මිනිසුන් අමු අමුවේ පුළුස්සන හිට්ලර් පන්නයේ දහන පෝරනුවක් විවෘත කෙරේ

 

බටලන්දේ වදකාගාරයේ වදකයන් විසින් තරුණයන්ට කෘෘර වද හිංසා දෙන විට නැගූ අදෝනා හඬින් ඔහු විශාල තෘප්තියක් වින්දේය .ඔහුගේ නවාතැන තිබුනේ එම වදකාගාරයට යාබදවය.අසූව දශකයේ භීෂණය සමග ඇරඹුන මේ බටලන්ද වදකාගාරය පිළිබඳව මාධ්‍යවේදී  නන්දන වීරරත්න විසින් සිදු කළ ගවේෂණාත්මකව රචනා කරන ලද බටලන්ද ගිණි ගනී නමි ග්‍රන්ථය තුළ ඒ තුළ සිදු වූ කෘෘර වද හිංසා ගැන ලොමු දැහැගැන්වන ආකාරයෙන් සඳහන් කර තිබේ.

බටලන්ද  වදකාගාරයේ කෘෘර  වද හිංසාවලින් වඳ විඳි තරුණයන් ගේ විලාපය තෘප්තිමත් මනසින් විඳි ඔහු අන් කවරකුත් නොවේ.ඒ මෙරට අටවන ජනපතිවරයා වන රනිල් වික්‍රමසිංහය.
සැබවින්ම රනිල් වික්‍රමසිංහ කෘෘර මනසකින් යුතු සාහසිකයෙකි.එසේ නැතිනම් අනෙකෙකු විඳින වේදනාවන් නිසා නගන විලාපයන් අසා සතුටු විය හැක්කේ නොවේ.රනිල් වික්‍රමසිංහ කුරිරු මිනිස්  ඝාතනයන්ට නොකැමැත්තේ නම් බටලන්දේ වද කඳවුරට යාබදව තිබුණු ඔහුගේ නවාතැනින් ඉවත්ව යන්නට බොහෝ ඉඩ  හැකියාව තිබුණි.එහෙත් ඔහු එසේ කළ බවක් වාර්තා නොවේ. රනිල් වික්‍රමසිංහ යනු කිසිදු අනුකම්පාවක් පපුව තුළ ඇති මිනිසෙක් නොවන බව ඉන් තහවුරු වේ.

රනිල් වික්‍රමසිංහ අමාත්‍යවරයකු ලෙස කටයුතු කරන අවදියේ ඔහුගේ ආරක්ෂකයා වූයේ කමාන්ඩෝ රෙජිමෙන්තුවේ තරුණ නිළධාරියෙකි.පසු කාලයකදී මෙම නිළධාරියා උතුරු නැගෙනහිර ක්‍රියාන්විත රාජකාරියකදී වෙඩි වැදී මිය ගියේය.මෙම තරුණ නිළධාරියා මිය යාමෙන් පසුව ඔහු විසින් ජීවත්ව සිටියදී රජයේ බැංකුවකින් ගත් නිවාස ණය මුදලක් ඔහුගේ දෙමවුපියන් හට ගෙවීමට සිදු විය.මින් බරපතල අපහසුතාවට ලක්වූ⁣ එම දෙමවුපියන් ඒ දුක්ගැනවිල්ල කමාන්ඩෝ රෙජිමෙන්තුවේ අණදෙන නිළධාරියාට ඉදිරිපත් කෙරුවේය.අණදෙන නිළධාරියා විසින් මෙම දුක්ගැනවිල්ල ඉදිරිපත් කළ තරුණ නිළධාරියාගේ පියා  එවකට අමාත්‍යවරයකු වූ රනිල් වික්‍රමසිංහ වෙත යොමු කරන ලද්දේ තම කඳවුරේ නිළධාරීන් ⁣දෙදෙනෙකු සමගය.මෙම නිළධාරීන් දෙදෙනා එම පියා සමග රනිල් වික්‍රමසිංහ අමාත්‍යවරයා හමුවිය.

දරුවා මිය ගිය පියා විසින් තම දුක්ගැනවිල්ල ඇමතිවරයා වෙත  ඉදිරිපත්  කෙරිණි.ඔහුගේ දුක් ගැනවිල්ල අසා සිටි රනිල් වික්‍රමසිංහ ඉතා උද්දච්ච ආකාරයෙන් ඒ පියා වෙත පැවසුවේ "අයිසෙ බැංකුවකින් කවුරු ණය ගත්තත්  ඒ ණය ගෙවන්න ඕන.මම මොනව කරන්නද යනුවෙනි.එසේ කියා  ඔහු ඒ අසලින් නැගිට ගියේ කිසිදු අනුකම්පාවක් නැති ⁣මිනිසකු ලෙස  බව එහි එදා සිටි කමාන්ඩෝ රෙජිමෙන්තුවේ නිළධාරියකු අප සමග පවසා තිබෙි.

මෙරට දේශපාලන ඉතිහාසයේ එක් පරිච්ඡේදයකදී  අතිශය කෘර වදකයකු ලෙස මුද්‍රාගතව සි⁣ටින රනිල් වික්‍රමසිංහ තම අමාත්‍ය මණ්ඩලයේ නීතිය හා සාමය ඇමතිකම ලබා දී ඇත්තේද තමන් හා සමානම සාහසික පෝරිසාදයෙකුටය.ටිරාන් අලස් අමාත්‍යවරයා නීතිය හා සාමය අමාත්‍යංශය තුළ ක්‍රියාත්මක වන්නේ මෙරට පවතින ව්‍යවස්ථාපිත නීති පද්ධතිය අමු අමුවේ උල්ලංඝනය කරමිනි.ඔහු ඒ සදහා සිය අනුප්‍රාප්තිකයා ලෙස පත් කර ගත්
පොලිස්පතිවරයාද මෙරට අධිකරණ තුලින් චෝදනා ලබා දඬුවම් ලබා තිබෙන තවත් පෝරිසාදයෙකුටය.

නීතිය හා සාමය අමාත්‍ය ටිරාන් අලස් හා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන සාහසික පෝරිසාදයන් දෙදෙනා මේ වන විට සමාජයට මුදා හැර ඇති අමානුෂික භීෂණයට එරෙහිව බොහෝ සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් හා නීතිඥ ප්‍රජාවගේ අප්‍රසාදය පල වී තිබේ.  
එහිදී ඒ පිළිබඳව මෙම පෝරිසාදයන් දෙදෙනා දක්වමින් සිටින ප්‍රතිචාරය මෙරට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පුරවැසි අයිතීන් උල්ලංඝනය කෙරෙන හැඩයේ ඒවා වේ.සැබැවින්ම මොවන් දෙදෙනාට එලෙස අනීතිකව හැසිරීමට ජනපතිවරයාගේ සහාය ලැබෙන බවට කිසිදු සැකයක් නැත.

මෙරට ජනතාවගේ ජීවත්වීමේ අයිතිය කුමන්ත්‍රණකාරීව හා රහසිගතව ඉතා කෲර ආකාරයෙන් උදුරා ගැනීම සදහා නීතිය හා සාමය ඇමති ටිරාන් අලස් හා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ක්‍රියාත්මක කරමින් පවතින ඇඟ කිළිපොළන අමානුෂික වැඩ පිළිවෙලක් ගැන අපට තොරතුරු අනාවරණය වී තිබේ.මේ අමානුෂික වැඩපිළිවෙල ඉතා යහපත් මුහුණුවරකින් පෙනී සිටින මිනිස් ජීවිත ගොදුරු කර ගන්නා ඉතා භයානක ව්‍යාපෘතියක් බවට අපට සැකයක් පවතී.

ඒ පුත්තලම දිස්ත්‍රික්කයේ  වනාතවිල්ලුව වනාන්තරයේ ලැක්ටෝස් වත්ත පාළු ඉඩමක සෙල්සියක් අංශක 2000ක පිළිස්සුම් පීඩන ධාරිතාවකින් යුතු ගිණි පෝරණුවක් ඉඳිකිරීම ගැනය.
ටිරාන් අලස් හා දේශබන්දු ජෝඩුව විසින් මේ පෝරනුව විවෘත කරමින් මාධ්‍ය වෙත ප්‍රකාශ කරන ලද්දේ අත්අඩංගුවට ගන්නා හොරොයින් දහනය කර විනාශ කිරීම සදහා මෙය ඉඳි කළ බවය.
මෙරටදී අත් අඩංගුවට ගන්නා හෙරොයින් දහනය කර විනාශ කිරීමට ටිරාන් හා දේශබන්දු ජෝඩුවට කිසිදු නෛතික හිමිකමක් නැත.එවැනි අන්තරායකර ඖෂධ විනාශ කිරීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිලිබඳව නෛතික ⁣නියෝග ඇතුළත් අණ පනත් ගණනාවක් මෙරට තිබේ.2022 අංක 41 දරණ විෂ වර්ග  අබිං සහ අන්තරායකර වර්ග (සංශෝධන)පනත 1989 අංක 69 රජයේ රස පරීක්ෂක පනත හා  අපරාධ නඩු විධාන සංග්‍රහයේ අත්අඩංගුවට ගන්නා ලද අධිකරණ ක්‍රියා මාර්ග වලට යටත් කරන ලද  භාන්ඩ විනාශ කිරීම
 හා බැහැර කිරීම සම්බන්ධයෙන් වූ නියෝග දැක්වේ.

ටිරාන් හා දේශබන්දු ජෝඩුව මෙකී අණ පනත් නොතකා කටයුතු කරමින් සිටින බව පැහැදිලි වන අතර මොවුන් දෙදෙනාගේ අවශ්‍යතාව ඉන් ඔබ්බට ගිය අතිශය අමානුෂික කාරණයක් බව සැක සිතිය හැකිය.මෙම දහන පෝරණුව බාර දී ඇත්තේ පොලීසියේ  විශේෂ කාර්ය බලකාය වෙතය.මේ වන විට විශේෂ කාර්ය බලකාය විසින් මෙරට සමාජය වෙත මුදාහැර ඇති සාහසිකත්වය තුළ පසුගිය වර්ෂය තුළදී ජීවිත විසි හයකට ආසන්න සංඛ්‍යාවක් ඝාතනය කරන ලද බවට වාර්තා වී තිබේ.එලෙස ඝාතනය වූ බොහෝ දෙනෙකු  අත් අඩංගුවට ගැනීමෙන් පසුව ආයුද පෙන්වීමට ගොස් පැන යාමට තැත් කිරීම නිසා විශේෂ කාර්ය බලකාය විසින් ඝාතනය කරන ලද අයවළුන්ය.මෙම අධිපීඩන දහන පෝරනුව විශේෂ කාර්ය බලකාය වෙතින් අත් අඩංගුවට ගන්නා සැක කරුවන් අළුවත් ඉතිරි නොවන ලෙස දහනය කිරීමට උපයෝගී කර ගන්නට පුළුවන.සැබැවින්ම මෙවැනි දහන පෝරනුවක් ක්‍රියාත්මක කිරීම ඇරඹිය යුතු වන්නේ පාර්ලිමේන්තු පනතක් සම්මත කර ගැනීමෙන් පසුවය.එබැවින් මෙම දහන පෝරණුව පිළිබඳව විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේ ප්‍රශ්ණ කළ යුතු බව අපි තරයේ විශ්වාස කරමු.  

එසේ නොමැතිව වගකීම් විරහිතව පොලීසියේ විශේෂ කාර්ය බලකායට මෙම දහන පෝරනුව පවත්වාගෙන යාමට ඉඩදීම ඉතා බරපතල කාරණයකි.අප ඒ ගැන සැක කරන්නේ එම පදනමිනි.මෙරට අණ පනත් නොතකා මෙකී දහන පෝරනුව යොදා ගැනීමද අපගේ සැකය වඩාත් තහවුරු වන කාරණයකි.

හෙට අනිද්දා වන විට මෙරට 
දේශපාලන බලය ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයෙන් බලහත්කාරීව ගෙන යාමේ අදහසක් ජනපති රනිල් වික්‍රමසිංහ තුළ පවතින බවට සැකයක් සමාජය තුළ කතා වෙමින් ⁣තිබේ.එහෙත් එවැන්නක් කිරීමට රනිල් වික්‍රමසිංහ ජනපති වරයා පෙළඹුනහොත් එයට එරෙහිව මෙරට සමාජය තුළ කැරල්ලක් මතු වීමෙි ප්‍රවනතාව වැඩිය.එහිදී එම කැරළිකාරයන් මර්ධනය සඳහා  රනිල් වික්‍රමසිංහ බටලන්ද පන්නයේ වදකාගාරයක් ලෙස වනාතවිල්ලුව දහන පෝරනුව භාවිතා කිරීමේ ආශාවෙන් සිටීදැයි අපි නොදනිමු.ඔහු එවැනි කෘෘර හිංසනයන් ගැන අසා සතුටු වන්නෙක් බව නම් අපි දනිමු.

අපට මෙහිදී මතක් වන්නේ හිට්ලර්ගේ වද කඳවුරු තුළ ගෑස් කාමර වල මිනිසුන් ඝාතනය කළ ආකාරයයි.මේ  හිට්ලර් ගේ එවැනි මිනිස් ඝාතනයන් ගැන ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා ගේ අවසන් විසඳුම නම් ග්‍රන්ථයේ සඳහන් කර ඇති කොටසකි.

" .......පෙරදින වෛද්‍යවරයා විසින් වාර්ගීකරණයට ලක්කොට වම් පසට තෝරා ගනු ලැබූ අයගේ ඉරණම හාත්පසින්ම වෙනස් වූයේ පරිපාලකයනට,ව්‍යාපාරිකයන්ට රැඳවුමි කඳවුරේ ඇගයීමක් නොවීය.ඔවුන් අයත් වූයේ මහල්ලන් හා රෝගීන් ගණයටය.
ඔවුන්ද දකුණු පසට තෝරා ගත්වුන් මෙන්ම නිරුවත් කෙරිණි.විශබීජ හරණය සදහා ඖෂධ දියරයෙන් පොඟවනු ලැබීය .උනුසුම් කාමරය කරා යැවිනි.නැවත අධික ශීතල ජලය සහිත නාන කාමරය යැවිණි.යකඩ දොර වැසිණි.මොහොතකින් ඔවුන්ගේ හිසට ඉහළින් වූ ජල කරාම වලින් කිසිවක් වෑස්සෙන්නට විය.එය ජලය නොවේ.එයින් ගලා ආවේ සයික්ලෝන් බී වායුවය.ආශ්වාස ප්‍රශ්වාස කෙමෙන් අසීරු වූයේය.ඇතැමෙක් බිත්ති මත රූටන්නට වූහ.මර බියෙන් මොර ගෑවද ඒ හඬ කිසිවෙකුට නෑසුනේ එම නාන කාමර කිසිදු හඬක් පිටතට නොඇසෙන්නට නිමවා තිබූ හෙයිනි.
අඩ හෝරාවකට පමණ පසුව ගෑස් මුහුණු ආවරණ පැළඳ ගත්  එස්.එස් භටයෝ නාන කාමරවල යකඩ දොර විවර කළහ.බොහෝ දෙනෙකු මිය ගොස් සිටි අතර ඇතැමෙක් මිය යමින් සිටියහ.නිල් පැහැ ගැන්වී මුවින් ලේ දහරා වගුරවමින්  මිය ගිය වුන් හා මිය යමින් සිටියවුන් කුඩා කරත්ත වලට දමන ලදහ.ඒවා දහනාගාරය කරා ගමන් ඇරඹීය.වම්පසට ගියවුන් පිළිබඳව විමසූ නවකයන්ට  කඳවුරේ පැරණි සිරකරුවන් දුන් පිළිතුර වූයේ ඒ ගොල්ල දුම් කවුළුවෙන් පිටවුනාය යන්නය......"  

මේ උපුටනයේ අවසානයේ දක්වා ඇති පරිදි ⁣හෙට අනිද්දා වන විට පොලීසියේ විශේෂ කාර්ය බලකාය  විසින් අත් අඩංගුවට ගන්නා සැකකරුවන් සොයා යන දෙමවුපියන්ට හෝ කාලත්‍රයාට ඒ ගොල්ලො වනාතවිල්ලුවෙ දුම් කවුළුවෙන් පිටවුනා යනුවෙන් පිළිතුරු  දෙන්නටද ඉඩ හැකියාව පවතී.වික්‍රමසිංහ මහල්ලාත් ටිරාන් දේශබන්දු ජෝඩුවත් ඒ තරමට අනීතික අමානුෂික සාහසිකයන්ය.

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්