සජිත් සමග විවාදයට අනුර සූදානම්- ඒත් සජිත් නිහඬයි
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතර හෙට (06)දින පැවැත්වීමට නියමිත විවාදයට තම පක්ෂයේ නායකයා වන අනුර කුමාර දිසානායක සහභාගිවන බව ස්වාධීන රූපවාහිනී සේවය වෙත අද සවස ලිඛිතව දැනුම් දී තිබේ.ජාතික ජනබලවේගයේ දේශපාලන බල මණ්ඩල සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ අත්සනින් යුතු ලිපියක් මගින් ඒ බව සඳහන් කර ස්වාධීන රූපවාහිනී සේවයට දැනුම් දී ඇති බව අනාවරණය වේ.මෙම විවාදයට පහසුකම් සැළසීම සමිබන්ධව ස්වාධීන රූපවාහිනී සේවයට ස්තූති කර ඇති මේ ලිපියේ මෙම විවාදය පෙර ප්‍රකාශිත විවාදයක් බැවින් සමගි ජන බලවේගයේ නායකයා විවාදයට සහභාගි වන්නේද යන්න දැනුම් දෙන ලෙසටද ඉල්ලා ඇත.අප වෙත වාර්තා වී ඇති පරිදි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මෙම විවාදයට සහභාගිවන බව මෙතෙක් දන්වා නැත.එහිදී අපට වැඩිදුරටත් දැන ගැන්මට ලැබී ඇත්තේ නායකයන් දෙදෙනා අතර විවාදයක් පැවැත්වීමට දිගින් දිගටම මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක වෙත අභියෝග කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාරද මේ වන විට දැඩි නිහඬියාවකින් සිටින බවය.මෙම විවාදය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස හා පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර අතර මත ගැටුමක් පවා ඇති වී බව පැවසේ.නලින් බණ්ඩාර විසින් පසුගිය දිනවලදී සජිත් ප්‍රේමදාස වෙත අවස්ථා ගණනාවකදී දුරකථන ඇමතුම් ගණනාවක් ගෙන ඇතත් මේ මත ගැටුම හේතුවෙන් ඔහු හට සිය පක්ෂ නායකයා වූ සජිත් ප්‍රේමදාස සම්බන්ධවී නැති බවද වාර්තා වේ.සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මෙරට රූපවාහිනී ආයතන වලින් ප්‍රචාරය කෙරෙන කිසිදු සංවාදාත්මක වැඩ සටහනකට මෙතෙක් සහභාගී වී නැති බව අප හට නිරීක්ෂණය වී තිබෙි.මේ හේතුව නිසා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ජාතික ජන බලවේගයේ නායකයා සමග විවාදයට නොපැමිනෙනු ඇති බවට අපට සැකයක් පවතී
Comments
Post a Comment