ජාවාරම්කාර තක්කඩියන් පොදු දේපොළ වෙන්දේසියේ දමා අාතල් ගනිමින් සිටී
මේ වන විට රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඒකකය විසින් ප්රතිව්යගතකරණය යුතු රාජ්‍ය ව්‍යවසායන් 130ක් හඳුනාගෙන ඇති බවත් ඉන් 15 ක් ඈවර කර වසා දැමිය හැකි බවටත් රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුගතකරණ කිරීමේ ඒකකයේ අධ්යක්ෂ ජනරාල් සුරේෂ් ෂා සිළුමිණ පුවත්පතට ප්‍රකාශ කර තිබේ.ඒ අතරේම සෙසු ආයතන 115 න් 85 කටම රාජ්‍ය මැදිහත්වීම අවශ්‍ය නැති බව පෙනී යන යන නිසා එම ආයතනද ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිත බවද ඔහු එහි වැඩිදුරටත් පවසා ඇත.සුරේෂ් ෂා අධ්යක්ෂ ජනරාල් වරයා වශයෙන් කටයුතු කරන මෙම ඒකකය පිහිටුවීම සදහා රජය වෙන්කළ මුදල මිලියන 200කි.මෙම ආයතනය විසින් ගන්නා තීන්දු තීරණ කිසිදු විනිවිද භාවයකින් තොර බව මේ වන විටත් චෝදනා නැගෙමින් පවතී.සුරේෂ් ෂා යනු මෙරට තක්කඩි ජාවාරම්කරුවෙකි.මොහු ලයන් බෲවරිිසමාගමේ හා කාර්සන් කුම්බර්චිචි සමාගමේද අධ්යක්ෂ වරයකු ලෙස කටයුතු කරමින් සිටී.කාර්සන් කුම්බර්ච් සමාගමට අනුබද්ධ සමාගමක් වන බුකිට් ඩරා සමාගම සමගත් මොහු සම්බන්ධ වී සිට ඇත.මහා බැඳුම්කර වංචාවට සුරේෂ් ෂා අධ්යක්ෂ වරයකු ලෙස කටයුතු කරන කාර්සන් හා කුම්බැච් සමාගමත් ඒ හා අනුබද්ධිත බුකිට් ඩාරා සමාගමත් සම්බන්ධ බවට වොහාරික විගණනයේදී අනාවරණය විය.එම වොහාරික විගනනයට අනුව 2011 වර්ෂයේ ජනවාරි සිට 2015 මැයි මාසය දක්වා මෙරට සේවක අර්ථ සාධක අරමුදල බුකිට් ඩාරා සමාගමේ මිලියන 2293ක් වටිනා කොටස් මිලදී ගෙන ඇති බවත් හෙළි විය.2015 වර්ෂයේ සිට මෙම සමාගම දැවැන්ත කඩා වැටීමට ලක් වූ බව වාර්තා වේ.මෙම බුකිට් ඩාරා සමග අනුබද්ධිත අනෙක් සමාගම වූ කාර්සන් කුම්බැච් පීඑල්සී සමාගමේ මිලියන 2581 අයෝජනය කර ඇති අතර මෙම ආයෝජනයේදී තර්ස්ටන් ඉන්වේස්ට් ලිමිටඩ් නම් ආයතනයක් එහි සතු කොටස් විශාල ප්‍රමාණයක් මිලයට ගෙන තිබේ.එම ආයතනය අර්ජුන් ඇලෝෂියස් ගේ සීයා වන කට්ටාර් ඇලෝෂියස් හිමිකාරිත්වය දරණ ආයතනයකි. ඉහත සමාගම් වලට අමතරව ලංකා වානිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වන සුරේෂ් ෂා හාම්පුතුන්ගේ සංඟමයේත් හිටපු සභාපතිවරයෙක් වේ.මෙරට කම්කරු අයිතීන් මර්ධනය කිරීමට කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් ඉදිරිපත් කරන ලද නීති අණ පනත් සකස් කළ එම අමාත්‍යංශ ලේකම්වරයාගේ දියණිය හාම්පුතුන්ගේ සංඟමයේ නීති උපදේශිකාව විය.සැබැවින්ම මෙරට ජාවාරම්කාර ව්‍යාපාරික බලවතකු වන සුරේෂ් ෂා පොදු ජනතාවට අයත් පොදු දේපොල විකුණා දමමින් වෙළඳාමක් සිදු කරන බව පැහැදිලිය.මේ වෙළඳාම පොදු මහජනතාවගේ යහපත හා සුබ සිද්ධිය සඳහා වූ ක්‍රියා මාර්ගයක් නොවන බවද සහතිකය.මොවුන් ප්‍රතිව්‍යහගත කිරීමේ මුවාවෙන් ජාවාරම් කරන ඇතැම් රාජ්‍ය ආයතන බොහොමයක් බිඳ වැටී ඇත්තේ නිළධාරිවාදයේ හා දේශපාලනික දූෂිත මැදිහත් වීම් නිසාය.මේ ආයතන හරියට රන් බිජු දමන කිකිළියන් මෙන් බලා කියා ගත යුතු ආයතන වේ.දැනට බිඳ වැටී ඇතත් ඒවා ලාභ ලබන තත්වයකට ඔසවා තැබීම නොහැකි කාරණයක් නොවේ.එහෙත් සුරේෂ් ෂා වැනි ජාවාරම්කාර තක්කඩියන් සමග රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සිදු කරමින් පවතින්නේ මහජන දේපොල විලි ලැජ්ජාවක් නැතුව මංකොල්ල කෑමය.මේ වයසක මහල්ලා රටට ජාතියට කරමින් පවතින මේ මහා විනාශය සුළු පටු නොවේ.
Comments
Post a Comment