසින් දායකයා නැවත ප්‍රශ්ණ කෙරිණි

එකයි හාමුදරුවනේ දායකයා පැවසීය.

එහෙනම් ඒ බිත්තරය පැත්තකට කර ඉතිරි බිත්තර අනූ නවය මගේ පාත්තරයට බෙදන්න යැයි කංකුනාවේ හිමියන් කීවේ ඇඟට පතට නොදැනීය.

මේ කතාව හරියටම ගැලපෙන්නේ ඇමති විජේදාස රාජපක්ෂ කට්ට කයිරාටික කෙරුවාවටය.⁣මුන්දෑ සෑම විටම පෙනී සිටින්නේ තමන් තරමේ පිරිසිදු රැඩිකල් විනය ධර බෝධිසත්ව ගුණෝපේත දේශපාලඥයකු පාර්ලිමේන්තුවේම නැති තරමටය.නුමුත්
ඇත්ත කතාව විජේදාස රාජපක්ෂ යනු බෞද්ධ පිරුවටය ඇඳ ගත් පාදඩ පාහර තක්කඩියෙකි.සැබෑවටම සමාජය ප්‍රවේශම් විය යුතු වන්නේ මෙවැනි තක්කඩි දේශපාලඥයන් ගෙන්ය.ඒ මන්ද යත් කුඩු ලන්සා වැනි පාදඩයන් ගැන සමාජයට අමුතුවෙන් හඳුනාගැනීමට අවශ්‍ය නැත.එහෙත් විජේදාස රාජපක්ෂගේ තක්කඩි දෙබිඩි රඟපෑම හා කුහක කයිවාරු බණ ගැන සමාජය අන්දුන් කුන්දුන් වන්නට ඉඩ ඇති නිසාය.එසේ බලන විට විජේදාස රාජපක්ෂ වැනි දෙබිඩ්ඩන් මේ සමාජයට කරන දේශපාලනික හානිය කුඩු ලංසලා සිදු කරන හානියටත් වඩා බරපතලය.

යහපාලනය පැවති අවධියේ රාජපක්ෂ වරුන්ට එරෙහිව අවලාද චෝදනා නගමින් සිටි විජේදාස රාජපක්ෂ ඔවුන්ට විරුද්ධව ගොනු කෙරුණ නඩු වලදී රාජපක්ෂවරුන්ගේ ආරක්ෂකයා ලෙසින් පෙනී සිටියේය.⁣ගෝඨාභය රාජපක්ෂ අත් අඩංගුවට ගැනීමට ඉඩ නොදෙන බවද ප්‍රකාශ කෙරුවේය.ගිණි අවි ජාවාරමක් පිළිබඳව චෝදනා ගොණු කෙරුනු මේජර් සේනාධිපති සමග ඩිස්නිලන්තයේ සවාරියකට ගියේය.⁣
වර්තමානයේදීද විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයාගේ දෙබිඩි කෙරුවාව  එසේමය.මෑතකදී විදේශ සමුළුවකට ගොස් එහි සම්බන්ධීකාරකවරියකට ලිංගික බලහත්කාරකමක් කිරීමට ගොස් නෝන්ඩි විය.හරක් කටා නොහොත් නඳුන් චින්තක වෙනුවෙන් පෙනී සිටින්නේ විජේදාස රාජපක්ෂගේ පුත්‍රයා නියෝජනය කරන නීතිඥ සමාගමකි.අප්පා හා පුතා නඳුන් චින්තක නම් අපරාධකරු රන් ආකාරයක් බවට පත් කර ගෙන තිබේ.පසුගිය දින වල නඳුන් චින්තක සීඅයිඩීයෙන් පලා යාමට සැළසුම් කරන ලදැයි සිඳුවීම් පිටුපස සිටින්නේ විජේදාස රාජපක්ෂ හා ඔහුගේ නීතිඥ පුත්‍රයා බව අනාවරණය වී තිබේ.මොවුන් දෙදෙනාට අවශ්‍ය වී ඇත්තේ නඳුන් චින්තකට සීඅයිඩියේ ආරක්ෂාවක් නැති බව පෙන්වා ඔහු බන්ධනාගාර ගත කරවීමටය.මේ  සැලසුමේ එක් කොටස් කරුවෙක් වන්නේ අලි ජාවාරමේ නිරත වූ වූ තිලිණ ගමගේ මහේස්ත්‍රාත් වරයාය.

පසුගිය අවස්ථාවක පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළ විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා කීවේ මෙරට මුහුදු සීමාවේ ගිණි බත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සදහා ගෙවූ ඩොලර් 250ක  මුදලක් රක්ෂණ කරුවන්ගෙන්  මෙරට යම් පුද්ගලයකු විසින් ලබා ගෙන ඇති බවට තමන් දන්නා බවය.එහෙත් විජේදාස රාජපක්ෂ මෙතෙක් එම වංචාව සම්බන්ධයෙන් අල්ලස් කොමිෂමට හෝ වෙනත් බල අධිකාරියකට ඒ බව පැමිනිලි කර නැත.පාස්කු ප්‍රහාරය පිළිබඳව සැඟවුන කරුණු ගැන පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයාට එම තොරතුරු වසන් කර ගෙන සිටීම අපරාධ වරදක් බවට පෙන්වූ විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා එසේ නම් ගිණිබත් වූ නෞකාවේ රක්ෂණ නියෝජිතයාගෙන් වංචනිකව මුදල්  ලබා ගත් තැනැත්තා සම්බන්ධයෙන් පැමිනිලි නොකිරීමද අපරාධමය වරදක් බව ඔහු වටහා ගත යුතුය.එහෙත් අපට සිතෙන ආකාරයට විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන ලද්දේ ජවාරමකටය.එහිදී ඔහු එම ප්‍රකාශය කිරීමෙන් අපේක්ෂා කරන ලද්දේ මම උඹ ගැන දන්නවා වැනි අනියම් තර්ජනයක් කර  අදාල වංචනිකයාගෙන් සෑහෙන මුදලක් පික්පොකට් ගසා ගැනීමට බව සිතිය හැකිය.ඒ විජේදාස
රාජපක්ෂ අමාත්‍යවරයාගේ තක්කඩි කෙරුවාව එහෙමය.

මේ වන විට මෙරට අධිකරණය පිටාරය ගලන වැසිකිලි වලකට සමානය.නඩු අහන්නේ කැරපොත්තන් හා අසූචි පනුවන්ය.එහෙත් ඒ අතරේ දිලිසෙන මැණික්ද වේ.විජේදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍යවරයාට ඒ මැණික් ගල් වහ කදුරුය.සමාජය තැති ගන්වා බය ගන්වා දඬුවමට ලක් කරන ආකාරයේ අණ පනත් ගෙන ඒමට විජේදාස රාජපක්ෂ දත මිටි කමින් තිබේ.
ඒ සඳහා ජනතාව නොමග යැවීමට ඔහු දෙසන කුහක බණ අසා සමාජය සෝවාන් වුව හොත් කෙල වන කෙල විල්ල තමන්ගේ දරුවන් ගේ දරුවන්ටද බලපෑ හැකි බව සියල්ලන් තේරුම් ගත යුතුය.



Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්