යුද්ධයට එරෙහිව ශ්‍රී ලාංකික හදවතක දෝංකාරය ස්විස්ටර්ලන්තයේදී


 
"....යුද්⁣දයෙන් සාමය උදා කරන්නට නොහැකි බවට මා එදා සමාජය තුළ හඬ නැගුවෙමි.මගේ හෘද සාක්ෂිය යුද්ධය නිසා විනාශ වන මිනිස් ජීවිත පිළිබඳව නිරන්තරයෙන් කම්පනයට පත් විය.මා එදා දුටුවේ අප උපන් භූමියේ සිද්ධ වූ උතුරු නැගෙනහිර පැවැති යුද්ධයෙන් සිඳු වූ මහා මිනිස් සංහාරයයි.ඒ නිසාම එදවස පැවැති මිනීමරු රාජපක්ෂ ආණ්ඩුව මා ත්‍රස්තවාදියකු ලෙස හංවඩු තබා මගේ ජීවිතය විනාශ කරන්නට කුරුමානම් ඇල්ලූහ.එහෙත් මගේ ජීවිතය සිල්ලරට මේ මෙලේච්ඡ මිනිස් ඝාතකයන්ට උදුරාගැනීමට මම ඉඩ නොතැබීමි.මම රටින් පැන ආවෙමි.



අප වැනි මිනිසුන්ට රැකවරණය දෙන සැබෑ මිනිසුන් ජීවත්වන රටවල් මේ ලෝකයේ තවමත් ජීවමානව පවතී.මා දැන් නිදහසේ හුස්ම ගනිමි.ඒ මේ සුන්දර රටවල මනුෂ්‍යත්වය දන්නා දෙවිවරුන් වැනි මිනිසුන් අතරේය.

මෙලේච්ඡ ගෝත්‍රිකයන් මෙන් සිදු කරන අති අමානුෂික යුද්ධ වලට එරෙහිව මා තවමත් කොන්දේසි විරහිතව පෙනී සිටිමි.ගාසා වල මේ වන විට පවතින යුද්ධය මාගේ හදවත බරපතල ආකාරයෙන් කම්පා කරවමින් තිබේ.

සැබෑවටම මේ වේදනාකාරී කම්පනය දැනෙන්නේ මට පමණක් නොවේ.මා වැනි දස දහස් ගණන් මිනිසුන් මේ  ලෝකයේ තවමත් ජීවත් වේ.ඔවුන්ගේ හඬ ජේසු ස්වාමි දරුවන්ගේ කරුණාබර හඬය.බුදුන් වහන්සේ ගේ මෛත්‍රීයේ හඬය.අල්ලා දෙවිඳුන්ගේ සාමදානයේ හඩය.මහා ශිවගේ ආශීර්වාදයේ හඬය.

මේ මහ පොළවේ සාමය, සංහිඳියාව  හා ආරක්ෂාව තහවුරු කර ගත යුත්තේ යුද්ධයෙන් නොවන බව මම අදහමි.මා වැනිම මිනිසුන් වූ අපි තරයේ විශ්වාස කරමු.සාමය හා සංහිඳියාව සදහා ජාතීන් අතර ඇති විය යුතු වන්නේ සහෝදරත්වයේ දේශපාලනික සාකච්ඡාය....."

ලංකා දවස සමග මෙසේ හඬ අවදි කෙරුවේ ස්විස්⁣ටර්ලන්තයේ ජීවත්වන ශ්‍රී ලාංකික පුරවැසියකු වන සරත් මද්දුමගේ සහෝදරයාය.ඔහු ⁣⁣කුරුරි යුද්දයට එරෙහිව පෙනී සිටින මිනිිිිසෙකි.
වර්තමානයේ ගාසාහී සිදුවන මෙලේච්ච මිනිස් ඝාතනයන් ගැන ඔහු දැඩි ලෙස කම්පාවට පත් වී සිටී.ඔහු පවසන ආකාරය⁣ට පසුගිය මාස හය තුළදී ජනමාධ්‍යවේදීන් 97 දෙනෙකු හා ඔවුන්ගේ පවුල්වල සියළුම දෙනා ඝාතනයට ලක් වී තිබේ. 

පසුගිය මැයි මාසයේ 03 වන දින ස්විස්ටර්ලන්තයේ  St- Gallen ප්‍රාන්තයේදී ජාතිවාදයට එරෙහිවූවන්ගේ සංවිධානයේ සංවිධායකත්වයෙන් සරත් මද්දුමගේ නිර්මාණය කළ චිත්‍ර ප්‍රදර්ශනයක් ඇරඹිනි.එම චිත්‍ර ප්‍රදර්ශනය තවමත් පැවැත්වෙන අතර ඉන් ලබන සම්පූර්ණ ආදායම ගාසා හි යුද්ධය නිසා අසරණ වී සිටින දරුවන්ගේ සුභසාධනයට පරිත්‍යාග කරන බව සරත් මද්දුමගේ සහෝදරයා පවසයි.
මේ මාසයේ 28 වන දින Frauenfelad ප්‍රාන්තයේදීද මෙම චිත්‍ර ප්‍රදර්ශනය පැවැත්වීමට ඔහු අපේක්ෂාවෙන් සිටී.එම ප්‍රදර්ශනයෙන් ලැබෙන ආදායම ශ්‍රී ලංකාවේ අසරණ දරුවන්ගේ සුභ සාධනය සඳහා පරිත්‍යාග කිරීමට සරත් මද්දුමගේ සහෝදරයා අපේක්ෂාවෙන් සිටී.   

නහීවේරේන වේරානී
සම්මන්තීද කුදාචනං
අවේරනච සම්මන්තී
ඒස ධම්ම⁣මෝ සන්තනෝ

(බුදුන් වහන්සේ)

ලංකා දවස සරත් මද්දුමගේ සහෝදරයාට අපගේ ආචාරය පුද කර සිටී

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්