ඩයනා ගමගේ ශ්‍රී ලංකා පුරවැසිකම ලබා ගනී
එදවස බියගම එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක වරයා වූ රනිල් වික්‍රමසිංහගේ පාතාල මැරයා වූයේ ගෝනවල සුනිල්ය.ගෝනවල සුනිල් ගේ විවාහයට පාර්ශවකරුවකු ලෙස විවාහ සහතිකයේ අත්සන් කෙරුවේද රනිල් වික්‍රමසිංහය.ජේආර් ජයවර්ධනගේ ආණ්ඩුව මුදා හැරි පෝරිසාද මැර හමුදාවේ ගෝනවල සුනිල් ප්‍රධාන පෙලේ සෙන්පතියකු විය.කැළණිය ප්‍රදේශයේ බාලවයස්කාර දැරියක දූෂණය කිරීමේ වරදට ගෝනවල සුනිල් හට අවුරුදු 12 ක සිර දඬුවම් ලැබුණි.ඔහු සිරගෙදර ජම්පරය ඇඳ වැඩ පාටියේ සිටියේ මාසයකටත් අඩු කාලයකි.ස්ත්‍රී දූෂණ වලට දඬුවම් ලැබී සිරගත කර සිටි සියළු අපරාධකරුවන් හට ජේ.ආර් ජයවර්ධන ජනපතිවරයාගෙන් සමාව
ප්‍රදානය
කෙරිණි.එම සමාව ඒ දිනවල හිරකරුවන් විසින් හදුන්වන ලද්දේ ගෝනවල සුනිල්
සමාව" ලෙසිනි.ඒ ගෝනවල සුනිල් සමග ඒ වන විට සිර දඬුවම් විඳි ස්ත්‍රී දූෂක
අපරාධ කරුවන් රාශියකට සමාව ලැබුණ නිසාය. ජේ.ආර් ජයවර්ධන
ජනපතිවරයා ගෝනවල සුනිල් සමාව දීමට පෙරද ඒ සමානම සමාවක් හිරකරුවන් වෙත
ප්‍රදානය කර තිබුණි.ඒ විනිමය වංචා කිරීමේ වරදට දඬුවම් ලබමින් සිටි සිය
හිතවතකු වූ තාහා නම් මුසල්මානු ව්‍යාපාරිකයා නිදහස් කිරීම සදහා ජේ.ආර්.ගැසූ
එම තුරුම්බුවෙන් එවකට රැජිනට එරෙහිව කැරළි ගැසීීමේ වරදට දඬුවම් ලබමින්
බන්ධනාගාරගතව සිටි ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර ඇතුළු පිරිසද
නිදහස ලැබූහ.
මේ මෙරට දේශපාලන බලය හිමි දේශපාලන
ප්‍රධානීන් සිය ඕනෑ එපාකම් වලට ගැලපෙන හැඩයට පවතින නීතිය නවන ආකාරය ගැන
නිදසුන් දෙකක් පමණි.එවැනි නිදසුන් අනන්තය. අප්‍රමාණය.ඒවා ගැන බයිබලය තරමේ
ග්‍රන්ථයක් අච්චු ගසන්නටද පුළුවන.
බඩගින්නට කොස් ගෙඩියක් හොරෙන්
කැඩූ අසරණයින්ට බරපතල සිරදඬුවම් දෙන රටක මහා පරිමාණයේ බරපතල අපරාධ කරන
දේශපාලන බලය හිමි පන්තියට දඬුවම් දෙන්නට තරමට ඇස් බැඳගෙන කඩුව අහසට දිගු
කරගෙන අළුත්කඩේ නෝනාට තවමත් කොන්දක් නැත.
ආසන්න
දිනයක සිඳු වූ එවැනිම සිද්ධිය වන්නේ බ්‍රිතාන්‍ය ජාතික පුරවැසියකු වූ ඩයනා
ගමගේ වෙත නීතියෙන් හිමි කරන ලද වරප්‍රසාදයයි.ඒ සඳහා මැදිහත් වූයේ නීතිය හා
සාමය බාර අමාත්‍යය ටිරාන් අලස්ය.මේ වරප්‍රසාදය නිසා ඩයනා ගමගේ තමාට අහිමිව
තිබූ ශ්‍රී ලංකා පුරවැසිකම ලබා ගෙන ඇති බව වාර්තා වේ.ඇයට නැවත ශ්‍රී
ලාංකික පුරවැසිකම ලබා ගැනීමට වැය වන්නට ඇත්තේ ඩොලර් 1000ක මුදලක් පමණක් විය
හැකිය.ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය ජාතික පුරවැසියකු බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන්
විනිශ්චය කර තීන්දුව දෙන දිනයට පෙර දින ජනපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස්
අනුව ඇයගේ නිදහස සදහා නීතිය හා සාමය බාර අමාත්‍යවරයා මෙරට වාස වීසා සඳහා
නියෝග සංශෝධනය කරන ලදී.එම වාස වීසා නියෝග පරිදි ඩයනා ගමගේ හට මෙරට
පුරවැසිකම ලබා ගන්නට හැකි වූයේ හැරෙන තැපෑලෙනි.
කොටින්ම කියතොත්
ජනපතිවරයා හා ටිරාන් අලස් මෙරට වාස වීසා නීතිය ගැහැණියකගේ රට ජංගියක
වටිනාකමට යටත්ව සංශෝධනය කෙරුවේය.හෙට අනිද්දා වන විට ඩයනා ගමගේ ආණ්ඩුකාර
කමකට පවා පත් කරන්නට ඉඩ තිබේ.
මේ සිද්ධීන් එකින් එක පෙළ ගස්වන විට අපට ලියන්නට ඇත්තේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියා පමණය.
Comments
Post a Comment