නීති ගරුක දේශයක් අපට අවශ්‍යයි - පොලිස් විශ්‍රාමික සමූහයේ මංඟල රැස්වීමේදී ජාජබයේ නායක අනුර කුමාර දිසානායක පවසයි
ජාතික ජන බලවේගයේ පොලිස් විශ්‍රාමික සමූහයේ මංඟල සභා රැස්වීම අද දින මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.පොලිස් සාමූහිකයේ කැඳවුම්කරු ලෙස ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න කටයුතු කළ අතර මෙම රැස්වීමේ ප්‍රධාන ආරාධිතයා වූයේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක වේ.විශ්‍රාමික ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොල්ස්පතිවරුන් පිරිසක් සමග දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් විවිධ තරාතිරමේ විශ්‍රාමික පොලිස් නිළධාරීන් හා නිළධාරිණියන් විශාල පිරිසක් මෙම රැස්වීමට සහභාගි වී සිටියහ.මෙම රැස්වීම ඇමතූ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මෙසේ පැවසිිය.".....අපේ රටට නීතියේ විධානය පවතින ආධිපත්‍යයක් හිමි විය යුතුයි.මා ඔබට වගකීමෙන් පවසනවා පුද්ගලිකව මට හෝ අපේ ව්‍යාපාරයට ආරක්ෂා කරන්න දූෂිතයන් නැහැ.ආරක්ෂා කරන්න පාතාලයන් නෑ.ආරක්ෂා කරන්න කුඩු ව්‍යාපාරිකයන් නැහැ.ආරක්ෂා කරන්න ස්ත්‍රී දූෂකයන් නැහැ.ආරක්ෂා කරන්න ඝාතකයන් නැහැ.ඒ නිසා පොලිස් දෙපාර්තමේන්තුවට අණ පනත් වලින් ලබා දී බලය බලය මදි නම් ඒ බලය තවත් ශක්තිමත් කරමින් මේ රටේ නීතිය හා විධානය රැකීමට පොලීසියට පැවරී ඇති කාර්ය භාරය නිසි පරිදි ඉටුකිරීමට හැකි පරිසරයක් අප නිර්මාණය කරනවා.අපේ රටේ පොලීසියට බොහෝ පුරවැසියන් චෝදනා එල්ල කරනවා.හැබැයි මා ඔබෙන් එකක් අහනවා.අපේ රටේ සිඳුවූ ආන්දෝලනාත්මක සිදුවීම් තියෙනවා.ඒ නූරි වත්තේ වතු අධිකාරී ඝාතනය වගේ ඒව.එම ඝාතනය ගැන ප්‍රධාන ප්‍රවෘත්ති පලවුනා.පුවත්පත් වල ප්‍රධාන ශීර්ෂය පලවුනා.පොලීසිය පරීක්ෂණ කෙරුවා.වැරදිකරුවන් 13 දෙනෙකුට අධිකරණය මගින් මරණ දඬුවම් ලබා දුන්නා.ඒ වගේම හෝකන්දර එකම පවුලේ පස් දෙනෙකු මරා දැමීමට සම්බන්ධ විත්තිකරුවන්ට නඩු පැවරුවා මොකද්ද වුනේ මරණ දඩුවම දුන්නා.විනිසුරු අඹේපිටිය ඝාතනයට පරීක්ෂණ කරා.නඩු පැවරුවා.එම ඝාතකයන්ට මරණ දඬුවම දුන්නා.පොට්ට නවුෆර්ලට.
හැබැයි ලසන්ත වික්‍රමතුංඟ ගෙ ඝාතනය පිළිබඳව පරීක්ෂණය අවසන් නොවන්නේ ඇයි.පාස්කු ප්‍රහරය පිළිබඳව සාධාරණ පරීක්ෂණය අවසන් නොවන්නේ ඇයි. කීත් නොයාර්ට පහරදීම පිළිබඳ පරීක්ෂණය කෙළවර නොවන්නේ ඇයි.උපාලි තෙන්නකෝන් හට පහරදීම පරීක්ෂණ කෙළවර නොවන්නේ ඇයි.පෝද්දල ජයන්තගේ අතපය කඩා දැමීම ගැන පරීක්ෂණ කෙළවර නොවන්නේ ඇයි.
එක්නැලාගොඩ පැහැරගෙන යාම පිළිබඳ පරීක්ෂණ නොවන්නේ ඇයි.සාමාන්‍යයෙන් කියමනක් තියෙනවා අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දක්ෂයි.සොයාගන්නබැරිවුන සෑම අපරාධයක්ම දේශපාලනය මගින් ආරක්ෂා කරපුවා.ඒ සෑම අපරාධයක් පිටුපසම දේශපාලකයන් ඉන්නව.කීත් නොයාර්ට පහරදීම,ලසන්ත වික්‍රමතුංග ඝාතනයරගර් ක්‍රීඩකයාගේ ඝාතනය පිටුපස දේශපාලන හස්තයන් තියෙනවා.ඒ නිසා මොකද්ද සිදු වෙලා තියෙන්නෙ.
අපේ පොලිස් දෙපාර්තමේන්තුවට හොඳ ඉවක් තිබෙන බව මා දන්නවා.බැරි වෙලාවත් හරි කවුරු හරි වැරදි පැමිණිල්ලක් දාන්න ගියොත් පොලීසියෙ මහත්තය කියනවා ඕක ඔහොම දාල හරියන්නෑ.මෙහෙම දාන්න කියල.පැමිණිල්ල දාන කොටම දන්නවා මේ පැමිණිල්ල හරිද වැරදිද කියල.විධිමත්ව ලබා ගන්නා පුහුණුවට එහා ගිය හොඳ පොලිස් දෙපාර්තමේන්තුවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවක් අපට තියෙනවා.හැබැයි අපරාධකරුවන්
දූෂිතයන් නිදැල්ලේ ඉන්නවා.ඒ අන් කවරක් නිසාවත් නොවෙයි.මේ සියල්ලම බිඳ වට්ටන්නේ කුමක් හේතු කරගෙනද.දේශපාලන මැදිහත්වීම එහෙම නැතිනම් ඒ අපරාධය පිටුපස දේශපාලනය තිබීම.එය ආරක්ෂා කරන්නේ දේශපාලනය.ඔබ හිතන්න අපි කාගේත් හදවත පොඩි ප්‍රමාණයකට නතර වුනා.රවි සෙනෙවිරත්න මැතිතුමා ශානි අබේසේකර ගැන කතාව කිව්වම.නතර වුනේ නැද්ද.පුරවැසියන්ට යුක්තිය ඉටුකිරීම සඳහා තමන් වෙත පැවරී ඇති රාජකාරිය ඉටු කිරීමට යාමේදී ඔහු වැරදිකරු බවට පත්වෙනව නම් මොන රටක්ද මේක.අපි ඔබට සහතිකයක් දෙන්නම් ශානි.අනිවාර්යයෙන්ම ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් ඔබට යුක්තිය ඉටු කරදෙනවා.එහෙම අසාධාරණයට ලක්වුන ඔහු ඇතුළු සියළු නිළධාරීන්ට සාධාරණය ඉටු කළ යුතුයි.නීති ගරුක දේශයක් අපට අවශ්‍යයි.
Comments
Post a Comment