වැබ පොලිස්පති දේශබන්දු පුරවැසියෙකුගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.

 

 පුද්ගලයෙකුගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීමේ වරදට වරදකරුවන්වූ වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිළධාරීන් තිදෙනෙකුට ස්වකීය මුදලින් රුපියල් ලක්ෂ 20ක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්‍ඨාධිකරණය අද නියෝග  කළේය.


මීට අමතරව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සිද්ධියට සම්බන්ධ සියළු පොලිස් නිළධාරීන්ට එරෙහිව විනය පියවර ගන්නා ලෙසටද ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් ජාතික පොලිස් කොමිසමට හා නීතිපතිවරයාට නියෝග කරන ලදී.

වර්ෂ 2011 දී තමන් නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන මිරිහාන පොලිස් ස්ථානයේ රඳවා තබා ගනිමින් මේ වන විට වැඩ බලන පොලිස්පති වශයෙන් කටයුතු කරන දේශබන්දු තෙන්නකෝන් අධීක්ෂණය යටතේ පොලිස් නිළධාරීන් සිවු දෙදෙනෙකු තමන්ට වද හිංසා පැමිණ වූ බවත් ඉන් තමන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩ වූ බවත් කියමින් මෙම පෙත්සම ගොනු කර තිබුණේ ඩබ්ලිව්.රංජිත් සුමංගල නම් හමුදා සෙබලෙකි.ඉහත වග උත්තරකාර නිළධාරීන් පෙත්සම්කරු නීති විරෝධීව අත් අඩංගුවට ගෙන රඳවා තබා ගෙන වද හිංසා පැමිණවීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවද අද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.මෙම සිද්ධියට සම්බන්ධ වූ පුද්ගලික පාර්ශවයක් වූ යුද හමුදා විශ්‍රාමික සාජන් මේජර් වරයකු වූ අජිත් වනසුන්දර නැමැත්තාද මෙම වන්දි ගෙවීමට යටත් කෙරිණි.මීට අමතරව පෙත්සම්කාර පාර්ශවයට රුපියල් 10000ක වන්දියක් ගෙවන ලෙසද ශ්‍රේෂ්‍ඨාධිකරණය නියෝග කෙරුවේය.

නීතිඥ සරිතා ද ෆොන්සේකා සහ නීතිඥ තිළිණි විදානගමගේ සමග ඡ්‍යෙෂ්ඨ නීතිඥ චිරාන් කොරයා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි අතර රජයේ ඡ්‍යෙෂ්ඨ නීතිඥ ඉඳුනි පුංචිහේවා දේශබන්දු තෙන්නකෝන් සහ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියහ.

කුමුදුනී වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන් සමඟ එස්.තුරෙයිරාජා විනිසුරු විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.


Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්